බොරැල්ල අත් බෝම්බ සිද්ධියට අදාළව , ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ නිවසේ තිබී ආයුධ ගබඩාවක් සොයාගත් බවට මේ වන විට සියලු මාධ්‍යන් වල පුළුල් ලෙස ප්‍රචාරය වෙමින් පවතී.
කෙසේ වෙතත් ඒ පිළිබඳව අදාළ වෛද්‍යවරයාගේ පුතා වන ඔෂල හේරත් මහතා මීට සුළු වේලාවකට පෙර මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණයෙන් කියා සිටියේ , අදාළ ආයුධ ප්ලාස්ටික් ඒවා බවත් , ඒවා මේ රටේ නීතියට යටත් සෙල්ලම් බඩු වන බවත්ය.
එබැවින් විවිධ කුමන්ත්‍රණ කරුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් මාධ්‍ය හසුරුවන ජඩ මාධ්‍ය කරුවන්ට සහ දේශපාලන උවමනා වෙනුවෙන් තම වෘත්තීය ගරුත්වය පාවාදෙන ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ට අපගේ බලවත් විරෝධය සහ කණගාටුව ප්‍රකාශ කර සිටිමු.
Last edited:

