අසම්මත් ප්‍රේමයන් දෙකක් අතර (18+)

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ ගීතයක් තියෙනව සමලිංගිකයන් ගැන ලියවුන, ඒකේ කතාව නොදන්නා කම නිසාම සමලිංගික අයට විරුද්ධ අයත් මේ සිංදුව මුමුණනවා.

    මේ ගීතයේ තියෙන්නෙ ලස්සන යුවතියක් එක්ක සම්භන්ධයක් පවත්වන තරුණයෙක් ගමේ ඉඳන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනවා වැඩි දුර අධ්‍යාපනය සඳහා. එතකොට රැග් එකත් එක්ක මේ තරුණයා සමලිංගික සම්භන්ධයක් පටන් ගන්නවා වැඩි මහළු සිසුවෙක් එක්ක. කැම්පස් එක ඇතුලෙදි ඒ වැඩිමහළු සිසුවා එක්ක ලිංගිකව හැසිරෙන ඔහු නිවාඩුවට ගෙදර ගිහින් අර යුවතිය සමඟ ලිංගිකව එකතු වෙනවා. නමුත් ගමේ ඉන්න යුවතිය දැන ගන්නවා මේ තරුණයා මෙහෙම කෙනෙක් කියලා, ඒවගේම යුවතිය ගේ ලියුම් දැකලා අර වැඩිමළු සිසුවාත් හිතින් වැළපෙනවා. ඊට පස්සෙ තරුණයා කියණ දේ තමා මේ ගීතයේ තියෙන්නෙ


    වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ

    ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා අප එක් වෙලා කුමටදෝ //
    වෙනසක් නොවී මගේ හිත් අතින් පිසලන්නෙ කොයි කඳුළු දෝ

    වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ

    අසරණ ඔබයි.... තනි වුනු ඇයයි මට ශාප කර යාවිදෝ //
    ඔබේ ලෝකයෙන්..... ඇගේ ලෝකයෙන් සමුගන්න සිදු වේවි දෝ....

    වරදක් කළත් සිතකින් නොවේ.. රිදවන්නෙ පළි ගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත්.... ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ


    අවසානයේදි තරුණයා තමන්ගේ ජීවිතයෙන් සමුගන්නවා. ඒ සිදුවීම අළලා තම මේ ගීතය නිර්මානය වෙන්නෙ!

    Boru kiyanna epa yako. Danne nathi dewal nokiya idapan. Oya sinduwen kiyanne AMMA ganai PEMWATHIYA ganai.:growl::growl::growl: Tread Danna onawata boru pada badinna epa. Oke kiyana kellata amma kemathi na. අසරණ ඔබයි Kiyanne kellata,තනි වුනු ඇයයි kiyane Ammata. Thaththa merila. Ehema boru kiyanna Ubath SAMALINGIKAYEK wenna athi.:baffled::baffled::baffled:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    machan ohoma ekak neme machan meke kiyanne, meka badapu kollek gani ganai amma ganai thama kiyanne, poddak sihiyen ahala balanna welawa thiyenakota,
     

    dam32

    Member
    May 19, 2009
    140
    2
    0
    Boru kiyanna epa yako. Danne nathi dewal nokiya idapan. Oya sinduwen kiyanne AMMA ganai PEMWATHIYA ganai.:growl::growl::growl: Tread Danna onawata boru pada badinna epa. Oke kiyana kellata amma kemathi na. අසරණ ඔබයි Kiyanne kellata,තනි වුනු ඇයයි kiyane Ammata. Thaththa merila. Ehema boru kiyanna Ubath SAMALINGIKAYEK wenna athi.:baffled::baffled::baffled:

    I also agreed with this one. seesor123 you r correct:yes::yes:
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මේක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්...........
    මේක සැමියෙක් ඵයාගේ විවාහයෙන් පස්සේ බිරිඳ සහ සිය මව අතර සිදුවෙන 3න් ඈදුතු ගනුදෙනුව ගැන තමයි කියවෙන්නේ... ඵයා බිරිඳ කියනදේත් අහන්න ඹ්නි මව කියන දේත් අහන්න ඹිනි.. ඉතින් මෙයා මේ වෙලාවේ මාර විදියට අසරණයි...
    ඔන්න ඔකයි මේකට පසුබිම් වෙලා තියෙන්නේ...........

    ow machan. meka thama harima theruma. lassana sinduwak. kawadawath nomiyana sindu mewa.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    elakiri eke samalingikayo lasssana sindu thamange paththata harawa ganna fully try eka.
    wesa ponnayo godai dan lankawe
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක


    - 2011 දෙසැම්බර් 11 වෙනිදා දිණමිණ

    දමනය කිරීමට නොහැකි මේ සිතිවිලි නිසා මිනිසා විවිධාකාර වූ ප්‍රායෝගික අර්බුදවල පැටලෙයි.
    ප්‍රේමය නම් වූ විෂයයෙහි වැඩි වැඩියෙන් මේ අර්බුද ඇතිවනු දක්නට හැකිය.
    ආදරය වූ කලී එක හිතකින් එකකුට හෝ එකියකට පමණක් පුදකළ යුතු ය යන්න සාම්ප්‍රදාය යයි.

    ඒ සම්ප්‍රදාය බිඳෙන කල්හි සමාජ සංස්කෘතික ගැටලු හටගනී. ඒ ගැටලුවලට මුහුණදීමට කෙනකුට අසීරුවෙයි.
    ප්‍රණීත් අභයසුන්දර නම් වූ ගේය කාව්‍ය රචකයා තේමා කරගන්නේ එබඳු අර්බුදකාරී අවස්ථාවකි.

