අර්ත් වයර් broken

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෙයින් එලියට යන අර්ත් වයර් එක බටේ ගාවින් කැඩිලා.කොහොමද මේක රෙපෙයාර් කරගන්නේ?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සාමාන්‍යයෙන් අර්ත් වයර් කැඩුනම අලුතින් සම්පූර්ණ වයර් එක දාන්න ඕන, මොකද කනෙක්ටර් දාල පූට්ටු කලාම ඔක්සයිඩ් ලේයර් එකක් හැදිලා අර්ත් නොවී තියෙන්න පුළුවන්.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    වයර් එක කැඩිච්ච තැනින් හොඳට සුද්ද කරලා අලුත් Earth Copper Rod එකකට අමුණලා Rod එක වලලන්න බැරිද?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    සාමාන්‍යයෙන් අර්ත් වයර් කැඩුනම අලුතින් සම්පූර්ණ වයර් එක දාන්න ඕන, මොකද කනෙක්ටර් දාල පූට්ටු කලාම ඔක්සයිඩ් ලේයර් එකක් හැදිලා අර්ත් නොවී තියෙන්න පුළුවන්.
    onna oka hariyata connect karapan odi lug ekak dala.
    1662115752468.png

    සාමාන්‍යයෙන් අර්ත් වයර් කැඩුනම අලුතින් සම්පූර්ණ වයර් එක දාන්න ඕන, මොකද කනෙක්ටර් දාල පූට්ටු කලාම ඔක්සයිඩ් ලේයර් එකක් හැදිලා අර්ත් නොවී තියෙන්න පුළුවන්.
    pissuda ban dan wire roll eka keyak wenwa kiyalada hitanne. 1m aduma 250 k wenwa.
    ------ Post added on Sep 2, 2022 at 4:20 PM
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අපේ ගෙදර එක පොලොවට හයි කරලා තිබ්බ යකඩ කූර ගාවින් කැඩිලා තිබ්බා. මං අලුතෙන් earth rod එකක් ගෙනාවා ගිය අවුරුද්දෙ. 800ක් උනා, දැන් නම් 1500ක්. ඕක ගෙනත් ගෙදර තියන් ඉඳලා මේ අවුරුද්දෙ තමා මට ඕක හයි කරන්න හම්බුනේ.
    D බෝඩ් එකේ ඉඳන් මුලු වයර් එකම අදිනවා කියලා හිතාගෙන එන්ක්ලෝසරේ ගැලෙව්වා. ඒත් වයරිං කරපු එකා හෙන අංජබජල් විදියකට ඒක දාලා තියෙන්නෙ (අනූ ගණන් වල වයරිං කරපු එකක්). ඒකත් එක්ක ඔට්ටු වෙන එක තේරුමක් නෑ. කොහොමත් මං පස්සෙ බෝඩ් එක අලුතින් දාන්න හිතන් ඉන්නෙ පරණ මොඩල් එක අයින් කරලා. ඒ හින්දා ඒක එහෙමම තියලා එලියට ගියා.

    එලියෙ කැඩිච්ච තැනින් වයර් එකේ කෑල්ලක් කපලා සුද්ද කරලා අලුත් එක මූට්ටු කලා (1.5m හාරසිය ගානක් උනා). ඊටපස්සෙ ලෙඩ් ටිකක් තියලා පෑස්සුවා. Heat sleeve කෑල්ලක් තියලා පොඩ්ඩක් රත් කරලා ජොයින්ට් එක සීල් කලා. වයර් එකේ අනික් කොන රොඩ් එකට හයි කරලා පොලොවට බැස්සුවා. පොලුවෙන් උඩට අගල් දෙකක් විතර තියලා ප්ලාස්ටික් බෝතලේකින් වැහුවා. මං කරේ එහෙම.
     
