ලක්ෂ 5ක් විතර අඩුවෙයි
29% කින්අඩුවයි කියලයි කියන්නෙ.ecchara adu wena ekak na machan..rs 2 lak wage adu wewi mama hithanne
29% කින්අඩුවයි කියලයි කියන්නෙ.
මහින්දට මේ වෙලාවේ ඉන්දියාව වැදගත් 2013 දි තිබුන ගානට අඩුවෙයි. ඉන්දියන් ඒවා විතරයි 1000 cc අඩුවෙන් වැඩිපුර තියෙන්නෙ.මේක තනිකර ඉන්දියාව ඉලක්ක කරලා කරපු දෙයක් කියලයි මට හිතෙන්නෙ
හෙට අනිද්දට ඇඩ් කරයි මිල ගණන් දාලා
hybrid price wadi wenawalu
found this on autolanka forum.
hybrid vehicle prices went up. duty is actually reduced. but vat portion isolated from existing duty.
Toyota aqua price go up by around 110,000
Toyota Prius price would be increased by 150,000 or more
Honda vezel would be settle around 185,000 up from the current price.
Monday, 27 October 2014 - 13:41
මෙවර අයවැයෙන් ආනයනික වාහන සඳහා පැවති බදු සරල කිරීම හේතුවෙන් වෑන් රථවල මිල විශාල ප්රතිශතයකින් පහත වැටෙනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්රකාශ කළා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශ කළේ මෝටර් රථ ආනයනයේදී පැනවෙන විවිධ බදු වෙනුවට විශේෂ විධිවිධාන නිෂ්පාදන බද්දක් පැනවෙන බවයි. මෙමඟින් වාහන ආනයනය කිරීමේදී මෙතෙක් අයකළ විවිධ බදු වෙනුවට සරල බද්දක් පනවා ඇති බවයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ.
ඒ අනුව ආනයනික වෑන් රථ සඳහා සියයට 152 ක්ව පැවති ආනයනික බද්ද සියයට 98 දක්වා අඩු කර ඇති අතර මේ නිසා හයිඑස් වර්ගයේ වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10 කින් පමණ අඩුවනු ඇති බව ඔහු සඳහන් කළා.
ඉලෙක්ටි්රක් මෝටර් රථ සඳහා පනවා තිබූ බදු සියයට 38 සිට සියයට 23 දක්වා අඩුවී ඇති නිසා එවැනි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති. එන්ජින් ධාරිතාව
2000 ට අඩු හයිබි්රඞ් මෝටර් රථයක් ආනයනය කිරීමේදී පැවති බද්ද සියයට 57 ක අගයකට රැුගෙන විත් ඇති අතර මීට පෙර පැවති බද්ද වූයේ සියයට 60 ක්.
එහෙත් හයිබි්රඞ් වර්ගයේ මෝටර් රථයක මිලෙහි විශාල වෙනසක් අපේක්ෂා නොකරන බවයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ප්රකාශ කළේ. ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථවලද මිල අයවැයෙන් පහත දමා තිබෙනවා. ඒ අනුව එන්ජිත් ධාරිතාව 1000 ට අඩු කුඩා වර්ගයේ මෝටර් රථවල මිලද ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇති බව ඔහු සඳහන් කළා. ජපානය වැනි රටවලින් ආනයනය කෙරෙන පෙට්රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවලට පනවා තිබූ බදු අඩු කර ඇත්තේ සියයට 200 සිට 175 දක්වායි. කෙසේ වෙතත් හයිබි්රඞ් වර්ගයේ මෝටර් රථවල මිලට සාපේක්ෂව පෙට්රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවල මිල ඉහළ අගයක් ගන්නා බැවින් ජනතාව හයිබි්රඞ් වර්ගයේ මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹෙනු ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ.



