අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මහින්දගෙන් අහන්න ඕන ඒවා මහින්දගේ නම කියලම අහනවනේ. රටේ අනාගත ජනාධිපති වෙන්න ඉන්න කෙනා නේද ගෝටා. ඇයි එයාගෙන් අහන ඒවාට මහින්ද පනින්නේ ?

    එක අවස්තාවක් විතරයි විපක්ශනායක එහෙම උත්‍තර දුන්නෙ..අනික මහින්දට ගෝටාට වඩා දේශපාලනික අත්දැකීම් වැඩි ...අනික ඒවෙලවෙ ඇහුවෙ කලින් my3 කරා වගේ අගමැති මාරු කරනවද කියලා පත්වුනු ගමන් කොහොමත් මහින්දව අගමැති හැටියට පොහොට්ටුව නම් කරල තියෙන හින්ද. ඒකට හරි උත්තරේ මහින්දම දුන්න. පැන පැන උත්තර දෙන්න ගිහින් ඇන ගත්තෙ නෑනෙ...
    අනික මහේශ් හෝ අනුර ඕනතරන් අතාතවික උත්තර දෙන්න පුලුවන් ජනාදිපති වෙන්නෙ නෑනෙ.. හැබැයි ගෝටට චාන්ස් තියෙනවා ඉතින් පුතානෝ වගේ මෝඩ චූන් බෑ
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ටැබ්ලට් යූස් කලාම වඳ භාවයට පත්වෙනවා කියපු පොරක් ඉන්නවා වාගෙ

    72676041_2470264696376136_5553945175371284480_n.jpg
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මේන්න ගෝටා හැමතැනම පොස්ට ගහන එක නවත්තපු එකට කිව්ව කතාව



    https://youtu.be/Cn4DA3S-1Tc
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මේන්න ගෝටා හැමතැනම පොස්ට ගහන එක නවත්තපු එකට කිව්ව කතාව



    https://youtu.be/Cn4DA3S-1Tc
    වෙලාවට අහන ප්‍රශ්න ටික කලින්ම හම්බවුනේ නැත්තන් චතුර වගේ බා බා
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    වාසියේදී ‘යුද්ධ කළේ අයියයි මමයි’ ; අවාසියේදී ‘යුද්ධ කළේ අපි නොවේ හමුදාපතියි’ -ගෝඨා මාධ්‍ය හමුවේදී ඇන ගනී..!

    ‘ගෝඨාස් වෝ’ නමින් පොත් ලියවා ගනිමින් යුද්ධ කෙළේ තමාත් අයියාත් බව බෑඟිරි ගහන ගෝඨාභය රාජපක්ෂ අද පැවැති මාධ්‍ය හමුවක දී විදෙස් මාධ්‍යවේදිනියකගේ ප්‍රබල ප්‍රශ්නයක් හමුවේ කියා සිටියේ යුද්ධ කෙළේ තමන් හෝ අයියා නොවන බවත් යුද්ධ කෙළේ හමුදාපති බවයි.

    අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභයගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් විසින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන් අතුරුදහන් වූ බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරන බවත් සත්‍ය වශයෙන් ඔවුන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.
    ඊට පිළිතුරු දුන් ගෝඨා ප්‍රථමයෙන්ම කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.

    නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නය නඟමින් “ඔබ ආරක්ෂක ලේකම් ලෙසත් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන එල්ටීටීඊ සාමාජිකයන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

    යළිත් පිළිතුරු දුන් ගෝඨාභය කියා ඉතා පැහැදිලිව කියා සිටියේ ‘යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති’ බවයි.

    යලිත් ප්‍රශ්නය කුමක්දැයි අසා සිටි ගෝඨාභය කීවේ බාරවුනු කිසිදු එල්ටීටීඊ සාමාජිකයෙක් අතුරුදහන්ව නැති බවත් බාර වූ සියළු දෙනා පුනරුත්ථාපනය කොට යළි සමාජගත කළ බවත් කොටසක් හමුදාවට අනුයුක්ත කරගත් බවයි. අතුරුදහන් වූවන් ඉන්නේ යුද්ධය අතරතුරදී බවත් හාරදහසක පමණ යුද හමුදා සෙබලුන්ද යුද්ධයේ දී අතුරුදහන්ව ඇති බවත් ‌ගෝඨාභය කීය.

