අවංකවම කියපල්ල

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    nirwanaya kiyanne aththa deyakda kiyahala hoyaganna one mulinma, itapasse hithala balanawa, laukika margayen athwela adyathmika gamanak yanna.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මම දැක්කා මේ ත්‍රෙඩ් එකේ අනුන් මෝඩ යැයි කියාගන්නා බුද්ධිමත් පුද්ගලයෙකු නිවන් දකින්න ඕනේ නම් ගිහින් මහණ වියන් කියලා කිව්ව කතාවක්. ඒතුමා කෙතරම් බුද්ධිමත් දැයි බලන කල, බුදු දහම ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්නා බව මනාව ඔප්පු කරයි.

    නිවන් දැකීමට මහණ විමට අවශ්‍යය නැත. බුදු දහමේ මහණ නොවී නිර්වාණය කරා ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගැන මැනවින් සඳහන් වෙනවා. :yes::yes: අවශ්‍යය වන්නේ මහණ වීම නොව, ධර්මාවබෝධය සහ සීලය පවත්වාගැනීමයි. මහණ වුවද, ඒ දෙක නිසි ආකාර කරන්නේ නැතිනම් නිවන් මගට යන පාර ඇහිරෙන බව කවුරුත් දන්නා කරුණකි.;)

    ඒ බුද්ධිමත් මහතාට කියන්නේ

    "යකෝ මහණ වුනාම නිවන් දකිනවා නම් ඉන්න හැම හාමුදුරුනමක්ම අරහත් වෙලා නිවන් දකින්න එපැයි" :P
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මගෙනම් කිසිම කැමැත්තක් නෑ නිවන්දකින්න, මම දැක්ක ගොඩක් අය නිවන්දකින්න කැමතිකියල දාල තියෙනවා එත් නිකං හිතන්න ඔය නිවන්දකින්න කැමතිකෙනෙක් දැනගන්නවා හෙට එයාට නිවන්දකින්න පුළුවන් නිවනට එයාට තව ඕන ඉතාම සුළු පිං ප්‍රමාණයක් කියල උදාහරනෙකට හිගන්නෙකුට දෙන තව එක කෑම පාර්සලෙකින් එයට නිවන්දකින්න පුළුවන්. මම හිතන්නේ නෑ කිසිම කෙනෙක් ජීවත්වෙන්න තව ජිවිතකාලයක් තියෙද්දී ඔය සේරම අතෑරලා නිවන්දකින්න කැමතිවෙයි කියල, බොරුනම් තමන්ගේ හදවතින්ම අහල බලන්න හෙටින් පස්සේ මෙලෝකයෙන් සදහටම වෙන්වෙලා යන්න වෙනවනම් කැමතිද කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගෙනම් කිසිම කැමැත්තක් නෑ නිවන්දකින්න, මම දැක්ක ගොඩක් අය නිවන්දකින්න කැමතිකියල දාල තියෙනවා එත් නිකං හිතන්න ඔය නිවන්දකින්න කැමතිකෙනෙක් දැනගන්නවා හෙට එයාට නිවන්දකින්න පුළුවන් නිවනට එයාට තව ඕන ඉතාම සුළු පිං ප්‍රමාණයක් කියල උදාහරනෙකට හිගන්නෙකුට දෙන තව එක කෑම පාර්සලෙකින් එයට නිවන්දකින්න පුළුවන්. මම හිතන්නේ නෑ කිසිම කෙනෙක් ජීවත්වෙන්න තව ජිවිතකාලයක් තියෙද්දී ඔය සේරම අතෑරලා නිවන්දකින්න කැමතිවෙයි කියල, බොරුනම් තමන්ගේ හදවතින්ම අහල බලන්න හෙටින් පස්සේ මෙලෝකයෙන් සදහටම වෙන්වෙලා යන්න වෙනවනම් කැමතිද කියල

    එල තමා.. නියමෙට අහල තියෙනව, මට ඕන දේ..
    රෙප් දෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම දැක්කා මේ ත්‍රෙඩ් එකේ අනුන් මෝඩ යැයි කියාගන්නා බුද්ධිමත් පුද්ගලයෙකු නිවන් දකින්න ඕනේ නම් ගිහින් මහණ වියන් කියලා කිව්ව කතාවක්. ඒතුමා කෙතරම් බුද්ධිමත් දැයි බලන කල, බුදු දහම ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්නා බව මනාව ඔප්පු කරයි.

