අවංකවම කියපල්ල

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඔබතුමාගේ මේ කතාවට මම පිලිතුරක් දෙන්නම්. යම් කෙනෙක් නිවන් දකිත්ද, ඔහු/ඇය සියලු ක්ලේශයන්ගෙන් මිදී ඉන්නා කෙනෙක්, එවැනි කෙනෙක්ට ජීවිතය ගැන කිසිම ලොබ කමක් නෑ. උඹ කියනවා නේද තව පොඩ්ඩයි පින් ඕනේ කියලා නිවන් දකින්න. අන්න ඒ තත්වෙට කියන්නේ අනාගාමි කියලා. ඒ කියන්නේ අර්හත් ඵලයට කලින් පියවර කියලා අපි කියමුකෝ, ඒ කෙනාට වැටහීමක් තියෙනවා නිවන ගැන, දුකින් මිදීම ගැන. ඒ නිසා ඒ කෙනා අබ ඇටයක තරම් වත් පැකිලීමකින් තොරව අර හිඟන්නට කෑම එක ලබා දෙයි.
    දැන් උඹ පෘථඃජන කෙනෙක්ගෙන් ඇහුවොත් ඒ විදියට, ඒ කෙනා කොහෙත්ම කැමති වෙන්නේ නෑ. හේතුව තමා ඒ කෙනා රාග, ක්ලේශ, මෝහ වලට ඇලිලා ඉන්න කෙනෙක් නිසා. :yes::yes:

    අනිත් එක තමා නිවන් දකිනවා කියන්නේ හෙටින් පස්සේ මේ ලෝකෙන් නෑ කියන එක නෙමෙයි :rofl::rofl: මරණින් මතුව ඉපදීමක් නෑ කියන එකයි, නමුත් අරහත් භාවයට පත් වුණ පලියට හෙට හෝ සත් දිනකින් හෝ අපවත් වෙන්නේ නෑ ඔහු/ඇය ගිහි කෙනෙක් නොවන්නට :rolleyes::rolleyes:

    අනාගාමි කියන තත්වය පිලිබදව දැනගෙන හිටියේ නැහැ. මම මෙතන කියන්න කියන්න උත්සහකළේ නිවන් දකින්න අවශ්‍යයි කියන ගමන් එය නොකිරීමට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බව. සමහරක් බුදුදහම රැකගන්න ඉතාමත් අවේග ශීලිව කටයුතු කලත් අව්රුදුගානකින්වත් පන්සලක් දැක්ක මිනිස්සු නෙවෙයි. මෙය ඔබ තුමාට අදාල නෑ :D
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නෑ මචං මම බුද්දාගම පිළිපදින්නේ උප්පැන්නේ බෞද්ද කියල තියෙනවටවත් එන ආත්මෙ දිවියලෝකේ යන්නවත් බලාගෙන නෙවෙයි. දැනට බිහිවෙලා තියෙන අවිහිනසවාදීම දර්ශනය බෞද්ද දර්ශනය නිසයි මම මේක පිළිපදින්නේ. මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් බිහිවෙච්ච හොදම දර්ශනය තමයි මේක.

    ඔය බුද්ධාගමේ තියෙන වටිනාකම දන්නේ නෑ. බුද්ධාගම තියෙන්නේ ලෝකේ හදන්ඩ නෙමේ. තමන්ට වැඩක් ගන්ඩ. අඩුම තරමේ සෝවාන් වත් වෙන්ඩ.
    බුද්ධාගමේ දිවියලෝකේ යන්ද කියල නෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඔය බුද්ධාගමේ තියෙන වටිනාකම දන්නේ නෑ. බුද්ධාගම තියෙන්නේ ලෝකේ හදන්ඩ නෙමේ. තමන්ට වැඩක් ගන්ඩ. අඩුම තරමේ සෝවාන් වත් වෙන්ඩ.
    බුද්ධාගමේ දිවියලෝකේ යන්ද කියල නෑ.
    බුද්ධාගම තියෙන්නේ ලෝකේ හදන්ඩ නෙමේ. තමන්ට වැඩක් ගන්ඩ කියල බුදුහාමුදුරුවොත් හිතුවනම් ඔබට සහ මට කතාකරන්න අද බුදුදහම කියල දෙයක් අද නැතිවෙනවා
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    ලෞකික සැප විඳින එක තමා හොඳ කියලා අපිට හිතෙන්නේ තරුණ මදයෙන් කුල්මත් වෙලා ඉන්න නිසා. උඹට වුනත් එහෙමයි. දැන් කාලේ නෙමෙයි, ලෙඩ වෙලා මහලු වියට එද්දි, හැමදාම තියෙන ලෙඩ, ඇඟපත අමාරුව එද්දි හිතෙයි, නිවන් දකින්න තියෙනවා නම් කොච්චර එකක් ද කියලා :sorry::sorry: හිතපන් පට්ට ඔලුව රදයක් හැදුන වෙලාවක හිතෙන්නේ මොකක්ද, ඒ ඔලුව රදෙන් හැමදාම ජීවත් වෙන්න වුනොත් උඹට ලෞකික සැප ඕනේද කියලා? මම වුනත් ලෞකික සැපට ආසා කරන කෙනෙක්. පෘතක්ජන කෙනෙක් වශයෙන් ඒක සාමාන්‍යයයි, නමුත් හරියට තේරුම් ගන්නවා නම් අපි මේ විඳින සැපත්, දුකක් කියලා තේරෙන්න ඕනේ :yes::yes: ඒක තේරුම් ගන්නත් පින තියෙන්න ඕනේ. අන්න ඒ පින අපිට නෑ :(
    :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    අනාගාමි කියන තත්වය පිලිබදව දැනගෙන හිටියේ නැහැ. මම මෙතන කියන්න කියන්න උත්සහකළේ නිවන් දකින්න අවශ්‍යයි කියන ගමන් එය නොකිරීමට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බව. සමහරක් බුදුදහම රැකගන්න ඉතාමත් අවේග ශීලිව කටයුතු කලත් අව්රුදුගානකින්වත් පන්සලක් දැක්ක මිනිස්සු නෙවෙයි. මෙය ඔබ තුමාට අදාල නෑ :D

    මේ කාරණාවට මම එකඟ වෙනවා. නිදහසට කාරණා වැඩක් නෑ තමා. ඒ මාර්ගයේ යන කෙනා මොන දේ වුනත් ඒ මාර්ගයේ යනවා.

    මම කියන්නේත් ඒකමයි, කෙනෙක්ගේ මෙලොව පරලොව සුගතියට හේතුවන්නේ ධර්මාවබෝධය. බුදුහාමුදුරුවෝ ගිහි කෙනෙක්ගේ මෙලොව හා පරලොව සුගතිය ලඟා කරවන්න කරුණු 5ක් හරියට කරන්න කියලා තියෙනවා. අන්න ඒ දේවල් කරොත් කුමන අයෙකුට වුනත් වැරද්දක් වෙන්නේ නෑ.

    1. හොඳින් ඉගෙනීම.
    2. යහපත් රස්සාවක් කිරීම (මේකෙදි කියලා තියෙන්නේ අවි, සත්ව , මත්පැන්, වහල්, මත්කුඩු වෙලඳාම කියන දේවල් නොකර හොඳ රැකියාවක් කරන්න කියලා.
    3. රස්සාව අඛණ්ඩව කරගෙන යාමට ඇති කැමැත්ත.
    4. සුදුසු කල දී විවාහ වීම.
    5. ධර්මාවබෝධයට ඇති කැමත්ත/උත්සාහය.

    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මේ දේවල් හැමෝම කරොත් ලෝකය සාමකාමී වෙන්නේ නැද්ද කියලා. නමුත් මේ දේවල් කරන/නොකරන එකට තමන්ගේ පෙර පින බලපානවා.(මම දන්නේ නෑ උඹ පින්/පව් ගැන විශ්වාස කරන්නේ නැද්ද කියලා)

    කෙනෙක් ඉපදෙන්න පුලුවන් අධාර්මික දෙමාව්පියෙක් ලඟ, හරි අධ්‍යාපනයක් ලබන්න බැරි තැනක, එහෙම කෙනෙක්ට මේ මාර්ගය ගැන වැටහීමක් ලබාගන්න ටිකක් අපහසු වෙනවා නේද? නිවන ඇහිරෙන්න ගොඩක් අයට හේතු වෙන්නේ තමන් පෙර කරපු අකුසලකර්ම.
     
    • Like
    Reactions: BadBlueGenius

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    pissu niwan dakinn kamaththak tibbanam api mehema idiy da ban api dan awrudu keeyak nam mari mari ipadenna athida? :yes: a awrudu walatath apita hithenna athi niwan dakinna but koo api ipadena eka nathara wela tiyenavada? :yes: no matter what you say , we are weaker than we'd like to admit :(
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මේ කාරණාවට මම එකඟ වෙනවා. නිදහසට කාරණා වැඩක් නෑ තමා. ඒ මාර්ගයේ යන කෙනා මොන දේ වුනත් ඒ මාර්ගයේ යනවා.

    මම කියන්නේත් ඒකමයි, කෙනෙක්ගේ මෙලොව පරලොව සුගතියට හේතුවන්නේ ධර්මාවබෝධය. බුදුහාමුදුරුවෝ ගිහි කෙනෙක්ගේ මෙලොව හා පරලොව සුගතිය ලඟා කරවන්න කරුණු 5ක් හරියට කරන්න කියලා තියෙනවා. අන්න ඒ දේවල් කරොත් කුමන අයෙකුට වුනත් වැරද්දක් වෙන්නේ නෑ.

