රන්තලිය වලව්වෙත් ඔහොම සිද්දියක් වෙලා තියෙන්නේ කියලා අහලා තියනවා. ඒ් පවුලේ කිසි පිරිමි කෙනෙක්ට ඉන්න බැරි උනාලු වැවේ ගිලිලා මැරුනලු. අන්තිමට ඉතිරි වෙලා උන්න ගෑනු කෙනා කොලඹ ඉදලා මිනිහා ඒක්ක වලව්වට ආව පලවෙනි දවසෙම රෑ වැවේ ගිලිලා මැරිලා තියනවා. හේතුව වලව්වේ ලොක්කා රොඩී ගෑනියක් දූශනේ කරලා. ඒ් ගෑනි සාප කරලා වැවට පැනලා මැරිල තියෙන්නේ. වලව්වේ පිරිමින්ට වැවේ රත්තරන් පාත්තරයක් පාවෙනවා පේනවාලු. ඒ්ක ගන්න ඉබේම වගේ යනවලු. ඒතකොට ගිලිලා මැරෙනව කියලයි කියන්නේ. වැව කිට්ටුවම හිටිය ඇමති කෙනෙක් රන් තලිය ගන්න වැවම හින් කරා වැව සුද්ද කරනවා කිිිිියලා. ගත්තද නැද්ද නම් දන්නැ. කොහොම නමුත් ඒ් ඇමතිත් අවුරුද්දකට කලින් වගේ මැරුනා.
කේන්දර ගැන කියනකොට පිරිමින්ගේ කේන්දරේ කාලසර්ප යෝගය පූර්නව තිබ්බොත් අවුරුදු හතලිස් දෙක පන්නන්න බෑ කියලා කියනවා. බදින ගෑනි විෂ කන්‍යා යෝගය තියන කෙනෙක් නම් පිරිමියා ඉක්මනින් මැරෙනවා කියලත් කියනවා. කෙට්ටු ගෑනියෙක්ගේ ඇග පුරා රෝම වැඩියෙන් වැවෙනවා නම් ඒ් බදින පිරිමි කෙනාටත් අපල තියනවා දුප්පත් වෙනවා කියලා කියනවා.