    නිවන් දැකීමට මහණ විමට අවශ්‍යය නැත. බුදු දහමේ මහණ නොවී නිර්වාණය කරා ගිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගැන මැනවින් සඳහන් වෙනවා. :yes::yes: අවශ්‍යය වන්නේ මහණ වීම නොව, ධර්මාවබෝධය සහ සීලය පවත්වාගැනීමයි. මහණ වුවද, ඒ දෙක නිසි ආකාර කරන්නේ නැතිනම් නිවන් මගට යන පාර ඇහිරෙන බව කවුරුත් දන්නා කරුණකි.;)

    ඒ බුද්ධිමත් මහතාට කියන්නේ

    "යකෝ මහණ වුනාම නිවන් දකිනවා නම් ඉන්න හැම හාමුදුරුනමක්ම අරහත් වෙලා නිවන් දකින්න එපැයි" :P

    හරි මචං මහණ වෙන්ඩ ම ඕන නෑ තමා..
    එත් ගිහි ජීවිතේදි වත්, එහෙම උත්සහයක් ගන්නෑ උඹල..
    ඒකයි කියන්නෙ..
    අනික මහණ වෙන්ඩ කිව්වෙ, ඇත්තටම එහෙම කරන්ඩ, උඹට හිත එකඟ කරගන්ඩ පුලුවන්ද බලන්ඩ

    මම අනිත් අයට මෝඩයො කියල නෑ..


     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නිවන් දකින්න කැමති නැ . හැමදාම දිව්‍ය ලෝකෙටම වෙලා ඉන්න ආසයි

    අවංක අදහස් :yes:
    වෙන ආගම් වල නං නිවන් දැකීමක් ගැන කියන් නෑ.. හොඳ කළොත් මේ ආත්මෙන් පස්සෙ ස්වර්ගෙට.. අනේ මංද ඕව ඉතිං..
    අනික මේකෙ ඉන්න එවුං දැනගන්ඩ ඕන, අපි මේ කරන්නෙ බුද්ධාගමට අපහාසයක් නොවන බව
    උඹලගෙ අවංක අදහස දැනගන්ඩ තමා එහෙම ඇහුවෙ
    අනිත් ආගම් අතර බුද්ධාගම විශිෂ්ට දර්ශනයක් කියල අපි පිලිගන්නව
    ඒකෙ විවාදයක් නෑ..
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ඕක මෙහෙම දෙයක් දැන් උබලා ඕකට කැමති නම් මෙහෙම thread එකක් දාන්නේ නැනේ. ඇයි දැම්මේ නොදන්නා කම නිසා මොකද්ද නොදන්නා කම සංසාරයේ බිය ගැන. ඇයි සංසාරයේ බිය සකස් වෙන්නේ නැත්තේ සැප නම් ආශ්වාදය පමණක් දැකීම. මන් උදාහරණයක් කියන්න නම් අපේ කොල්ලෙක් ගන්නවා දුක් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් කාර් එකක් ,
    images

    2Q==
    2Q==

    පුදුම සතුටක් නේ තියෙන්නේ නේද, පියාබන්න හිතෙනවා කියලා නිම කරන්න බැරි සතුටක් හැබැයි ඒ කාර් එක ගත්තු දාම හැප්පිලා ඒ කොල්ලා ජීවිත කාලෙම ඔත්පොල වෙනවා.කොදු අට කැඩිලා. කෝ අර කලින් තිබ්බ සතුට නැ නේද.












