අවුරුද්ද-
උදෙන්ම
නිදි මරගාතේ ඇහැරගෙන
කවදාවත් නොහැරෙන
ලිතේ දුන් නැකැතට
කෑම මේසෙ වාඩිගෙන
මතකයි කෑවා
අම්මා දුන්නු කිරි බත
කෑම පිඟන් උස්සගෙන
අලුත් ඇඳුම් ඇඳගෙන
ඉන්පස්සෙ අපි ගියා
සංචාරෙ වරුවෙම
යාළුවො හොයාගෙන
හවස සෙල්ලමට බර
"මචං හවස සෙට් වෙමුද'
"අනිවා අනිවා. කීයටද"
"හතරට වගේ"
"එල එල"
හවස් වරුවෙම ඉතින්
අලුත් කමිසය ඉරෙන
පිට්ටනිය වෙත ගියා
ක්‍රිකට් පිති උස්සගෙන
අවට වතු පොතු අරින
අවුරුද්දෙ පළු අරින
ඒත් බං දැන් කෝ
අපි උන්නු තැන්වල
විසිරිලා ඔක්කොම
එකම මිදුලේ උන්නු
කෝ බං අවුරුදු උත්සවය
එදා අපි සින්දු කියු
රස්සාවකලු දැන්
පරස්තාවකලු දැන්
විකුණලලු ගේ දැන්
පිටරටලු උඹ දැන්
අපි අපිට කෝ දැන්
අවුරුදුද අපට දැන්
-මාලන් විදානපතිරණ
උදෙන්ම
නිදි මරගාතේ ඇහැරගෙන
කවදාවත් නොහැරෙන
ලිතේ දුන් නැකැතට
කෑම මේසෙ වාඩිගෙන
මතකයි කෑවා
අම්මා දුන්නු කිරි බත
කෑම පිඟන් උස්සගෙන
අලුත් ඇඳුම් ඇඳගෙන
ඉන්පස්සෙ අපි ගියා
සංචාරෙ වරුවෙම
යාළුවො හොයාගෙන
හවස සෙල්ලමට බර
"මචං හවස සෙට් වෙමුද'
"අනිවා අනිවා. කීයටද"
"හතරට වගේ"
"එල එල"
හවස් වරුවෙම ඉතින්
අලුත් කමිසය ඉරෙන
පිට්ටනිය වෙත ගියා
ක්‍රිකට් පිති උස්සගෙන
අවට වතු පොතු අරින
අවුරුද්දෙ පළු අරින
ඒත් බං දැන් කෝ
අපි උන්නු තැන්වල
විසිරිලා ඔක්කොම
එකම මිදුලේ උන්නු
කෝ බං අවුරුදු උත්සවය
එදා අපි සින්දු කියු
රස්සාවකලු දැන්
පරස්තාවකලු දැන්
විකුණලලු ගේ දැන්
පිටරටලු උඹ දැන්
අපි අපිට කෝ දැන්
අවුරුදුද අපට දැන්
-මාලන් විදානපතිරණ






