ඔබතුමාගේ මේ කතාවට මම පිලිතුරක් දෙන්නම්. යම් කෙනෙක් නිවන් දකිත්ද, ඔහු/ඇය සියලු ක්ලේශයන්ගෙන් මිදී ඉන්නා කෙනෙක්, එවැනි කෙනෙක්ට ජීවිතය ගැන කිසිම ලොබ කමක් නෑ. උඹ කියනවා නේද තව පොඩ්ඩයි පින් ඕනේ කියලා නිවන් දකින්න. අන්න ඒ තත්වෙට කියන්නේ අනාගාමි කියලා. ඒ කියන්නේ අර්හත් ඵලයට කලින් පියවර කියලා අපි කියමුකෝ, ඒ කෙනාට වැටහීමක් තියෙනවා නිවන ගැන, දුකින් මිදීම ගැන. ඒ නිසා ඒ කෙනා අබ ඇටයක තරම් වත් පැකිලීමකින් තොරව අර හිඟන්නට කෑම එක ලබා දෙයි.
දැන් උඹ පෘථඃජන කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ විදියට, ඒ කෙනා කොහෙත්ම කැමති වෙන්නේ නෑ. හේතුව තමා ඒ කෙනා රාග, ක්ලේශ, මෝහ වලට ඇලිලා ඉන්න කෙනෙක් නිසා.![]()
අනිත් එක තමා නිවන් දකිනවා කියන්නේ හෙටින් පස්සේ මේ ලෝකෙන් නෑ කියන එක නෙමෙයිමරණින් මතුව ඉපදීමක් නෑ කියන එකයි, නමුත් අරහත් භාවයට පත් වුණ පලියට හෙට හෝ සත් දිනකින් හෝ අපවත් වෙන්නේ නෑ ඔහු/ඇය ගිහි කෙනෙක් නොවන්නට
අනාගාමි කියන තත්වය පිලිබදව දැනගෙන හිටියේ නැහැ. මම මෙතන කියන්න කියන්න උත්සහකළේ නිවන් දකින්න අවශ්‍යයි කියන ගමන් එය නොකිරීමට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බව. සමහරක් බුදුදහම රැකගන්න ඉතාමත් අවේග ශීලිව කටයුතු කලත් අව්රුදුගානකින්වත් පන්සලක් දැක්ක මිනිස්සු නෙවෙයි. මෙය ඔබ තුමාට අදාල නෑ