    24637d1223486908-car-accident-man-cut-half-brazil1.jpg

    ඔන්න පවුලකට චුටි ළමයෙක් ඉපදෙනවා ඒ ළමයා ගැන මව් පියන්ට සෙනහසක් ඇතිවෙනවා, පවුලේ එකම ළමයා විදියට තමයි ඉන්නේ ඔන්න ඉස්කෝලේ යන කාලයේදී ලොරියකට අහු වෙලා මැරනවා. මොන තරං දුකක් මුළු ජීවිත කාලය පුරාවට පවතිනවද,
    දැන් සුනාමිය වෙලාවේදී ජීවිතේ සුන්දරත්වය විදපු ජෝඩු කීදාහක් මුහුදට යට උනාද, කොටි බෝම්බ වලින් සුන්දර නම් වූ ආදරය විදපු කී දෙනෙක් මැරෙන්ඩ ඇතිද ,

    හරි මෙහෙම හිතමු කෝ උබලා කැමති දෙයක් හිත්පල්ලකෝ , ඒ දෙය විනාශ වෙලා යද්දී හදවතින් ම උබලාට අවංකව ම දුකක් නැද්ද. තවත් සරල කරන්නනම් අපේ මුණ අව්වට කළු උනොත් ඇති වෙන්නේ සතුටක් ද දුකක් ද දුකක් නේද,

    මචන් නිර්වාණය කියන්නේ නිවීම මොකෙන් නිවීම ද ඒක මේ ජීවිතයේදී සියලු විදීම් වලින් විශේෂයෙන් කලින් කිවව දුක ඊට අමතරව සැප හා උපේක්ෂා වලින් නිදහස් වීම, භාවනාවෙන් හිත දියුණු උනාම, මන් කියන්නේ විශේෂයෙන් ම විදර්ශනා භාවනාව උබලා සොයන්නේ සදාකාලික සැපතක්.(මේක ටිකක් ගබුරුයි) උබලාට පෙන්න ගන්න වා ආශ්වාදයේ ආදීනව ය , එතකොට ලෞකික දේ දකින්නේ, ලෞකික දේ පිලිබදව හිතෙන්නේ හරියට දුකක්,කරදරයක්,ගඩු ගෙඩියක් හැටියට. පුදුම සතුටක් දැනෙන්නේ, පුදුම නිදහසක් දැනෙන්නේ, ඒක මේ ලෝකේ කිසිම දෙයකින් ලබන්න බැරි දෙයක්. මේක මාර්ගපල නෙමේ මචන් භාවනා වෙදී ලබන ප්‍රතිපලයක්.

    ශ්‍රී සද්ධර්මය කියන්නේ මොකද්ද කියලා ගවේෂණය කරපල්ලා, විශේෂයෙන් ඒක පුරුදු වෙයෙල්ලා(ශීල, සමාධි, ප්‍රඥා) එතකොට උබලාට මේ වගේ ප්‍රශ්න හදන සිත දමනය වේවි. තව එකක් මතක තියාගනිල්ලා මේ අප විදින සැප වගේ දෙගුණයක් හෝ ඊට වැඩියෙන් අපි කොයි කව්රුත් අතීතයේ දුක් විදලා තියෙනවා
    අනාගතේ දුක් විදින්න තියෙනවා සිහියෙන් කල්පනා කරොත් තේරේවි, ඊට එහා දෙයක් මට කියන්ඩ බැ මචන්.


     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නිවන කියන එක මේ වගේ දෙයක්..

    අපි මේ ලෝකෙ දකින්නෙ අපි ඉන්න නිසා..
    අපේ විඥානය කියල දෙයක් තියෙන නිසා..

    ඔය සමහරක් අය කියන්නෙ මැරුණට පස්සෙ ඔක්කොම ඉවරයි කියල.. ඒ ගොල්ලො හිතන්නෙ විඥානෙත් එහෙමම ඉවරයි කියල.. ඒ හින්ද මේ ඉන්න ටිකේ හොඳට කාල බීල ඉන්නව කියල කියන්නෙ..

    එතකොට එයාල නිවන් දකිනව මැරුණට පස්සෙ.. ඒත් ඒක එහෙම වෙන් නෑ.. අපි ආයෙ ආයෙත් උපදිනව.

