අලි මිනිස් ගැටුම

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අලි මිනිස් ගැටුම

    වාසස්ථාන විනාශය වගේම අලි මිනිස් ගැටුම ඇති වෙන්න ප්‍රධානම ජීව විද්‍යාත්මක හේතුවක් ගැන තමයි මේ විස්තරය.

    අලි කියන්නේ social ඒ වගේම groups විදිහට ජීවත් වෙන සතුන්. මෙයාලගේ groups වර්ග 2ක් තියෙනවා.


    1). Family unit (පවුල් ඒකකය)

    2). Bull group (ඉලන්දාරි/ මචං කණ්ඩායම)


    1). Family unit (පවුල් ඒකකය)

    • මේ කණ්ඩායමේ නායකයා තමයි වයස්ගතම ගැහැණු කෙනා. එයාව හඳුන්වන්නේ "Matriarch" කියලා.
    • මේ කණ්ඩායමේ ඉන්නේ Matriarch සහ ඇයගෙන් පැවත එන සියළුම ගැහැණු සතුන් (විවිධ වයස් වල) සහ පොඩි පිරිමි සතුන් පමණයි. ඒ කියන්නේ මේ group එකේ වැඩිහිටි පිරිමි සතුන් නැහැ.
    • මේ කණ්ඩායම ඇතුලේ එකිනෙකා අතර හොඳ බැඳීමක් තියෙනවා.
    Elephant-family-unit-HKK1-copy.jpg


    Sexual Maturity

    ගැහැණු සතුන් අවු. 9 - 12 අතරේදී sexually mature වෙනවා. පිරිමි සතුන් ඒ තත්වෙට පත්වෙනකොට අවු.12 - 15 ක් විතර යනවා. sexually matured පිරිමි සතුන් herd එක අත ඇරලා යනවා. මෙහෙම කරනවා කියන්නේ inbreeding වෙන එක වළක්වා ගැනීමට.

    2). Bull group (ඉලන්දාරි/ මචං කණ්ඩායම)

    • family unit එක අත ඇරලා දාලා යන පිරිමි සතුන් bull group එක හදනවා. මේ group එක ඇතුලේ සතුන් අතර බැඳීම් වැඩිය ශක්තිමත් නෑ
    • සමහර අවස්ථා වල bull elephants ලා තනි තනිවමත් ජීවත් වෙනවා.
    Bull elephants.jpg


    අවු. 12 - 15 වෙනකොට bull elephant ට breeding සඳහා හැකියාව තියෙනවා. ඒ උනාට පැටවුන් බෝ කිරීම සඳහා sexually mature වීම පමණක් ප්‍රමාණවත් මදි. bull elephant කෙනෙක්ට ගැහැණු සතෙක් කරා යෑමට අනික් පිරිමි සතුන් සමඟ තරඟ කිරීමට සිද්ධ වෙනවා. මේ සඳහා ඔවුන් socially mature වෙන්න ඕනේ.

    socially mature වෙනකොට පිරිමි සතෙක්ට අවු.17 - 20 ක් විතර වෙනවා. ඒත් සාමාන්‍යයෙන් හොඳට ඇඟ පත එහෙම හදාගෙන අලියෙක් පියෙක් බවට පත්වෙනකොට අවු.30 ක් විතර වෙනවලු. ඒ කියන්නේ අවුරුදු 15 ක් විතර බලන් ඉන්න ඕනේ ගැහැණු සතෙක්ව දිනා ගන්න. අලින්ට ඕනේ මේ දීර්ඝ බලා සිටීමේ කාලය කෙටි කරගන්නලු.

    ගැහැණු සතුන් කැමති ශරීර ප්‍රමාණය ලොකු පිරිමි සතුන්ටලු. ලොකු bull elephants ලට විශේෂ ආකර්ෂණයක් ලැබෙනවලු. සාමාන්‍යයෙන් පිරිමි සතා, ගැහැණු සතාට වඩා දෙගුණයක් විතර ශරීර ප්‍රමාණයෙන් විශාලයි.


    ඉතින් පිරිමි සතුන් මේ හේතුව නිසා පෝෂණ ගුණයෙන් උසස් රසවත් ආහාර හොයනවලු කන්න. මේ නිසා තමයි bulls ලා මිනිස්සු වවන බෝග වර්ග හොයාගෙන ගම් වලට ඇදෙන්නේ. bulls ලා එන්නේ ඉතා ඉහළ මිනිස් අවදානමක් යටතට. නමුත් ඉහළ අවදානමක් සහ ඉහළ වාසියක් යන උපායමාර්ගය යටතේ. ශ්‍රී ලංකාව තුළ බෝග වලට හානි කරන අලින්ගෙන් 95 % ක්ම bull elephants ලා. ගැහැණු සතුන් සහ පැටවුන් වැඩිය දුර යන්නේ නෑ.

    ආසියාවේ වැඩිම මිනිස් සහ අලි ජනගහන ඝනත්වය තියෙන්නේ ශ්‍රී ලංකාවේ. මේ නිසා අලි මිනිස් ගැටුමත් ඉතාමත් ඉහළයි. අලි සාමාන්‍යයෙන් මිනිසුන් වවන ඕනේ දෙයක් කනවා. දැන් පොල් ගසුත් පෙරලනවා. ගෙවල් ඇතුලේ ගබඩා කරලා තියෙන දේවල් කන්න ඇවිල්ලා ගෙවලුත් කඩලා, මිනිසුන්ටත් පහර දෙනවා. මේ ගැටුම් වලින් මිනිසුන් මෙන්ම අලිත් මිය යනවා. විදුලි සැර වැදීමෙන්, වෙඩි තබා ඝාතනය කිරීමෙන්, දුම්රිය ගැටීම් වලින්, හක්ක පටාස් භාවිතා කිරීමෙන් අලින් විශාල ප්‍රමාණයක් මියයනවා. මිය ගිය මිනිස් ජීවිත බොහෝමයක් වළක්වා ගත හැකිව තිබූ ඒවලු. බීමත් කම, අලින්ගේ ඉස්සරහට යෑම වැනි හේතු නිසා මිනිසුන් වැඩි දෙනෙක් මිය යනවලු. මිය ගොස් ඇති අලින් සංඛ්‍යාව මියගිය මිනිස්සු සංඛ්‍යාවට වඩා වැඩියි.

    ගම් වල සිටින මිනිසුන්ට අලියා කියන්නේ මිනීමරුවෙක් හෝ පළිබෝධකයෙක් පමණයි. ඔවුන්ට අලියාගේ ඇති වටිනාකමක් නෑ. ශ්‍රී ලංකාවේ අලියා වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින සතෙක්. මේ සතුන් රැක ගැනීමට නම් නිවැරදි ආරක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කල යුතුයි.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    dan ara hambantota paththe ali sanrakshana kalayak kapanaw pennanne, ithin thaw wadi venaw ali minis gatum :(
     
    • Like
    Reactions: Good Heart