අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Bathroom & Tile අල්ලන හැටි :

    ගෙදරට ෆවුන්ඩේෂන් එක දාන්න කලින් ඩ්රේනේජ් බට ටිකයි බාත්රූම් වල ඉන්ලට් and outlet බට ටිකයි වලල ගන්න නම් අමතක කරන්න එපා පුතේ. බාසුන්නහෙලා කියනවා ඒවට කලබල වෙන්න එපා මහත්තය කියල. උන් කියන දේවල් සත පහකට ගණන් ගන්න එපා. they dont have a contingency plan when they forget something!
    බාත්රූම් වල පොලව මට්ටම අනිවාර්යෙන්ම සාමාන්ය පොලව මට්ටමට වඩා අඟල් දෙකක්වත් පහලට දාපන්. ඊට පස්සෙ ෂවර් ඒරියා එක තව අඟලක් පහලට දාපන්. you have consider these things at the very beging!
    බිල්ට් ඉන් ෂවර් කියුබිකල් ගන්න එපා. හොඳ වීදුරු වැඩ කරන එකෙකුට කියල ටෙම්ප්ර්ඩ් ග්ලාසස් වලින් වැඩේ කරපන්.

    සින්ක් එක කවදාවත් ෆුල් පෙඩස්ටල් එකක් දාන්න එපා. ෆ්ලෝ එක හරියට ක්ලීන් කරන්න බැරි වෙනවා. You can have a hanging sink or a semi pedastal one. It would be great if you could have concealed cistern type toilet.
    බාත්රූම් එක හෝදලා පිරිසිදු කරන්නෙ නැතුව අතු ගාල (sweap) පිරිසිදු කරන්න පුළුවන් විදිහට ඩ්රයි තියාගන්න පුළුවන් විදිහට හදපන්.

    බාත්රූම් එකට විශාල ජනේලයක් දාපන්. හුන්ඩු ජනෙල් දාපු කාලේ ගියා.
    නෑ බන් බිත්ති වල තාමනම් අවුලක් නෑ. ඒ උනාට දන්න මිනිස්සුන්ගෙ ගෙවල් වල එහෙම වෝටර් පැචස් හිටින්නෙ නෑනෙ බන්. ගොඩක් මිනිස්සු blind walls දාන්නෙ නැත්තෙ ඒකයි.

    බත්රූම්ස් පොළොවේ මට්ටමට වඩා අඩුවට දාන්න කිවුවෙ මචන් සාමන්ය ගේ ඇතුලෙ තියන ටයිල් මට්ටමට වඩා අඩුව. නැතුව එළියේ ගාඩ්න් එකේ පොලොව මට්ටම නෙමේ.
    ස්ලොප් එකනම් ඉතින් කිවුවත් නැතත් තියනවනේ.

    මගේ බාත්රූම් දෙකක් තියනවා 8 X 4 ඒකෙ 4 තියන පැත්තට 1.5' X 3' වගේ ජනේල දාල තියෙන්නෙ. ජනේලෙ තියන අන්තිම කෙලවරේ තමයි ෂවර් එක තියෙන්නෙ. ජනේලෙට ෂවර් කර්ට්න් එකක් දාල තියෙන්නෙ තෙමෙන්නෙ නැති වෙන්න. ඊට පස්සෙ ෂවර් එක කියුබිකල් එක හැදෙන විදිහට එක පැත්තකින් අඩි 2 විතර ග්ලාස් ඩෝ එකක් සහ ෆික්ස් ග්ලාස් එකක් දාල තියෙන්නෙ. දොර ලඟම තියෙන්නෙ සින්ක් එක. සින්ක් එකයි ෂවර් එකයි මැද්දෙ තමයි ටොයිලට් එක තියෙන්නෙ. ටොයිලට් එක ඉස්සරහින් ෂවර් එකට යන්න හොඳටම ඉඩ ඇති. උඹ කැමතිනම් ඉතුරු අඩියත් අල්ලපු කාමරේකට දෙන්න පුළුවන්.

    බාත්රූම් එක ඇතුලෙ ෆ්ලෝ එකේ උස වෙනස්වෙන ගැප් එන ඒවා ප්ලෑන් එකේ පෙන්නන බෑ. ඒවා උඹ ළඟ ඉඳල බාස්ට කියල කරගන්න ඕන.

    අනික බාත්රූම් එකේ මිරර් එක උඩට ලයිට් එකක් දා ගන්න වයරින් කරගන්න අමතක කරන්න එපා. බාත්රූම් එකේ ලයිට් එක රූම් එක ඇතුලට යන්න කලින් දොර ළඟ පිට පැත්තට දාපන්. මිරර් එකේ ලයිට් එක ඇතුලෙන් දාන්න සෙට් කරපන්.

    ටෙම්ප්ර්ඩ් ග්ලාස් දාල කියුබිකල් එක හදපුවම ෂවර් ට්‍රේ එකක් දාන්න ඕන වෙන්නෙ නෑ. බිල්ට් ඉන් කියුබිකල් වල ට්‍රේ ගොඩක් උස හින්ද ගොනා වගේ (ස්ටේජ් එකකට නගිනවා වගේ) . ලෝ ප්‍රොෆයිල් ෂවර් ට්‍රේ ලංකාවේ ගන්න නෑ. තිබුනත් පට්ට ගණන්.

    පෙඩස්ටල් සින්ක් කියන්නෙ යටට යනකන්ම කනුව තියන එක. සෙමි පෙඩස්ටල් කියන සින්ක් එක බිත්තියට බ්‍රකට් වලින් හයි කරන්නෙ. යට තියන බට සෙට් එක වැහෙන්න අඩියක් විතර සෙරමික් කැල්ලක් තියනවා.

    ජනෙල් තෙමෙන්නෙ නැති වෙන්න ගෙදර අනිත් තැන් වලට දාපු විදිහෙම කර්ට්න් පෝල් එකක් දාල ටයිල් වලට ගැලපෙන ෂවර් කර්ට්න් එකක් දැම්ම. නාන වෙලාවට කර්ට්න් එක වහල නානවා.
    පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නෑ.

    බාත්රූම් එකට බට දාල වහන්න කලින් වෝටර් සප්ලයි දීල ලීක්ස් වලට එහෙම චෙක් කරලා ඉවර වෙලා ඕන වහන්න. බාස්ලා ඕව කරන්නෙ නෑ. ටෙස්ට් කරන්නෙ නැතුව ඔක්කොම ඉවර වෙලා සප්ලයි දීල අවුලක් තිබුනොත් ටයිල් කඩමු කියනවා.


    Vanity unit ekak daana eka hondaida?


    මචන් ඕව පෙනුමට ලස්සනම උනාට....ඕව හදල පස්සේ maintain කරන්න ගියාම තමයි කුණුහරප මතක් වෙන්නේ....

    පුළුවන් තරම් classic කරන්න බලපන්.....ඕනවට වැඩ වැඩි වෙනකොට කැඩෙන්න තියෙන කෑලි වැඩි වෙනවා....

    ඒවා හදන්න වෙනම account එකක් maintain කරන්න ඕනේ.....


    මමනම් කියන්නෙ අනිවාර්යෙන්ම බාත්රූම් එකට කබඩ් එකක් ඕන. ඒක හදන විදිහ මම පස්සෙ කියන්න හිටියෙ. කබඩ් එකක් නැති උනාම බාත්රූම් ඒක ඇතුලෙ හැම තැනම එක එක්කෙනාගේ බඩු සහ ක්ලීනින් බඩු. සින්ක් එක යටට දානවනම් සමහර අය කරනවා වගේ ගඩොල් වලින් එහෙම බඳින්න එපා. ඒවට වෙනම බාත්රූම් ෆ්ර්නිච්ර් තියනවා. තමන් හදනවනම් හොඳම වැඩ කාරයෙකුට කියල හදාගන වතුරට ඔරොත්තු දෙන විදිහට පාවිච්චි කරන්න ඕන. අනිවාර්යෙන්ම කබඩ් එක වෝල් හැන්ග් කරන්න ඕන. නැත්නම් කාලයක් යනකොට අඩිය දිරනවා.

    බාත්රූම් එකේ පොලොව පාත් කරන්නේ නිතරම වතුර වැඩි ප්රමාණයක් එකේ තියෙන නිසය්. අනික බාත්රූම් එක හෝදන වෙලාවට/etc. ගෙට වතුර එන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ගෙය් tile ලෙවෙල් එකේ ඉඳන් අඟල් 1-1.5 විතර අඩු කරන්න ඕන දොර පැත්තෙන්. ඊට පස්සේ ස්ලෝප් වෙලා අය්ත් තව අඟල් 1-1.5 විතර අඩු කරන්න shower එකට. shower එකේ ඇතුල අය්ත් හැමපැත්තෙන්ම ස්ලෝප් වෙලා යනවා වතුර බහින තැනට.

    Code:
               ||
               ||දොර 
    _බිම_||
                |________
                                  |___shower___

    ඕක හරියට කරන්න toilet බට වතුර බට හරියට දාන්න ප්ලෑන් කරන්න ඕනේ. ඒවා යන්න ඕනේ shower ලෙවෙල් එකටත් යටින්.

    හරියට කරහම බාත්රූම් එක වේලනවා ටක් ගාලා.

    තව එකක්, ඔය බාත්රූම් floor එක පාත් කරන එකය්, බට හරියට දාන එකය් හොඳටම බලන්න ඕන උඩ තට්ටු වලදී.
    ස්ලැබ් එක දාන කොටම concrete මට්ටම බාත්රූම් එකේ අඩු වෙන්න ඕනේ (නැත්තන් ඕක කරන්න බෑ concrete කඩල අය්න් කරන්නේ නැතුව). තව කිට්ටුව beam එනවනම් ඒවත් අඋලක් නැති වෙන්න ඕනේ.

    උඩ බාත්රූම් වල බට එන ලෙවෙල්, එලියට ගන්නේ කොහෙන්ද කියල හොඳට බලන්න ඕන plan එක අඳිනකොටම. බිත්ති බැඳලා, ස්ලැබ් දාල බලනකොට පරක්කු වැඩි වෙන්න පුළුවන්.

    හරියට හරි. උඩ තට්ටුවෙ ස්ලැබ් එක දාන්න කලින් බාත් රූම් වල බට යන විදිහ කතා කරගෙන ඉන්න ඕන.
    මගේ ගෙදර කිසිම තැනකින් ගෙදර බිත්ති උඩින් බට ගිහිල්ල නෑ.
    අපේ ගෙදරට ඉස්සරහ පැත්තෙන් සහ පිටිපස්ස පැත්තෙන් පාරවල් දෙකක් තියනවා. බිත්ති දිගේ බට ගිහිල්ල නැති හින්ද ගෙදර ඉස්සරහ විදිහට දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියනවා. අනික ගෙදර පිටි පස්ස උනත් කැතට හදන්න මම කැමති උනේ නෑ.
    මගේ යාලුවෙක් ඉන්නවා බගතලේ රෝඩ් එකේ. පිස්සු හැදෙන ගෙයක් තියෙන්නෙ හැබැයි ගෙදර පිටිපස්සේ බිත්තිය මකුළු දැලක් වගේ බට වලින් පිරිලා.
    ඒ හින්ද මම අනුමත කරන්නෙ සියලුම බට බිත්ති ඇතුලෙන් ගන්න ඕන. ඒ හින්ද අවශ්ය බිත්ති අඟල් 9 ට බඳින්න මුල ඉඳන්ම ප්ලෑන් කරගන්න ඕන.


    uda thattuwe bathroom eke slab eke ganakama aduwenawa neda?

    මටත් ඔය ප්රශ්නෙ ආව. මම කරේ ස්ලැබ් එකේ උඩ වටේට ලී වලින් කොටුවක් හදල කොටුව ඇතුලට අඟලක් විතර කොන්ක්රීට් අඩුවෙන් දැම්ම. ඉතුරු ගැප් ටික ටයිල් කරන වෙලාවෙදි බදාම කපනකොට සහ ටයිල් අල්ලද්දී ගොඩ දා ගත්ත.
    අම්මලාගේ ගෙදර ඇනෙක්ස් එකක් හදනකොටනම් සම්පූර්ණ ස්ලැබ් එකම එතැනදී අඟල් 4 විතර පාත් කරලා ෂටරිම ගහල වැඩේ කරන්න පුළුවන් තැනක් උනා.
    උඹගේ කණු එන විදිහ බලල උඹ තීරණේ කරපන් මොකද්ද ගැලපෙන ක්‍රමේ කියල.
    මේ ගැන ස්ට්‍රක්චරල් ඉන්ජෙක් ගෙන් ඇහුවත් කමක් නෑ.
    ෂවර් ඒරියා එකට ලොකු බරක් වැටෙන්නෙ නැති නිසා තමයි මම එතනින් අඟලක් අයින් කරේ.


    බාත්රූම් එකේ ෂවර් එක එන බිත්තියට විතරක් මොසායික් ස්ටයිල් එකේ ටයිල් එකක් අනිත් ටයිල් වල කලර්ස් වලට මැච් කරලා අල්ලපන්.

    ගෙදර ටයිල් කරනකොට ටයිල් දෙකක් ඍජුකෝනීයව මුණගැහෙන තැන් වලට සමහර ගෙවල් වල ප්ලාස්ටික් බීඩින් එකක් දාල තියනවා මම දැකල තියනවා. ඒක විතර කැත දෙයක් මට හිතාගන්නවත් බෑ. ඒ වගේ තැන් වලට වෙනම edging ටයිල් තියනවා (පඩි පෙලක්නම් ඒකට පඩියේ සයිස් එකට දාන්න පුළුවන් ස්පෙෂල් තනි ටයිල් ගන්න තියනවා). ලංකාවේ edging ටයිල් හොයාගන්න නැත්නම් ටයිල් බාස් ට කියන්න ටයිල් දෙක angle වෙන්න ග්රයින්ඩ් කරලා මූට්ටු කරන්න කියල. edge එකට වැඩිපුර කොලොප්පු දාල edge එක එන තැන වැඩිපුර ශක්තිමත්ව තියා ගන්න.
    මමනම් කැමති බිම ටයිල් කරලා ස්ක්ර්ටින් එක ලී වලින් කරන්න. ඒ උනාට ලී පෙනුම තියන ටයිල් එකක් උනත් අවුලක් නෑ. හැබැයි ටයිල් වලින් ස්ක්ර්ටින් එක කරනවානම් බිත්තියයි ස්කර්ටින් ටයිල් එකයි අතර කොලොප්පු දාන පරතරේ අවම වෙන්න ඕන. නැත්නම් හරිම කැතයි. අනික තමයි ස්ටෙප් එකක් එන තැන් වල ස්ක්ර්ටින් ටයිල් එක හරි විදිහට රේඛා මූට්ටු වෙන්න ඍජුකෝනීයව අල්ලන්න ඕන.


    :D:D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    avatar496236_6.gif
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හම්මෝ ගෙදර හදල පදිංචි උනා යන්තන් අවුරුදු 7කට පස්සේ. තවම ස්පෝක් වලින් යන්නෙ මොකද බාස්ලට කොටස් වශයෙන් බිල් බේරන්න තියෙන නිසා....
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    හම්මෝ ගෙදර හදල පදිංචි උනා යන්තන් අවුරුදු 7කට පස්සේ. තවම ස්පෝක් වලින් යන්නෙ මොකද බාස්ලට කොටස් වශයෙන් බිල් බේරන්න තියෙන නිසා....

    Mageth thama yata thattuwa iwara karaganna bari una.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හම්මෝ ගෙදර හදල පදිංචි උනා යන්තන් අවුරුදු 7කට පස්සේ. තවම ස්පෝක් වලින් යන්නෙ මොකද බාස්ලට කොටස් වශයෙන් බිල් බේරන්න තියෙන නිසා....
    ela ela.... :):)