    නිවන කියන්නෙ, අපි නිදාගත්තම අපි ඉන්නව කියල දැනෙන්නෑ නෙ මචං.. මොකද අපි අවදියෙන් නෙමේනෙ ඉන්නෙ.. අන්න ඒ වගේ දෙයක්.. සිහිය නැති වෙලාවකත් ඒක අපිට අත්දකින්ඩ පුලුවං.. අපිට ඒ වෙලාවට විඥානයක් නැති නිසා දකින්ඩ ලෝකයකුත් නෑ.. මම ඉන්නව කියල දැනෙන්නෙත් නෑ.. ඉතිං ඕක තමා නිවන කියන්නෙ.. ඒකනං තේරුං ගන්න එක මහහැටි දෙයක් නෙමේ.. මගේ මේ කතාව වැරදි නං, උඹලට පුලුවං වැරදියි කියල ඔප්පු කරන්ඩ.. :)

    මං හිතන්නෑ කවුරුත් මේ තත්වෙට පත්වෙන්ඩ කැමතියි කියල

    නිවන් දකින එකෙයි නිදා ගන්න එකෙයි වෙනසක් තියෙනවා.
    නිදාගත්ත කියල හිත නවතින්නේ නෑ. එත් චිත්ත වීති අඩුවෙන් යන්නේ. ඒක නිසා ගන්න සංඥාව අඩුයි.
    නිවන් දකින වෙලාවට තියෙන්නේ බවංග හිත. එකත් හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නිවන් දකින්න කැමති නැ . හැමදාම දිව්‍ය ලෝකෙටම වෙලා ඉන්න ආසයි

    දිව්‍ය ලෝකේ ගිහින් විදින්නේ ඔය ගිය ආත්මේ කරපු පින්. ඒක ඉවර වෙච්චහම අය reload කරන්ඩ ඕන. බැරි වෙලාවත් reload කරගෙන එන්ඩ කියල මස් මරණ පව්ලක ඉපදුනොත් සදා අපයේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,408
    113
    සසරේ හැමදාම සැප විතරක්ම ලැබෙනවනම් ඒව විදගෙන ජීවත් වෙන්න කැමති. නමුත් එහෙම නොවෙන නිසා අවංකවම මම නිවන් දකින්න කැමතියි. එකෙක් අහල තිබ්බ හෙට නිවන් දකින්න පුලුවන්නම් එහෙම කරනවද කියල. ඔව් එහෙම කරනවා.

    සසර දුක් සහිත බව නොතේරෙන මිනිසුන් අතරේ එය දුකක් කියල තේරුම් ගන්න මම පින් කරල තියෙන එක ගැන මම සතුටු වෙනවා.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුද්ධාගමේ තියෙන්නේ සැප අතැරලා නිවන් දකින්ඩ නෙමේ
    ඔයගොල්ලෝ පොඩ්ඩක් හරි හිතල තියෙනවද මම කියන්නේ මොකක්ද කියල?
    මම කියන්නේ ධර්මතා ගොඩක්.
    මම හැදිලා තියෙන්නේ නාම රුප වලින්
    රුප හැදිලා තියෙනෙන් ශුද්දාෂ්ටක වලින්
    ශුද්දාෂ්ටක කියන්නේ ශක්තියක් (පරමාණු හැදිලා තියෙන්නෙත් ශුද්දාෂ්ටක වලින්).
    එකේ ශක්ති වර්ග හතරක් තියෙනවා.
    1. තද ගතිය
    2. උණුසුම් සිතල ගතිය
    3. වැගිරෙන ගතිය
    4. හැකිලෙන පිම්බෙන ගතිය
    ශුද්දාෂ්ටක තත්පරයට 1000,000,000,000 / 17 (ට්‍රිලියනය බෙදීම 17) පමණ ඇතිවෙලා නැති වෙනවා. ඇති වෙද්දි කලින් එකේ ශක්තියෙන් පංගුවක් අරන් ඇති වෙනවා.
    නාම කියල කියන්නේ සිතට. සිත තත්පරයට 1000,000,000,000 පමණ ඇතිවෙලා නැතිවෙනවා.
    කලින් සිතේ සක්තිය අරන් අලුත් සිතක් ඇතිවෙනවා.
    සතුට කියල කියන්නේ මේ සිතට එන අරමුණු නිසා ඒ සිත පිම්බෙන ගතියකට. මේක ශක්තියෙක් විතරයි.
    හැමදාම ඔය කොහෙවත් නැති එකක් පුම්බව පුම්බව ඉන්දද ඕන?
    දුක කියල කියන්නේ සිතේ ඇතිවෙන තද උණුසුම් ස්වභාවයකට. මේකත් ශක්තියක් විතරයි.
    අපිට සැප දුක දැනෙනවා කියන්නේ ඔය දෙක තමා
    ඔච්චරයි මම කියල කියන්ඩ තියෙන්නේ.