    එවිට මාධ්‍යවේදිනිය යළිත් ප්‍රශ්න කෙළේ ‘ඒසේ නම් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් බොරු කියන්නේද?” යනුවෙනි. ඊට ඍජු පිළිතුරක් ගෝඨාභය නොදුන් අතර ඔහු කීවේ එය චෝදනාවක් පමණක් බවත් එවැනි අතුරුදහන් කිසිවෙකු ගැන තොරතුරු වාර්තා නැති බවයි.

    ඊට පිළිතුරු දෙමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ රාජපක්ෂ යුගයේ පත් කළ පරණගම කොමිෂන් සභා වාර්තාවේ එවැනි අතුරුදහන් වූ අයගේ නම් ගම්, බාර වූ ස්ථාන, දින ආදිය ගැන පැහැදිලිව සඳහන්ව තිබෙන බවයි. ‌ගොලු වූ ‌ගෝඨාභය ඒ ගැන තමන් නොදන්නා බව කියා සිටියේ ය.

    පසුව ගෝඨාභය කීවේ අතීතය ගැන ප්‍රශ්න නොඅසන ලෙසත් තමන් පැමිණෙන්නේ අනාගතය ගැන ක්‍රියා කරන ජනාධිපතිවරයා ලෙස පත්වීමට බවයි. මුළු මාධ්‍ය හමුව පුරා අසන ප්‍රශ්නයට ‘යන්නෙ කොහෙද? මල්ලෙ පොල්’ ජාතියේ පිළිතුරු දුන් ගෝඨාභය තවත් බොහෝ ප්‍රශ්න වලදී පසෙක සිටි තම අයියා මහින්දගේ මුහුණ බලමින් ඔහුගෙන් පිළිතුරු අයැද සිටීම කැපී ‌පෙණුනු කාරණයක් විය.


    72650678_2705383036193511_7767799713205583872_n.jpg
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඇයි සජිත් කිව්වේ ජනාදිපති වැටුප මහා භාණ්ඩාගාරයට දිල සහන දෙන්න ඕනේ මුදල් හොයා ගන්නවා කියල, ගෝටට කොයින්ද එච්චර මොලයක්.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    72403551_1123327021390731_4674042213351555072_n.jpg


    මගෙන්ම ප‍්‍රශ්න අහන්න එපා;
    අනිත් අයගෙනුත් අහන්න.

    https://www.facebook.com/headlinenewslk/videos/423891038313000/

    meka SLPP sakachchawakne. itin anik ungenuth prasna ahanna kiyana eka awulda?
    anika gota kiwwe gota army eka lead kale na kiyalane. war ekak gana nemene.

    umba me wage gon post dagena methana thread arinawata keeyak gewana wada?
    umba hithan hitan inne methana inna ewun umbe oya post kiyawala gota ta chande nodee indee kiyalada? :rofl::rofl:

    this is not 2015 ban
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහපු ප්‍රශ්නයකට දුන්න උත්තරේක කොටසක් විතරක් පාවිච්චි කරල මඩ ගහන්න කලින් සම්පූර්ණ කතාවම අහල තේරුම් ගන්න.

    ද හින්දු පුවත්පතේ මීරා ශ්‍රීනිවාසන් මාධ්‍යවේදිනිය අහපු ප්‍රශ්නෙ වැරදියි. ගෝඨාභය කළෙ ඒ අහපු ප්‍රශ්නෙ වැරදි බව මුලින්ම පෙන්නල දුන්න එකයි. මාධ්‍යවේදිනිය ප්‍රශ්නෙ නැවත අහනවා නිවැරදි කරල "හරි, ඔබ හමුදාවට නායකත්වය දුන්න නෙවෙයි, ඔබ ආරක්ෂක ලේකම්. ඒ නිසා ඔබ දැනගන්න ඕනෙ මොකද වුනෙ කියල".

    ගෝඨාභය හමුදාවට භාර වුන පුද්ගලයන්ට මොකද වුනෙ කියල උත්තර දුන්නෙ ඔහු හමුදාවට නායකත්වය දුන්න නිසා නෙවෙයි, ත්‍රිවිධ හමුදාව, පොලිස් සහ සිවිල් ආරක්ෂක අංශ අයත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විදියටයි.

    අහන ප්‍රශ්න කරකවල, වෙන බයිල ගහන වෘත්තීය දේශපාලකයො වගේ නොවී කෙලින් උත්තර දුන්න එකම වටිනවා! ගෝඨා වෘත්තීය දේශපාලකයෙක් නොවන බව තහවුරුයි.



    72485949_2451900431732824_864363443925286912_n.jpg

    ;)