    1. හොඳින් ඉගෙනීම.
    2. යහපත් රස්සාවක් කිරීම (මේකෙදි කියලා තියෙන්නේ අවි, සත්ව , මත්පැන්, වහල්, මත්කුඩු වෙලඳාම කියන දේවල් නොකර හොඳ රැකියාවක් කරන්න කියලා.
    3. රස්සාව අඛණ්ඩව කරගෙන යාමට ඇති කැමැත්ත.
    4. සුදුසු කල දී විවාහ වීම.
    5. ධර්මාවබෝධයට ඇති කැමත්ත/උත්සාහය.

    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මේ දේවල් හැමෝම කරොත් ලෝකය සාමකාමී වෙන්නේ නැද්ද කියලා. නමුත් මේ දේවල් කරන/නොකරන එකට තමන්ගේ පෙර පින බලපානවා.(මම දන්නේ නෑ උඹ පින්/පව් ගැන විශ්වාස කරන්නේ නැද්ද කියලා)

    කෙනෙක් ඉපදෙන්න පුලුවන් අධාර්මික දෙමාව්පියෙක් ලඟ, හරි අධ්‍යාපනයක් ලබන්න බැරි තැනක, එහෙම කෙනෙක්ට මේ මාර්ගය ගැන වැටහීමක් ලබාගන්න ටිකක් අපහසු වෙනවා නේද? නිවන ඇහිරෙන්න ගොඩක් අයට හේතු වෙන්නේ තමන් පෙර කරපු අකුසලකර්ම.

    සම්පුර්ණයෙන්ම එකගයි. අපි බුදුදහම යොදාගන්න ඕන ගෝත්‍රිකයෝ වගේ බෙදිලා අනිත් කණ්ඩායම් සමග ඇණකොටාගන්න නෙවෙයි අපි අපේ දහම ප්‍රොයෝගිකව බාවිතාකරලා අනිත් අයටත් ආදර්ශයක් වීමයි වෙන්න ඕන
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පළවෙනිම දේ තමා උඹට නෙමෙයි මම කිව්වේ ඒකාරණාව කිව්වයි කියලා ත්‍රෙඩ් එකේ කෑ ගහපු වෙන කෙනෙක්ට :rolleyes::rolleyes:

    උත්සහා ගන්නේ නෑ කියන්නේ කොහොමද මචං? දන් දීම, අෂ්ඨාංග උපෝසත සීලය, ධර්ම ශ්‍රවනය, ගොඩක් දේවල් තියෙනවා. කාර්‍යය්බහුලත්වය එක්ක ටිකක් අතපසු වුනත් උවමනාව තිබෙන කෙනා ඒ දේවල් කරනවා :yes::yes:

    මම පළමු පෝස්ට් එකේ අන්තිමටම දාලා ඇති, ඒ දේට අපිට පින නෑ කියලා. කවමදාවකවත් දුකක් ඇති වුන පළියට මහණ වෙන්න හොඳ නෑ මචං. මොකද ඒ දුක තුනී වුන ගමන් මහණදම් පුරන එක එපා වෙනවා. ඒ නිසා ජීවිතේ ගැන මනාවබෝධයකින් තමා මහන වෙන්න ඕනේ. අන්න ඒ අය නම් මහණදම් හරියට පුරලා ඒ මාර්ගය ලඟා කර ගන්න උත්සහා කරනවා. අන්න ඒ විදියට ජීවිතේ අනිත්‍යය වැටහෙන්න තරම් අපි පින් කරලා නැතිව ඇති. ඒකයි අපි මේ ලෞකික සැපයෙන් ඇලිලා ජීවත් වෙන්නේ.

    මම කිව්ව අර තරුණ මදය ගැන පොඩ්ඩක් හිතලා බලපන්. වයසට යද්දි උඹට හැදෙන ශරීර ලෙඩ දුක් එක්ක බලද්දි උඹට හිතෙයිද කියලා අවුරුදු ගාණක්, කල්ප ගාණක් ඒ විදියට දුක් විදීන්න.