    අනිත් ඒක තමා මේකේ ඉන්න ගොඩක් අය පින් පව් කියන්නේ මොනවද කියල හරියට දන්නේ නෑ.
    පව් කියන්නේ සත්තු මරණ ඒක, බොරු කියන එක + පස්පව් විතරක් නෙමේ
    ලෝබ ද්වේශ මෝහ ඇතිවෙන ඕනෑම දෙයක්
    අපි මාසේ අන්තිමට ගන්න පඩියට ලෝබ කලත් එකත් පවක්
    පොඩි පවක් නමේ, ලබන ආත්මේ තිරිසන් වෙලා ඉපදෙන්ද උනත් පුළුවන්.
    මෙතැනදී ලෝබ කිවේ වෙන කෙනෙක්ට දෙන්ඩ ලෝබ වෙන ඒක නෙමේ.
    අභිධර්මයේදී ලෝබ කියන්නේ අරමුණට ඇලෙන එකේ ගැන
    අකුසල් සිත් දාහතරක් තියෙනවා. එකෙන් ඒක සිතක් ඇර අනික් ඕනෑම සිතකට පුළුවන් අපිව සතර අපායට යවන්ඩ (උද්දච්චය හැර). අපි ඇහැරලා ඉන්න වෙලාවට අනිවාර්යෙන් කුසල් හෝ අකුසල් හිත් ඇතිවෙනවා. තත්පරයට ගණන් කරන්ඩ බැරි වාර ගණන් වලින්. ඒවා අපි කවද හරි ගෙවන්ඩ ඕන. මෙන්න මේ තුනෙන් ඕන එකක් තියෙන හිතක් අකුසල් හිතක්
    1. අරමුණට ඇලෙන ස්වභාවය
    අපේ හිත වැඩි හරියක් තියෙනෙන් මේකේ. ලෝබය කියන්නේ මේකට.
    2. අරමුණට අකමැති ගතිය
    බයත් මේකට අඉති වෙනවා. අඩන ඒක, තරහ, ගහගන්න ඒක ඔක්කොම මේකේ. කොටින්න්ම අපි මොකෙකට හරි බය උනත් ඒක අකුසලයක්
    3. අරමුණ වැරදියට ගණන් ස්වභාවය
    මේක හැම අකුසල් හිතකාම තියෙනවා. හැම දෙයක්ම අනිත්යක් කියල නොදකින තාක් මේක තියෙනවා.

    අනිත් ඒක බුදුහාමුදුරුවෝ කියල තියෙනවා මේ ලෝකේ ඉන්න අයගෙන් අය සුගතියට යන්නේ ලෝකේ තියෙන පස් වලින් නිය පිටින් ගත්ත පස් වගේ පංගුවක්.ඒ කියන්නේ මේ ලෝකෙන්ම මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් තමා සුගතියට යන්නේ . අනික් ඔක්කොම තිරිසන් ප්‍රේත නිරය
    ඉතින කල්ප ගානකට සැරයක් අවරුදු 75ක් විතර කාර් පැදලා, එළකිරි ඇවිත්, film බලල ගන්න මේ සැප (සිතේ පින්බිම) මොකක්ද?

    Hope you understand the basic
    Then watch this:
    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    තෙරුවන් සරණයි


    buddha-03.jpg
     
    Last edited: