අල වලින් ඔබ මෙතෙක් නොවිඳි දිව්‍යමය රසයක් ලබාගන්න රෙසපි 5ක්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113

    අල වලින් නොයෙක් නොයෙක් කෑම ජාති හදන්න පුළුවන්. අනිවා අපි අද ඔයාලට ගෙනාවා ඔයාල අලවලින් කලින් හදල නැති කෑම වර්ග 5ක්. බලන්න අල වලින් හදන්න පුළුවන් මේ රසවත් කෑම වර්ග 5 හදාගන්න කොච්චර පහසුයිද කියල. මේ කෑම රාත්‍රී ආහාර වේලකට හෝ උදෑසන ආහරයක් වැඩිහිටියන්ට වගේම ලෙස කුඩා දරුවන්ටත් දීමට සුදුසුයි.

    1. Fried Mashed Potatoes​

    1. තම්බා පොඩි කර ගත් අල කප් 2
    2. ගසාගත් බිත්තර 1
    3. ලුණු
    4. ගම්මිරිස්
    5. කිරි කප් 1/2
    6. බටර්
    7. පාන් කුඩු
    • බටර් සහ කිරි බාජනයකට දමා ලිප තබා හැඳි ගාමින් උතුරුවාගන්න. එයට ලුණු, ගම්මිරිස් සහ අල එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.
    • නිවුනු පසු පැයක් පමණ ශීතකරණයේ තබා ගන්න.
    • මෙම අල මිශ්‍රනයෙන් කුඩා බෝල සාදා බිත්තර දවටා පාන් කුඩු වල තවරා ගැඹුරු තෙල බැදගන්න. වැඩි රසයක් එක් කර ගැනීමට ඔබට මොසරැල්ලා චීස් ටිකක් අලවලට එක් කරගත හැකියි.

    2. Hash Browns​

    1. ග්‍රේට් කරගත් අල ගෙඩි 2
    2. චොප් කරගත් ලූනු ගෙඩි 1/2
    3. පිටි කප් 1/4
    4. බිත්තර 1
    5. ලුණු
    6. ගම්මිරිස්
    • ග්‍රේට් කරගත් අල හොඳින් සෝදාගන්න. හොඳින් මිරිකා වතුර ඉවත් කර ගන්න.
    • එයට පිටි, ලූනු, ලුණු, ගම්මිරිස් සහ බිත්තරය එක් කර හොඳින් අනාගන්න.
    • නන්ස්ටික් පෑන් එකක අඩිය වැහෙන ප්‍රමාණයට තෙල් දමා සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ගෙන තැනින් තැන තබා හැන්දකින් තද කර පැතලි කර ගන්න.
    • දෙපැත්තම රන් වන් පාට වන තුරු බැදගෙන උණුවෙන්ම පිළිගන්වන්න.

    3. Cheesy Potato Pan Cakes​

    1. තම්බා පොඩි කරගත් අල කප් 2
    2. බිත්තර 1
    3. කිරි කප් 1/2
    4. පිටි කප් 1/4
    5. චෙඩාර් චීස් කප් 1/4
    6. ලුණු
    7. බේකින් පව්ඩර් තේ හැඳි 1/4
    8. බටර් මේස හැන්දක්
    • අල, කිරි සහ බිත්තර බෝල් එකක දමා හොඳින් මිශ්‍ර කරගන්න.
    • පිටි, ලුණු, චීස් සහ බේකින් පව්ඩර් අල මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.
    • බටර් වලට තෙල් ස්වල්පයක් එක් කර නන්ස්ටික් පෑන් එකක දමා රත් කර මිශ්‍රණයෙන් ටිකක් ගෙන පෑන් එකට දමා දෙපැත්තම රන්වන් පාට වන තුරු බැදගන්න.
    කැමති නම් බැද කුඩාවට කඩා ගත් බේකන් කැබලි එක් කරගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්.

    4. Baked Potato (Oven)​

    1. ලොකු අල ගෙඩි 1
    2. බටර්
    3. ලුණු
    4. ගම්මිරිස් කුඩු
    5. ගා ගත් මොසරැල්ල චීස්
    6. පාන් කුඩු
    • අල ගෙඩිය පොතු හැර හොඳින් සෝදා අයිස් වතුරේ ගිල්වා විනාඩි 15ක් පමණ තබන්න.
    • ඉන් පසු වෙන් නොවන සේ අල ගෙඩිය සිහින් පෙති කපා ගන්න.
    • ඒ මත බටර් තවරා ලුණු, ගම්මිරිස් ඉස සෙල්සියස් 200ට පෙර රත් කරගත් උඳුනක දමා විනාඩි 30ක් හෝ රන් වන් පාට වන තුරු බේක් කරගන්න.
    • උඳුනෙන් එළියට ගෙන තවත් බටර් ස්වල්පයක් තවරා මොසරැල්ල චීස් අල පෙති අතරට ඉස නැවත විනාඩි 10ක් පමණ බේක් කරගන්න.
    • ඔබට කැමති නම් වියලි තයිම්, ඔරිගානෝ, හෝ පාස්ලි වැනි දෙයක් වුවත් බේක් කිරීමට පෙර ඉස ගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්.

    Baked Potato (Microwave)​

    1. අල ගෙඩියක්
    2. ලුණු
    3. ගම්මිරිස්
    4. ඔලිව් තෙල්
    5. බටර්/ චීස්
    • හොඳින් සෝදා පිරිසිදු කරගත් අල ගෙඩියේ තැනින් තැන ගෑරප්පුවකින් සිදුරු කරගන්න. (නැත්නම් අලගෙඩිය පුපුරයි.)
    • ඒ මත ඔලිව් ඔයිල් හොඳින් ආලේප කර ලුණු සහ ගම්මිරිස් ටිකක් ඉසගන්න.
    • මයික්‍රොවේව් සේෆ් බඳුනක තබා ෆුල් පවර් එකේ විනාඩි 5ක් බේක් කරගන්න. එය නැවත පිටතට ගෙන අනෙක් පස හරවා විනාඩි 3ක් නැවත බේක් කරගන්න. (අල ගෙඩිය හොඳින් තැම්බෙන තුරු බේක් කරන්න. ඔබ ගන්න අල ගෙඩියේ ප්‍රමාණය අනුව
    • වේලාව වෙනස් විය හැකියි.)
    • හොඳින් බේක් උන අල ගෙඩිය මැදින් ගෑරප්පුවකින් හාරා එයට අමතර ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ඉස බටර් හෝ චීස් එක් කර පිළිගැන්විය හැකියි.
    කැමති නම් බේක්ඩ් බීන්ස් හෝ අබරාගත් මස් වලින් සකස් කරගත් පිරවුමක්ද එක් කරගත හැකියි.

    5. Potato & Meat Muffins​

    1. තම්බා පොඩි කරගත් අල කප් 2
    2. චොප් කරගත් ලූනු කප් 1/4
    3. සිහින්ව කපා ගත් පාස්ලි කොල
    4. ලුණු
    5. ගම්මිරිස්
    6. බිත්තර 2
    7. කිරි කප් 1/4
    8. තම්බා අඹරාගත් කැමති මස් වර්ගයක් කප් 1
    9. ගා ගත් මොසරැල්ලා චීස්
    • චීස් හැර අනික් සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. මෆින් ට්‍රේ එකක හොඳින් බටර් තවරා සාදාගත් මිශ්‍රණය පුරවා මොසරැල්ලා චීස් උඩින් ඉසගන්න.
    • සෙල්සියස් 180ට පෙර රත් කරගත් උඳුනක දමා විනාඩි 20-30ක් බේක් කරගන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    potato GIF
     
    • Haha
    Reactions: NRTG and Asmodeus