අයිෆා කළේ ණය වෙලා – ලෝකෙට පරකාසේ, ගෙදරට මරගා&#

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අයිෆා කළේ ණය වෙලා – ලෝකෙට පරකාසේ, ගෙදරට මරගා&#

    ඉන්දීය සිනමා උළෙල පැවැත්වීම සදහා ආණ්ඩුව මුදල් වියදම්කර ඇත්තේ ණය මුදලක් ලබා ගැනීමෙන් යැයි වාර්තාවේ. මෙම සිනමා උළෙලේ කටයුතු සදහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අලුත්වැඩියා කිරීමට රුපියල් මිලියන 430ක්ද, විලාසිතා දැක්ම සදහා රුපියල් මිලියන 40ක්ද, කොළඹ නගරය අලංකාර කිරීම සදහා රුපියල් මිලියන 10ක්ද, වියදම්වී තිබිණි. මීට අමතරව උළෙල සදහා පැමිණි නළු නිළියන්ගේ පහසුකම් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 200ක් පමණ වැයවන්නට ඇතැයි සැලකේ.
    මෙම වියදම් සොයාගැනීම සදහා සංචාරක කටයුතු අමාත්‍යංශය ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගෙන ඇත. වාර්තාවන අන්දමට ලංකා බැංකුවෙන් 14% පොලියට රුපියල් මිලියන 220ක ණය මුදලක් ලබා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය වුවහොත් ඒ ලැබෙන ලාබයෙන් මෙම මුදල පියවීමට සංචාරක අමාත්‍යංශය පොරොන්දුවී ඇත.
    අයිෆා උළෙල සදහා අධික මුදලකට ටිකට් පත් මුද්‍රණය කර තිබුණද ඒවා අපේක්ෂා කළ මට්ටමට නොවිකුනු නිසා අවසන් මොහොතේදී විශාල වශයෙන් ටිකට් පත්වල මිල අඩුකළ බව වාර්තාවේ.
     

    findingz

    Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    Kawda bn kiyanne naya wela kiyala???? Patta BoRu bnz! Profitz beda ganna baruwalu inne,Ubla me magula kiyanwa!