අවුරුදු ලක්ෂ 2420 ක් පැරණි මත්ස්‍යයෙක් මතුවෙ&#

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    අවුරුදු ලක්ෂ 2420 ක් පැරණි මත්ස්‍යයෙක් මතුවෙ&#

    ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත රාජ්‍යයක් වූ ටිචිනොහි ශාන්ත ජෝර්ජියා ප්‍රදේශයෙන් අවුරුදු ලක්ෂ 2420 කට පෙර මිහිමත් ජිවත් වූ මාළු විශේෂ දෙකක් පර්යේෂකයන් විසින් සොයාගන්නා ලදී. Zurich විශ්වවිද්‍යාලයේ ජර්මන් හා චීන පර්යේෂකයන් මෙම හමු වූ මත්ස්‍ය විශේෂ දෙක Saurichthys විශේෂයට අයත් වන බවයි. එසේම මොහුන් අතීත ලෝකයේ ලොවපුරා කරදිය සහ මිරිදියේ පැතිර සිටින්නට ඇතැයි විශ්වාස කරන අතර මේ වර්ගයේ මසුන් ඉතාමත් කලහකාරී බව පර්යේෂකයන් මත පල කරති. එසේම ඔහුන්ගේ දත්වල ස්වභාවය සහ හැඩය අනුව විවිධ වාසස්ථාන හා වවිධ ආහාර ක්‍රම වලට හුරු වී සිටින්නට ඇති බව පර්යේෂණය කල . Zurich විශ්වවිද්‍යාලයේ ජර්මන් හා චීන පර්යේෂකයන් පවසති.

    Saurichthys_HF_300dpi.jpg


    මින් සොයා ගත වඩාත් දිගැති මත්ස්‍යා Saurichthys breviabdominalis ලෙස විද්‍යාත්මක නාමයක් දී ඇති අතර අනෙක් මත්ස්‍ය විශේෂය නම් කර ඇත්තේ Saurichthys rieppeli ලෙසිනි. Zurich විශ්වවිද්‍යාලයේ පොසිල විද්‍යා විශේෂඥයෙකු වන ස්විට්සර්ලන්ත ජාතිකයෙකු වන Olivier Rieppel මහතාට ගෞරව පිණිස එම නම දැමු බව විද්‍යාඥයන් පවසති. මේ Saurichthys rieppeli විශේෂය අනෙක් Saurichthys breviabdominalis විශේෂයට වඩා සාපේක්ෂව කොට සිරුරකින් සමන්විතය.

    Bild_1.jpg


    මින් සොයා ගත වඩාත් දිග විශේෂය සෙන්ටි මීටර 60 ක් දක්වා වැඩෙන බව පර්යේෂණයේ ප්‍රධානී Zurich විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Heinz Furrer මහතා පවසයි. අනෙක් විශේෂයේ දිග සෙන්ටිමීටර 40 ක් පමණ වන අතර වාසස්ථාන වල විවිධත්වය අනුව විවිධ ආකාරයේ ආහාර රටාවන්ට හුරුව පරිනාමයේ සාර්ථකත්වය පෙන්වන්නට ඇතැයි ඔහුන් මත පල කරති. එසේම මේ මත්ස්‍ය විශේෂ දෙක එකිනෙකට වෙනස්වන්නේ ඔහුන් ජිවත් වූ පරිසරය සහ ආහාර රටාව අනුව පෙන්වූ පරිනාමිය ලක්ෂණ වලින් බවද Zurich විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Heinz Furrer මහතා වැඩිදුරටත් කියා සිටි.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉස්සන් මගුරන් වගේ ලොකු ලොකු මාළු නැද්ද ඩලෝ :D

    එල +
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ වගේ මූදු මාළු ජාතියක් තාම ඉන්නවා..මාළු කඩවල්වල විකුණන්නත් තියේ.:yes: