අවුරුද්ද කිට්ටු වෙනකොට ශොපින් කරල මට්ටු න
සිංහල හින්දු අලුත් අවුරුද්ද ලඟ ලඟම. ශොපින් කරන්න නම් තව කල් තියෙනවනෙ කියල හිතුවත් ඇත්තටම අන්තිම මොහොත වෙනකම් ඉන්නෙ නැතුව කලින් ඉඳන් මේකට ලෑස්ති වෙන එකේ වාසිය ඔයාලටමයි. අපි මේ කියන්නෙ අවුරුදු ශොපින් යන්න ලෑස්ති වෙන ඔයාලට වැදගත් වෙන ටිප්ස් ටිකක්. ඇයි අපි එහෙම කියන්නෙ කියල දැනගන්න මේ ටිප්ස් ටික කියවලම බලන්නකො.
01. බජට් එක
image source - antavo.com
අප්‍රේල් අවුරුද්දට ගමේ ගිහින් ආයෙ එන්නෙ මාසෙ ඉතුරු දවස් ටික ගෙවන්නෙ කොහොමද කියල ඔළුව ගැටගැහෙන්න කල්පනා කරන ගමන්ද? එහෙම නොවෙන්න නම් අනිවාර්යයෙන්ම කලින් ඉඳන්ම බජට් එක ප්ලෑන් කරගන්න ඕන. අවුරුද්දට තෑගි බෝග වලට වියදම් කරන්න පුළුවන් මෙච්චරයි කියල බජට් එකක් වෙන් කරගන්න. පව්ලෙ සමීපතමයන්ගෙන් පටන් අරන් ප්‍රමුඛතාවය දිය යුතු පිලිවෙලට බජට් එක වෙන් කරගන්න.
02. ලිස්ට් එකක් හදාගන්න
image source - *
බජට් එක වෙන් කලාට පස්සෙ මේක තමා ඊලඟ වැඩේ. පවුලෙ අයට නෑදෑයින්ට වගෙම තමන්ට අවශ්‍ය දේවල් වල ලිස්ට් එකක් හදාගන්න. බජට් එකට අනුව එක එක්කෙනාගෙ තෑගි වලට වියදම් කරන්න පුළුවන් ගාණ වෙන් කලාම ඒ ගාණට ගන්න පුළුවන් තෑගි මොනවද කියල හොයල බලල නෝට් එකක් දාගන්න. ශොපින් ගියාම තෑගි දෙන්නෙ මොනවද කියල හිත හිත සෙනඟ ගොඩේ තෙරපි තෙරපි ලතවෙනවට වඩා මේ ක්‍රමය හරිම පහසුයි.
03. සේල් සේල් අවුරුදු සේල්
image source - budgethotels.sg
අවුරුදු කිව්වම කොහාටත් කලින් ඇහෙන්න ගන්නෙ සේල් වල සද්දෙ. හැබැයි මේ සේල් වල ගැට වලට අහු වෙන්න කලින් ගන්න ඉන්න බඩු මුට්ටු වල මිල ගණන් ගැන කලින් ඉඳන්ම දැනුවත් වෙන්න. තිබ්බ ගාණටම තව කීයක් හරි එකතු කරල ගාණ දාලා අඩු කලයි කියල සේල් දාන බඩු ගැන දැනුවත් වෙන්න. ඒ වගේම මේ බඩු වල කොලිටි එක ගැන විශේෂයෙන්ම හොයල බලන්න. ගෙදරට ගන්න ඉලෙක්ට්‍රොනික් බඩුවක් වගේ නම් වොරන්ටි තියෙනවද කියල හොයල බලලම ගන්න. ඔය සේල් දාන බොහොමයක් බඩු වලට වොරන්ටි නෑ.