    වරදක් කළත් සිතකින් නොවේ
    රිදවන්නෙ පළිගන්නෙ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගෙ ඇස්දෙක වගෙයි


    කථකයාට ප්‍රේමවන්තියන් දෙදෙනෙකි. එකියක තමා සමීපයේ සිටින්නියකි.
    ඇතැම් විට ඇය බිරිය හෝ විවාහ අපේක්‍ෂිත තැනැත්තිය විය හැකිය.
    අනෙක් තැනැත්තිය දුරින් සිටින්නියකි. දෙදෙනාටම ඔහු එකහා සමාන ව ප්‍රේම කරයි.

    ඔහු මුහුණදෙන මීළඟ අර්බුදය වන්නේ, කුමන හේතුවක් නිසාවත්, එක් ප්‍රේමයකට තිත තැබීමට සූදානම් නොවීම හේතුවෙනි.
    එසේම එකියකට හෝ රිදවීමට ද ඔහු කැමති නොවේ’ දෙදෙනා කෙරෙහි ම නම්‍යශීලී වූ දයාබර හදවතක් ඔහු සතු ව පවතී.

    ඔබෙ ගිනි නිවා - ඇගෙ හිත දවා
    අප එක්වෙලා කුමටදෝ
    වෙනසක් නොවී මගෙ හිස් අතින්
    පිසලන්නෙ කොයි කඳුළ දෝ....


    කථකයාගේ දයාබරත්වය නිසා ඔහුට චපලකම පිළිබඳ චෝදනාව එල්ලවීමට ඉඩක් නොමැත.
    චපල හදවතක් ලෙස කැට මුගුරු ගෙන පහර දෙනු වෙනුවට ඔහුට අනුකම්පා කිරීමට රසිකයා පෙලඹේ.

    වෙනසක් නොවී මගෙ හිස් අතින්
    පිසලන්නෙ කොයි කඳුළ දෝ”


    එකියකට හෝ අසාධාරණයක් වනු දැකීමට ඔහු අකමැති ය. තමා සමීපයෙ සිටින ආදරවන්තිය ද දුරින් සිටින ආදරවන්තිය ද ඔහුට එක හා සමාන ය.
    එහෙත් ඔහුට අනාගත ඉරණම ඉවකින් මෙන් දැනේ නම් මේ දෙදෙනාට දක්වන සාධාරණය දෙදෙනාගෙන් තමාට ආපසු ලැබේද යන්න ඔහුට සැක සහිත ය.
    එබඳු අනාගත අභාග්‍යයකට ඔහු සූදානම් වන බවක් මෙහි දී රසිකයාට හැඟේ.

    ”අසරණ ඔබයි තනිවුණු ඇයයි
    මට ශාප කර යාවිදෝ
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
    සමුගන්න සිදුවේවි දෝ...”


    ඔහු සිතකින් නොකළ වරදක් වුවද මේ වරද තේරුම් ගැනීමට මේ යුවතියෝ සමත් වෙති ද?
    එසේ නම් ශ්‍රී හර්ෂ රජු විසින් රචිත රත්නාවලී නාට්‍යයේ වාසවදත්තා ගේ චරිතය යළි ලොව පහළ විය යුතුය.
    මේ නිසා අවසාන ප්‍රතිඵලය විය යුත්තේ දෙදෙනා අතින් ම මොහු ප්‍රතික්‍ෂේප වී යාමයි.

    සුලබ අනුභූතියක් වුවද එය දුලබ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ප්‍රණීත් අභයසුන්දරයෝ සමත්වෙති.
    සමාජයෙන් චෝදනා ලැබිය හැකි චපල සිතකට අනුකම්පාව ලබාදීමට ද ඔහු සමත් වෙයි.

    ප්‍රේමය පිළිබඳ සමාජ සංස්කෘතික සීමාවන් පුපුරවා හැරීමේ තේමාවක් ද මේ ගී පද රචනයෙහි අන්තර්ගත ය.
    ආදරයට කොන්දේසි පැනවිය නොහැකි බව මේ තුළින් යළි යළිත් පැහැදිලිවේ.

    මැදිවිය ඉක්මවා යමින් සිටියද ප්‍රේමණීය හඬ පෞර්ෂය මහාචාර්ය සනත් නන්දසිරි තුළ නොනැසී පවතී.
    ඒ හඬ රසික හදවත් දොවාගෙන ගංගාවක් සේ ගලායයි. එතුමන් ගේ බොහෝ තනුනිර්මාණ තුළ ද ඒ යෞවනය තවමත් නොනැසී පවතී.

    මේ ගීත පදමාලාව පිළිබඳ ව වෙනත් මතවාදයන් ද රසිකයන් තුළ පවතී. එනම් තම පෙම්වතිය හා මව අතර අතරමංවුණු තරුණයකුගේ සිතුවිලි මෙහි අන්තර්ගත බවයි.
    නිර්මාණයකට එබඳු විවිධ අරුත් සපයන්නට සමාජය ඉදිරිපත් වීමෙන් ම පැහැදිලි වන්නේ සමාජය ඒ නිර්මාණය වැලඳගත් බවයි.
    කෙසේ වෙතත් මා දන්නා පරිදී තනුවක් වෙනුවෙන් නිර්මාණය වූ මේ ගීතයේ උපරිම රසය මතුවන්නේ පළමු අනුභූතිය තුළ බව මට පෞද්ගලික ව දැනේ.

    - ධම්මික බණ්ඩාර
     
    Last edited: