මෙම සටහන තැබීමට පෙර සියලුම ආකාරයේ සත්ව හිංසනයන්ට මා එරෙහි බව සඳහන් කල යුතුය.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම ගැන නොදන්නා කෙනෙක් ඇතැයි සිතිය නොහැකිය. පෞද්ගලිකව ඒ ප්‍රශ්නය මා හට අදාල නැතත්, මේ ගැන ලියන්නට සිතුනේ එහි ඇති අවිචාරාත්මක ස්වරූපය නිසාය.
වල් අලි ගම් වැදී නිවෙස් කඩා බිඳ දමමින්, වගා විනාශ කරමින්, මිනිස් ජීවිත බිලි ගනිද්දී, සිය පවුලේ ආරක්ෂාව උදෙසා
අලියෙකු මරා දැමුනොත්, ඒ පුද්ගලයා වහාම සිපිරි ගෙට යවනු ලබයි. ඒ පුද්ගලයා අලියා මරන්නේ මස් කන්නට නොවේ. එහෙත් මේ එකම රට තුල, එකම නීති සහ සදාචාරාත්මක පද්ධතියක් තුල හරකුන් මරා මස් කන්නට ලයිසන් දී තිබේ.
අලියෙකු මැරීම අපරාදයක් වන්නේත්, හරකෙකු මැරීම අපරාදයක් නොවන්නේත් කෙසේද යන්න මට සිතාගත නොහැකිය. සමහරවිට අලියා ලොකු නිසාත් හරකා පොඩි නිසාත් විය හැකිය. ප්‍රයෝජනය අතින් බලන කල නම් හරකා සිටින්නේ අලියාට වඩා ඉදිරියෙනි.
මගේ ප්‍රශ්නය මෙයයි. ආරක්ෂාව පතා වුව අලියෙකු මැරීම අපරාදයක් වන්නේත්, මස් කෑම පිණිස හරකෙකු මැරීම අපරාදයක් නොවන්නේත් කෙසේද?