අලුත් මොටර් රථවාහන රක්ෂණයක්

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අලුත් මොටර් රථවාහන රක්ෂණයක්

    අලුත් මොටර් රථවාහන රක්ෂණයක්

    මම මගේ අලුත මෝටර් රථය සඳහා රක්ෂණාවරණයක් ලබා ගැනීම සඳහා රක්ෂණ සමාගම් වෙත දුරකථන ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළෙමි. සෙලින්කෝ රක්ෂණ සමාගම හිතුවාටත් වඩා පහල වැටී ඇත. ෆෙයාර්ෆර්ස්ට් රක්ෂණ සමාගම ඉතා මිත්‍රශීලීව කථා කළ නමුත් අහල පහළ ශාඛාවක් නැත. වාරිකයත් ඉතා ඉහළ අගයකි. කෝපරේටිව් රක්ෂණ සමාගමට කථා කළ විට දැන් 1.12යි අපේ මැනේජ්ර්ලා දැන් කෑම කනවා යැයි දුරකණයට පිලිතුරු දුන් දුරකථන ක්‍රියාකාරීනිය පැවසුවාය. වැරදීමකින් ඔවුන්ගේ හදිසි අනතුරු දැන්වීමේ අංශයට මාගේ දුරකථන ඇමතුම යොමු වූ නමුත් විනාඩි ගණනකට වත් ප්‍රථිචාරයක් නැත. කෝපරේටිව් ඉන්ෂුවරන්ස් ආයතනයේ රිලවුල්ල ශාඛාවේ දුරකථන අංක ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන්ව ඇති අංකය මීගමුව ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසක අංකයයි. ඇය ඉතා වේදනාවෙන් පැවසුවේ විසි වතාවටක වඩා අදාළ ආයතනය වෙත දැන්වු නමුත් එය නිවැරදි නොකළ නිසා ඉතා පීඩාවක් විදින බවකි. ඉතින් කිසිම ලෙසකින් කෝපරේටිව් ආයතනයේ රක්ෂණාවරණයක් ගැන මගේ සිත පැහැදුනේ නැත. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම වෙත කථා කළ විට ඕන නම් ඇවිල්ලා ගන්නවා වාගේ කිසිම උවමනාවක් නැතිව ප්‍රතිචාර දැක්විය. අල් අමානා ආයතනය වෙත කථා කළෙමි. සර් කොහෙද ඉන්නේ අපි පැයක් ඇතුලත එන්නම්. සර් වාරිකය අපි කොටස් කරලා දෙන්නම් ගෙවන්න. ඉතින් කුමක් කරම්ද මම...... මේ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතාවයයි.....
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    කෝපරේටිව් ඉන්ෂුවරන්ස් ආයතනයේ රිලවුල්ල ශාඛාවේ දුරකථන අංකය විදියට දාල තියෙන නො එක pm කරන්නකෝ මට
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    කෝපරේටිව් ඉන්ෂුවරන්ස් ආයතනයේ රිලවුල්ල ශාඛාවේ දුරකථන අංකය විදියට දාල තියෙන නො එක pm කරන්නකෝ මට

    හපොයි.:confused:
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    කෝපරේටිව් ඉන්ෂුවරන්ස් ආයතනයේ රිලවුල්ල ශාඛාවේ දුරකථන අංකය විදියට දාල තියෙන නො එක pm කරන්නකෝ මට

    :lol::lol::lol:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    agent adurana ekek nam ona ekak awulak na. mage podi podi accident walata police report illapu ewa shape karala payment dunna. tawa wahane wikunanna lan wela iddi insurance expire una nisa dawas 21 cover note eka tawa 21k dik karala dunna duwanna