04. බැංකු කාඩ් සහ ලෝයලිටි කාඩ්
image source - dailymirror.lk / paymentscardsandmobile.com
ඔය එක එක බැංකු වල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් වලට වගේම සුපර් මාකට්ස්, ඇඳුම් කඩවල් වල එහෙම දෙන ලෝයලිටි කාඩ් වලට විශේෂ වට්ටම් සහ ප්‍රතිලාභ ලැබෙන වෙලාවල් තියෙනව. අවුරුදු ශොපින් කරන්න කලින් මේ දේවල් ගැන දැනුවත් වෙන්න. කෑශ් වලින්ම නැතුව කාඩ් වලින් ගෙවන එක වාසි වෙලාවට ඒ පහසුකම් පාවිච්චි කරන්න. හැබැයි ශොපින් කරන්න ගියාම හැමතැනටම හැම එකටම කාඩ් එකම පාවිච්චි කරන්න එපා. ඇඟටපතට නොදැනී ඔබේ බජට් එකේ ලිමිට් පනින්න පුළුවන්.
05. ආරක්ෂාව ගැන හිතන්න
image source - metlifeyourlife.com
අවුරුදු ශොපින් අන්තිම මොහොතෙ කරන්න තියාගත්තා වගේ නෙවෙයි මේ කාලෙට පික්පොකට් ගැහිලි වගේ දේවල් වැඩි නිසා ඔබේ මුදල් වල ආරක්ෂාව ගැන හිතන්නම වෙනව. වඩාත්ම හොඳ කඩවල් වල පාරවල් වල සෙනඟ උතුරන්න කලින්ම ශොපින් පටන් ගන්න එක. එහෙම කලින් ගිහින් ගන්න කොට පරණ ස්ටොක් වලින් එළියට ඇදල අරන් විකුණන දිරච්ච රෙදි, තේරිච්ච බඩු අහු වෙන්නෙත් නෑ. එහෙමත් නැත්නම් ඔන්ලයින් ශොපින්. අවුරුදු ලං වෙන කොට ඔන්ලයින් ශොපින් සෙන්ටර්ස් වලත් එක එක ඔෆර්ස් එනව.
06. ශොපින් පාට්නර්
image source - boldsky.com
තනියම ශොපින් යන එක මහ බෝරින් වැඩක් උනත් ශොපින් යන්න තනියට අඬගහන් යන කෙනා නිසා වියදම් ඩබල් වෙන්න පුළුවන්. ඒ කියන්නෙ දකින දකින එක ගන්න පෙළඹෙන වගේම යන යන තැනින් මොනවම හරි කකා බිබී යන පාට්නර් කෙනෙක් සෙට් උනොත් ඔයාගෙ බජට් එක ලිමිට් පැනල ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්. ඊටත් ශොපින් යන්නෙ හැපී මූඩ් එක නිසා අනවශ්‍ය මිලදී ගැනීම් වලට පෙළඹෙන්නත් ඉඩ වැඩියි. පොඩ්ඩක් බෝරින් උනාට අවුරුද්ද කෑවට පස්සෙත් ජීවත් වෙන්න ඕන නිසා පොඩ්ඩක් මේ දේවල් ගැනත් හිතලම ශොපින් කරන එකේ වාසිය ඔයාලටමයි.
07. ළමයි එක්ක ශොපින් එපා
image source - mirror.co.uk
අවුරුද්දට ශොපින් කරන්න යනව නම් දරුවන්ව පුළුවන් විදියට ගෙදරම තියල යන්න බලන්න. එක්ක නොගිහින්ම බැරි තත්ත්වයකදී මිසක් දරුවො එක්ක ශොපින් යන එකෙන් ඔබ යන වැඩය කරගන්න අපහසුයි වගේම සෙනඟ ගොඩේ තෙරෙපෙමින් යන දරුවා පත් වෙන්නෙත් අපහසුවකට. ඒ වගේම ළමයින් මඟ හැරීම් වගේ දේවලුත් සෙනඟ ගැවසෙන තැන් වලදි වෙන්න පුළුවන්.
Source - http://see.lk/
FB - https://www.facebook.com/www.see.lk/

Last edited: