දැන් අපි හිතමු පොලිස්කාරයෙක් මගේ ෆෝන් එක පාරෙ යන ගමන් ඉල්ලුව කියලා..මට බය නැතුව ෆෝන් එක දෙන්න පුළුවන්..උන් කිව්වොත් හෝඩුවාවක් තියෙනවා කියල එක පිළිගන්නේ කොහොමද? උන්ගේ ළඟ ඕපන් වොරන්ට් එකකුත් නැත්තන් මම ෆෝන් එක දෙන්න බැහැ කිව්වොත්, මම උන් එක්ක එකට එක කියන්න යනවා කියලා මාව වෙන වැරැද්දකට ඇරෙස්ට් කරන්න පුලුවන්ද? (මේ වෙලාවේදී මට නම් ෆෝන් එක උන්ට දුනන්ත් ප්‍රශ්නයක් නැහැ මගේ ෆෝන් එකේ මුකුත් වැල නැති නිසා..එත් ඌ පොලිසියේ කියලා උට එක නීතියකුයි අපිට තව එකකුයි තියෙන්න බැහැනේ..උට නීත්‍යානුකුල අයිතියක් නැත්තන් අපි මොකටද අපේ personal දෙයක් වෙන කොහෙවත් යන එකෙක්ට දෙන්නේ)
ගොඩක් අය පොලිසිය එක්ක කෙලින්ම නීතිය කතා කරන්න බය ඔය හේතුව නිසයි...එක්කෝ අපි ළඟ අතේ නීති පොතක් තියෙන්න ඕනේ නිතරම...
ලංකාවේ නීතිය ගැන සඳහන් කරලා තියෙන්නේ කොහෙද? පොතක් ගන්න තියෙනවද? ගොඩක් ගණන්ද?
ඇයි බන් අපි මේ රටේ ඉන්නවා මේ රටේ පුරවැසියෝ, ඒ කියන්නේ අපි මේ නීතියට අවනතයි, එත් අපි මෙලෝ හසරක් දන්නේ නැහැ නීතිය ගැන...අනිත් එක කලින් කිව්වා වගේ පොලිසිය එක්ක ගේම ඉල්ලන්න බයයි අපි..වෙන රටවල්වලින් එන එවුන් අපිට වඩා නීතිය දන්නවා මොකද උන් නීති ටික ස්ටඩි කරලා එන්නේ හොඳට...