මචන්ල මේකයි කේස් එක අපේ අල්ලපු ගෙදර ඉන්නෙ මහ ගොබ්බ හම්පඩ කොල්ලො හතර දෙනෙක්. උන් දැන් සති 3ක විතර ඉඳල ගෙදර ගන්ජ ගහනව උන්ගෙ ඉඩමෙ අයිනෙ හට් එකක් හදාගෙන. මට 100% ශුවර් ගන්ජ තමයි ගහන්නෙ කියල. දැන් අවුල වෙලා තියෙන්නෙ මේ ගඳ අපිටත් ඇවිල්ල අපිත් ලෙඩවෙන තැනට ඇවිල්ල තියෙන්නෙ. සාමාන්යෙන් මචන්ල ගන්ජ ගඳ ඈත ඉඳල ආස්වාස ප්‍රාස්වාස උනත් පොඩ්ඩක් හම වේලෙන ඇස් එහෙම ටිකක් රතුවෙන ගතිය එනව නේද. තව සමහරක් වෙලාවට නිකන් උගුර එහෙම අලවපු ගතියක් වගෙත් තියෙනව. අපේ අම්මටයි තාත්තටයිත් වයසක අය ඒගොල්ලන්ට හොඳත් නෑ මේ දුම. මට මේක පොලිසියට කියන්නත් බයයි මාව අහුවෙයි කියල. මොකද අපි මෙහෙට ඇවිල්ල තවම අවුරුදු 3 හමාරක් වගේ වෙන්නෙ මුන් ගමේ පරනම එවුන්. අපි මේ ගෙට රැවටිලා මේක ගත්තට වටේ ඉන්න එවුන් මෙච්චර සක්කිලි කියල දැනගෙන හිටියෙ නෑනෙ.දැන් මේක විකුනල යන්නත් බෑ ගෙදර මිනිස්සු කැමති නෑ ඒකට. මුන් එක්ක මේක කතාකරල විසඳගන්නත් බෑ.මේකට විසඳුමක් කියන්නකො.මේක මම පොලිසියට නිර්නාමික විදිහට කිව්වොත් මුන් මාව සැක කරයිද??



