ගෑණු දෙන්නෙකගෙන් බැණුම් අහගෙන ලමයි රොත්තකුත් නඩත්තු කරගෙන ඉන්නකොට ඉතිං කේන්ති යනවා.
ඉඳුලක් නොකා ඉඳුලක් කාලයි ඉන්නේ
සැපයක් කියා කිසිවක්නෑ හඳුනන්නේ
හැදූ මව්පියන් ගුටි බැට මයි දෙන්නේ
කුමන කරුමයද මා මේ ගෙවන්නේ
දරුවන් රකින දෙමව්පියන් බිහිවේවා
මේ වන් දුකක් දරුවන් හට නොමවේවා
කරුමය මගේ මේ උපතින් නිමවේවා
සසර වසන තුරු යලි හමු නොමවේවා
------
Post added on Jun 5, 2024 at 10:57 PM