අලුත් පරපුර ඉගෙනගත යුතු දේ!.............

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    අලුත් පරපුර ඉගෙනගත යුතු දේ!.............


    11200879_10206640611387323_6664583765971945399_n.jpg



    1996 ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසුව ඊලග ලෝක කුසලානය ඉතා අවාසනාවන්ත විය. ඉන්පසු පැවැත්වූ ලෝක කුසලානයත් අපට අවාසි සහගත ලෙස අවසන් විය. නමුත් අර්ජුන, අරවින්ද, රොෂාන්, ගුරුසිංහ, හෂාන්, කලූ අතපත්තු වැනි ක්‍රීඩකයන් නික්ම ගියද දෙවැනි පෙළක් සාදා තිබුණි. සනත්, මාවන්,මහේල, සංගා, වාස්, මුරලි ඇතුළු අත්දැකීම් සපිරි හයදෙනෙකු වත් කණ්ඩායම තුළ වූ නිසා ලෝක කුසලාන අවසාන මහා තරග දක්වා ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ගමන් කළේය.
    නමුත් දැන් තත්ත්වය වෙනස් ය. අත්දැකීම් සපිරි එකදු ටෙස්ට් පිතිකරුවෙකු ලංකාවට නැත. එක්දින තරග වලදී ඩිල්ෂාන්, මාලිංග හැරුණු විට අනෙක් සියලු ක්‍රීඩකයින් අලුත්ය. එබැවින් ජයග්‍රහණ ලබාගැනීම උගහටය. ලැබුණෛාතින් එය වාසනාව මතම පිහිටා ලැබෙන්නකි. මේ දෙවැනිපෙළ නැතිවූයේ තේරීම් කමිටුවේ වරදිනි. මැතිව්ස්, තිරිමාන්න, චන්දිමාල්, දිමුත් වැන්නවුන් මීට වසර 8කට පමණ පෙර සිට පුහුණුවට එක් කළේ නම් අද වනවිට සංගා මගේල හිස්තැන නොතිබෙනු ඇත. ක්‍රිකට් වලට අවශ්‍ය අත්දැකීම් මිස පොතේ දැනුම ම නොවේ..
    පොතේ දැනුම ඉස්සර පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබුණි. රොෂාන් ජාතික කණ්ඩායමේ සෙල්ලං කරනවිට මහේලලා, කලවිටිගොඩලා ඒ තරග බලන්නට පාසලෙන් රැගෙන යාමක් තිබුණි. මහේලලා සෙල්ලම් කරද්දි අශාන් ප්‍රියංජන් ලා, ගිහාන් රූපසිංහලා තරග බලන්නට ගියෝය. අද එවැනන්ක් නැත. අපි වගේම පාසල් ක්‍රීඩකයනුත් රූපවාහිනියෙන් තරග නරඹා ප්‍රීතිමත් වෙති! එකල රූපවාහිනියේ ක්‍රිකට් විශේෂඥ විස්තර ප්‍රචාරයක් සිංහලෙන් දියත් විණි. බන්දුල වර්ණපුර, ප්‍රේ‘මසර ඈපාසිංහ, පාලිත පෙරේරා, කැලුම් ශ්‍රීමාල්, සරත් ජයසිංහ, කමල් දේශප්‍රිය වැනි නිවේදකයන් ක්‍රීඩා නීති සමග විනයවත් ක්‍රීඩාවක් කරන අන්දම පැහැදිලිව තෝරා දෙන ලදී. අද???
    සංගාගෙන් සහ මහේලගෙන් පාසල් ක්‍රීඩකයන්ට උගත යුතු දේ බොහෝය.. එක ලෝකයේ බහුතර ක්‍රීඩකයින්ට පාඩම් පොතකි..මුල මතක තිබීම, දිගු ඉනිම් ගොඩනැගීම, පරාජය පෙනි පෙනී දැවැන්ත පහර එල්ල කරමින් හුදෙකලාව සටන් වැදීම, කණ්ඩායම් හැගීම, තරුණ ක්‍රීඩකයන්ට මගපෙන්වීම, තම ක්‍රීඩකයන් වෙනුවෙන් පිටිය මැදදී මෙන්ම පිටියෙන් පිටතද පෙනී සිටමින් ක්‍රියාකිරීම, නිර්භීතබව, මහත්මාගුණය හා නිහතමානීකම, කැපීපෙනන පෞරුෂයක් ගොඩනගාගැනීම වැනි කාරණා රැසෙකි. ඔවුන් අද කෝටිපතියන් බව සැබැවි. නමුත් ඔවුන් කීර්තිය උපයාගත්තේ මහන්සියෙනි, කැපකිරීම් වලිනි. අද තරුණ පාසල් ක්‍රීඩකයන් බලන්නේ එක රැයකින් හෝ ටී20 තරගයකට ක්‍රීඩා කොට සල්ලි ඉපැයීම මිස නම්බුව, කීර්තිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමක් නොකරයි.. මාලිංග කෙතරම් දක්ෂයෙකු වුවත් මිනිසුන් ඔහුට කෙනහිලිකම් කරනේනේත්, චන්දිමාල් කෙතරම් අසරණව සිටියත් මිනිසුන් ඔහුට ආදරය කරන්නෙත් ඔන්න ඔය කියූ කරුණු නිසාය..
    මුදල් ඉපැයිය හැකිය.. මිනිසුන් ඉපයිය නොහැකිය...!

    Copy Right >>>>
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ දෙවැනිපෙළ නැතිවූයේ තේරීම් කමිටුවේ වරදිනි. මැතිව්ස්, තිරිමාන්න, චන්දිමාල්, දිමුත් වැන්නවුන් මීට වසර 8කට පමණ පෙර සිට පුහුණුවට එක් කළේ නම් අද වනවිට සංගා මගේල හිස්තැන නොතිබෙනු ඇත
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අලුත් අය අතර ගොඩක් හොඳ අය ඉන්නවා. එයාලට හරියට චාන්ස් දෙන්නේ නැති එකයි අවුල. මැතිව්ස්, චණ්දි එක්ක මිලින්දල වගේ අලුත් දෙන්නෙක් විතර සෙට් උනොත් ඒත් හොඳටම ඇති ටීම් එකට. මිලින්ද අච්චර ගහලත් ඊට පස්සේ මැච් වල චාන්ස් දුන්නේ නෑනේ :(