අද ටිකක් කලින් ඇහැරුනා. තේ එකක් බීලා පොඩි බඩගින්නක් ආව නිසා බිස්කට් ටිකක් කාලා ටිකක් කිරියෙත් කැරකිලා යූටියුබ් වීඩියෝ එකක් බලන්න ගත්තම ආයෙ නිදිමතක් ඇල්ලුවා. ඒ ගමන ෆෝන් එකත් අරන් පොඩ්ඩක් ඇල උනා. වීඩියෝ එක බල බලම නින්ද ගියා.
හීනයක් පේන්න ගත්තා. කිසිම වැඩකට නැති විකාර තිබ්බෙ. මං පාරෙ ඇවිදගෙන යනකොට ලොරියක් යනවා ඉස්සරහ රෝදයක් නෑ. රෝදෙ ගලෝනකොට බිමට රිම් එකක් හරහට තියල ඒක උඩ කොට කෑල්ලක් තියල ඒක උඩ ඇක්සලේ තියල ගලෝල තියෙන්නෙ. ලොරිය යනවා පාරෙ, අර රිම් එක බිම ඇතිල්ලීගෙන යනව ගින්දර විදගෙන
ඉස්පිරිතාලෙක/මල්ශාලාවක මෝචරියක ඉන්නව දැක්කා. එතකොට මං බය උනා මොනෞත්තක්ද යකෝ මේ කියල. තව මොනව පෙනෙයිද දන්නෑ ඉක්මනට ඇහැරෙන්න ඕන කියල හිතුනා. (ඉන්නෙ හීනෙක කියල තේරුනා හොඳට) 3 2 1 ගැනල 1දි ඇහැරෙන්න ඕන කියල හිතලා එහෙම ගැන්නා. 1දි ඇස් අරින්න බෑ. ඒ ගමන ඇඟිලි වලින් ඇස් පිල්ලම් බලෙන් ඇරියොත් හරි කියල හිතිල එහෙම ඇරල ඇහැරුනා. ඇහැරෙද්දි ඇගම වෙවුලනව වගේ දැනුන.
හැබැයි ඇහැරිලා බලද්දි කිසි හැලහොල්මනක් නෑ. ඇස් අරින්න ඇඟිලි වලින් ඇහි පිල්ලම් උස්සලත් නෑ.