අලියා_සිංහයන්ට_ගොදුරු_වෙයි
සිංහයන් තිදෙනකු විසින් අලියකු ගොදුරු කැර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ස්විට්සර්ලන් ජාතික හෙයිඩි හා කර්ට් ගාර් යන දෙදෙනා සමත්ව සිටිති.
සිම්බාබ්වේ වැන්ගේ ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් සිටිය දී ඔවුන් මේ දුර්ලභ දසුන දැක තිබේ. ජලය බීමට පැමිණි තරුණ අප්‍රිකානු අලියෙක් පසුපස ලුහුබැද ගිය සිංහයෙක් මේ අලියා පෙරල ගනිද්දී තවත් සිංහයෙක් සහයට පැමිණියේය. සිංහයන් දෙදෙනාට කොටුවූ අලියා මාරාන්තික සටනක නිරත වෙද්දී සිංහ ධේනුවක් ද දඩයමට එක්වීම අලියාගේ පරාජයට හේතුවක් වි ඇත.
හෙයිඩි හා කර්ට් පවසන්නේ සිංහයන් විසින් අලියා මරා දැමීමට විනාඩි 40ට ආසන්න කාලයක් ගත කළ බවයි.