ඉස්සෙල්ලම කියන්නෙ නන් කෙනෙක් හෙවත් කන්‍යා සොයුරියකගේ කතාවක්.මෙයා ඉන්න කොන්වන්ට් එක ඉස්සරහ විශාල බිල්ඩිමක් හදනවා.කම්කරුවො සිය ගාණක් එතන වැඩ.මේ අයටත් දේව වචනය කියල දෙන්න ඇහැක් නං මොන තරම් අපූරුද කියල මේ සොයුරියට කල්පනා උනා.ඒ වැඩේ ටිකක් නිර්මාණාත්මක ආකාරයකට කරන්න හිතපු කන්‍යා සොයුරිය දවසක්දා කම්කරුවො දවල් කෑමට වැඩ නවත්තපු වෙලාවෙ තමන් දවල්ට කන සැන්ඩ්විච් එකත් ඔතාගෙන මේ කම්කරුවො අතරට ගියා.කම්කරුවො රංචු ගැහිල තැන තැන කෑම කනවා.කන්‍යා සොයුරියත් ඔවුන් ළඟ වාඩිවෙන අතරම කතාව පටන් ගත්තා.
ඔය ගොල්ල ජීසස් කියල කෙනෙක් ගැන අහල තියෙනවද?
කෑම කමින් හිටපු කම්කරුවන් මූණෙන් මූණ බලාගත්තා.ටිකක් දැනුමැති කම්කරුවෙක් ඊට එහායින් හිටපු අයට උස් හඬින් කතාකළා.
මේ ඔතන ජීසස් කියල එකෙක් ඉන්නවද? ඉන්නවනං උගෙ පවුල දවල් කෑම එක අරං ඇවිත් කියපල්ලා...
+++++++++++++++++++++++++++++++++++++++++
ලංකාවෙ සංචාරයක යෙදමින් සිටි එක් විදේශික කාන්තාවක් තිබහට තේ එකක් බොන්න පාර අයිනෙ තිබ්බ ගම්බද තේ කඩේකට ගොඩවුනා.ඇය තේ බොමින් සිටියදී කරත්තයක් ඇවිත් කඩේ ළඟ නතරකරල කරත්ත කාරය කඩේ ඇතුළට ගියා.ගොනෙක් බැඳපු කරත්තයක් කවදාවත් දැක නොතිබුන මේ කාන්තාව ඒ දෙස විමතියෙන් බලද්දී එසැනින් ගොනා චොර චොර හඬින් පාර මැද විනාඩි පහක් විතර මූත්‍රා කළා.කාන්තාව මේ දර්ශනය දිහා ගල් ගැහිල බලං හිටියා.තේ බී අවසන්කළ කරත්ත කාරය කඩෙන් එළියට එනව දැක්ක කාන්තාව තමන්ගෙ මාර්ගොපදේශකයට කතාකළා.
මෙයාගෙද මේ වාහනේ?
ඔව්...
එයාගෙ ගමන ගිහිං ඉවරයි කියන්න, ඔන්න ටැංකියෙ පැට්‍රෝල් ටික ඔක්කොම ලීක් වෙලා ගියා...
+++++++++++++++++++++++++++++++++++
ලංකාවෙ සංචාරයකට පැමිණ සිටි එක විදේශීය යුවළක් කඩේක විකුණන්නට තියල තිබ්බ ලෙලි ගහපු පොල් දැකල ඒ මොනවද කියල කඩකාරයගෙන් ඇහුවම අලි බිත්තර කියල කඩකාරය උත්තර දුන්නා.බිත්තරෙන් අලි පැටව් හදාගන්නෙ කොහොමද කියල අහපුවම බිත්තරේ අරං ගිහිං කිකිළියො බිත්තර රකිනව වගේ රකින්න ඕනෑ කියපු කපටි කඩකාරය පොල් ගැන දන්නෙ නැති මේ යුවළට පොල් ගෙඩියක් විකුණලා ලොකු මුදලක් කඩාගත්තා.
මේ දෙන්නා ලාබෙට අලි පැටියෙක් ලබාගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුවෙමින් නවාතැනට ගියා.ගිහිං ඉස්සෙල්ලම කාන්තාව බිත්තරේ රකින්න පටන් ගත්තා.පැය හතර පහක් බිත්තරේ උඩ ඉඳගෙන ඉන්නකොට ඇයට ඇතිවෙලා දැන් ඔයා රකින්න කියල මනුස්සයට වැඩේ බාරදුන්නා.දැන් මිනිහා බිත්තරේ උඩ ඉඳගෙන ඉන්නව.තවත් පැය කීපයක් ගියාම මේ මිනිහටත් වැඩේ ඇතිවෙලා කාන්තාවට කතාකළා.
මේ දැන් මාත් පැය ගාණක් රැක්කනෙ අලි පැටිය දැන් නං එළියට ඇවිත් ඇති නේද?පොඩ්ඩක් ඇවිත් බලන්නකො...
කාන්තාව ඇවිත් බිත්තරේ රකින අස්සට අතදාල බලල සතුටින් කෑ ගැහුවා.
දැන් නං එනව, දැන් නං එනව, මේ බලන්නකො මේ හොඬවැල, අනේ පව් චූටි හොඬවැල.
++++++++++++++++++++++++++++++++++
ඔන්න අහුලන් කන කිකිළියෝ දෙන්නෙක් දවසක් ලොකු ඕපාදූප කතාවක්.එකෙක් වයිට් ලැගොන් අනිකා නිකං ගං කිකිළියක්.
අපට තමයි හොඳට ඉල්ලුම තියෙන්නෙ බලන්නකො අපේ බිත්තරත් ඔයාලගෙ බිත්තරවලට වඩා ලොකුයි.ගාණත් වැඩියි...
වයිට් ලැගොන් කිකිළි ලොකුකම කිව්වා.ගං කිකිළිට හරි තරහයි.
ඔයාලගෙ බිත්තරේකට කීයක් හම්බවෙනවද?
ගං කිකිළි නුරුස්නා විලාසයෙන් ඇහුවා
සත දොළහක් හම්බෙනවා.ඇයි අපේ බිත්තරේ ඔයාලගෙ ඒවාට වඩා ලොකුයිනෙ, අනික ඔයාලගෙ බිත්තරේකට හම්බෙන්නෙ සත දහයයි නේද?
වයිට් ලැගොන් කිකිළි හොට උල් කර කර කිව්වා.
අනේ අපට ඕනැ නෑ,අපට ඔය හම්බවෙන සත දහය ඇති. ඇයි සත දෙකේ වාසියට පුක ඉරා ගනිල්ලකො ...
එහෙම කියපු ගං කිකිළි ගස්සගෙන යන්න ගියා ෴

+10