    • Like
    Reactions: kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාමාන්‍යයෙන් අර්ත් වයර් කැඩුනම අලුතින් සම්පූර්ණ වයර් එක දාන්න ඕන, මොකද කනෙක්ටර් දාල පූට්ටු කලාම ඔක්සයිඩ් ලේයර් එකක් හැදිලා අර්ත් නොවී තියෙන්න පුළුවන්.
    ඉස්සර SLT එකේ උන් පෝන් ලයින් එකට දාපු Rod එකක් නම් තියෙනවා.ඒක ගලවලා අරන් කලින් වයර් එකම සෙට් කලොත් මොකද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඕකෙ කොන හොඳට සුද්ද කරල වයර් කෑල්ලක් අමුනල දාන්න. අමුනන වයර් එකත් අර්ත් වයර් කෑල්ලක්ම වෙන්න ඕනෙ. නැත්තං 15A වයර් කෑල්ලක් දෙපොටම අහුවෙන විදිහට අමුනල දාන්න...

    පස්සෙ හොඳට සිලිකන්, යූහූ වගේ දේකින් ජොයින්ට් එක ඔක්සයිඩ් නොවෙන්න හරි, සීල් කරල දාන්න. එතකොට ඔක්සයිඩ් වෙන්නෙ නෑ....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකෙ කොන හොඳට සුද්ද කරල වයර් කෑල්ලක් අමුනල දාන්න. අමුනන වයර් එකත් අර්ත් වයර් කෑල්ලක්ම වෙන්න ඕනෙ. නැත්තං 15A වයර් කෑල්ලක් දෙපොටම අහුවෙන විදිහට අමුනල දාන්න...

    මේකත් Rod එකට කලින් අමුණලා වගේ තිබිලා තියෙන්නේ.

    මේකට උඩින් පේව්මන්ට් එක දාලාත් එක්ක. :baffled:

    302333138_636205147828973_6740078473323712411_n.jpg

    පස්සෙ හොඳට සිලිකන්, යූහූ වගේ දේකින් ජොයින්ට් එක ඔක්සයිඩ් නොවෙන්න හරි, සීල් කරල දාන්න. එතකොට ඔක්සයිඩ් වෙන්නෙ නෑ....
    https://www.daraz.lk/products/silicon-sealant-general-purpose-i124327928.html

    මේවාද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මේකත් Rod එකට කලින් අමුණලා වගේ තිබිලා තියෙන්නේ.

    මේකට උඩින් පේව්මන්ට් එක දාලාත් එක්ක. :baffled:

    View attachment 183227

    https://www.daraz.lk/products/silicon-sealant-general-purpose-i124327928.html

    මේවාද
    මේක හොඳයි...
    https://images.app.goo.gl/3F98jrEx9GEKByCw8

    අර්ත් කරන රොඩ් එක අලුතින් ගහනවනං, ඒක තඹ ආලේපිත යකඩ කූරක් තියෙන්නෙ.
    මගෙනං අදහස, පරණ ක්‍රමේට gi බට කෑල්ලක් ගහන්න පුලුවන්නං හොඳයි....
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක හොඳයි...
    https://images.app.goo.gl/3F98jrEx9GEKByCw8

    අර්ත් කරන රොඩ් එක අලුතින් ගහනවනං, ඒක තඹ ආලේපිත යකඩ කූරක් තියෙන්නෙ.
    මගෙනං අදහස, පරණ ක්‍රමේට gi බට කෑල්ලක් ගහන්න පුලුවන්නං හොඳයි....
    වයරින් කරලා නම් අවුරුදු 35 වගේ ඇති.

    ඔය එලියට ඇවිත් තියෙන වයර් එකට සෙට් කරන එකද හොඳ නැත්නම් බටේ පාදාගෙන අලුතින් වයර් එකක් සෙට් කරන එකද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    වයරින් කරලා නම් අවුරුදු 35 වගේ ඇති.

    ඔය එලියට ඇවිත් තියෙන වයර් එකට සෙට් කරන එකද හොඳ නැත්නම් බටේ පාදාගෙන අලුතින් වයර් එකක් සෙට් කරන එකද
    වියදම් කරල කරන්න පුලුවන්නං, වයර් එක අලුතින් දාල, අලුතින්ම බටේකුත් ගහන එක තමයි හොඳ.....

    අද කාලෙ වයර් වල ගාණත් එක්ක බලල අදහසක් මම දුන්නෙ.

    Edit,

    දැනුයි තේරුනේ අහල තියෙන එක.... බටේ දිරලද දන්නෙ නෑනෙ... පුලුවන්නං අලුතින් බට කෑල්ලක් ගහල වයර් එක මාට්ටු කරන්න....