    කකුළුවා දිය රත් වෙනකන් දිය හැලියේ විනෝද වෙනවා වගේ තමා අපි හැමෝමත්. අපේ ජීවිතත් ඒ දිය හැලිය වගේ අවසන් කාලේදි රත් වෙයි. එතකොට බලපන් දැන් ගන්න ආතල් එක තියෙන හැටි :yes:

    ඔව් :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගෙදරට වෙලා පිනන කකා පෝර්න් බල බල අත මරණ පොඩි උන්ට තේරෙන්නෙ නෑ නිවන කියන්නෙ මොකද්ද කියල..
    අවුරුදු 60-70 මනුස්සයො ටිකක් අරගෙන තව අවුරුදු කීයක් ජීවත් වෙන්න ආසද කියල ඇහුවහම නම් ටිකක් තේරෙයි..
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    හොඳයි, උඹේ අදහස කියපන්කො බලන්න ඉස්සෙල්ලම
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සිත ඒක තැනක තියෙන දෙයක් නෙමේ. එක ප්‍රසාද රුප තියෙන තැන වලට යනවා.
    උදාහරණ විදියට ඇසෙ චක්කු ප්‍රදයට.
    idle තියෙන්න heart එකේ වස්තු ප්‍රසාදයේ
    අපේ අගේ හැම තැනම පරාස රුප තියෙනවා. ඒවාට තමා සිත සම්භන්ද වෙන්නේ. ඒවගෙන් signal අරන් අය වස්තු ප්‍රසාදයට එනවා. එතනදී තමා තීරණය කරන්නේ සැප දුක.
    පදයට ඉස්සරලම signal යවන්න හිතන්නේ සිතෙන්. ඉගාවට සිත ඒක ප්‍රසාද රුප හරහා මොලයට දෙනවා. මොලයෙන් ඔය කියන chemical reaction වෙනවා.
    අපි දෙන්නම හරි. නමුත් ඔය කියන්නේ physical part ඒක විතරයි

    මචං ආයෙ චුට්ටක් මේක හරියට පැහැදිලි කරන්ඩ පුලුවන්ද :)
    බුද්ධාගමේ ඒ පාවිච්චි කරන වචන අපි හරියට දන්නෑ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ගෙදරට වෙලා පිනන කකා පෝර්න් බල බල අත මරණ පොඩි උන්ට තේරෙන්නෙ නෑ නිවන කියන්නෙ මොකද්ද කියල..
    අවුරුදු 60-70 මනුස්සයො ටිකක් අරගෙන තව අවුරුදු කීයක් ජීවත් වෙන්න ආසද කියල ඇහුවහම නම් ටිකක් තේරෙයි..

    මේක තමා තිත්ත ඇත්ත. තරුණ මදයෙන් ලොල් වීම. වයසට යද්දි පණ නැති වෙද්දි තමා තේරෙන්නේ :baffled::baffled:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Me loke kawadada bn api sepa winde.. Ude idan hawas wenakan merigena weda karanawa sochcham padiyakata.. Mona sepakda bn meka
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    mata nam tiyenny mehema adahasak , api danne naha ney ban attama oya Nirwanaya kiyala ekak tiyenwada kyiala , (same thing with heaven and hell concept )... so marunata passe okkoma ivara wennath puluwan.

    උබ හිතන්නෙ නිවන ලැබෙන්නෙ මැරුනහම කියලද? අනික නිවන කියල දෙයක් නෑ. නිවන කියන්නෙ කොහොමටවත් "දෙයක්" නම් නෙමේ. නිවන කියන්නෙ ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්. පිලිතුරක් දෙන්න මචන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ හිතන්නෙ නිවන ලැබෙන්නෙ මැරුනහම කියලද? අනික නිවන කියල දෙයක් නෑ. නිවන කියන්නෙ කොහොමටවත් "දෙයක්" නම් නෙමේ. නිවන කියන්නෙ ප්‍රත්‍යක්ෂ කර ගත යුතු දෙයක්. පිලිතුරක් දෙන්න මචන්.

    උඹ හරි. ඒක ස්වර්ගයක් නෙමේ..
    අපිට මේ ලෝකය ග්‍රහණය වෙන්නෙ, දුක සතුට දැනෙන්නෙ විඥානය නිසා
    විඥානය නැති උනාම කිසිම සංවේදනයක් දැනෙන්නැතුව යනව..
    දැං උඹට දැනෙනව නේ උඹ ඉන්නව කියල, අවට ලෝකය උඹට දැනෙනව කියල
    නිවන කියන්නෙ මේ ඔක්කොම දැනෙන්නැති අවස්ථාව
    නින්ද ගියාම ටිකක් මේ වගේ අපිට..
    ඒත් ඒක සදාකාලික නින්දක්..

    හීන නොපෙනෙන නින්දක්
    කිසිවක් නැහැයි කියලවත්, දැනෙන්නැති නින්දක්
    මගේ තේරුම් ගැනීම ඕකයි
    මං නින්දට සමාන කළේ, වෙන උදාහරණයකට ගන්ඩ දෙයක් නැති නිසයි
    ඕනෙ නං සිහි මුර්ඡා අවස්ථාවක් උනත් ගන්ඩ පුලුවං