අස්වැසුම හෙන බොරුවක් වංචාවක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    9,938
    18,433
    113
    අඩෝ මේක අපේ ගෙදරින් නම තියෙද කියලා බලන්න එනවා කට්ටිය . මට තේරුණ දේ මේතන වෙලා තියෙන්නෙ .

    (1)ඇත්තමට ලැබිලා තියෙන්නෙ ලොකුම බොරු කියපු සෙට් එකට මිසක් ඇත්තටම ඕනේ අයට නෙමෙයි .

    කට වචනෙට 5000ක් මාසික ආදායම දාපූ , අක්කර 3-4 තේ ඉඩම් තියෙන වාහන තියෙන උන්ට සහන නෙමෙයි දෙන්න ඕනේ බදු ගහන්න ඕනේ හරි නම් .

    ඔතන වෙන්නෙ සෙට් එකක් ඉන්නවා උන් දන්නවා ගානට බොරු කියලා සහනාධාර ගන්න. හැමදාම ආණ්ඩුවෙන් ආධාර ගන්නෙ මුන් . සහනාධාරලබා ගැනීමේ කළාව ප්‍රගුණ කළ අය. ඇත්ත ආදායම කියපු දුප්පත් මිනිස්සුන්ට නෑ.

    ආණ්ඩුව උනත් හිතන්න ඕනේ 5000 මාසික ආදායමක් කියන්නෙ විහිලුවක් කියලා . කුලී වැඩක් කරත් සතියට ඔය ගාන ගන්නවනෙ .

    ඇත්තටම ආණ්ඩුව සංගණය විතරක් නෙමෙයි , ඒ කියපුවා ඇත්තද කියලා බලන්නත් වැඩපිළිවෙලක් හදලා කරා නම් ඇත්තටම දුප්පත් උන්ට ලැබෙන්න තිබුණා .

    මට පේන්නෙ මේකත් ඡන්දෙ ගන්න කරපු ගොන් වැඩක් කියලා . මේ වගේ නාස්තිකාර වැඩවලට මහන්සිවෙලා වැඩ කරන මිනිස්සුන්ගෙ බදු සල්ලි වියදම් කරන එක වැරදියි .
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    1,997
    3,763
    113
    Sri Lanka
    Katha karala wedak ne ban... Oya halparuwo tika ilaga chandedi gihin kathire gahanawa muntama... Ita passe amaruwen kiyak hari hamba karana ungen tax gahala okunwa nadaththu karanawa... Mata hithena widihata public funded health and education era wena kisima ekak nikan denna hoda ne... Education unath nikan ohe viyadam karanna honda ne... 8 9 wage wenakam hemotama dila access karala balanna oni... Ethanin vocational training, higher studies wage karanna oni... University wage yanawa nam AL hondatama karana unta scholarships denna oni... E set ekata nethi samanyen goda da gaththa unta oni nam educational loan denna oni... Uni gihin iwara wela job gaththama gewanna... Ethakota nikan boruwata art degree karanna yanne ne minissu... Mokada gewanna puluwan job hoya ganna onine...
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    2,865
    3,652
    113
    "සමුර්දියට අත නොතබනු" කැපිච්ච අය දෙබරෙට ගල් ගැහුවා වගේ ඇවිස්සිලා ඉන්නෙ. ඕකට සුදුසු නොසුදුසු අය හොයන එක හරියට කරන්න අමාරුයි මොකද කට ඇරියොත් බොරු කියන්නෙ. අවිධමත් රටක විධිමත් දෙයක් කරන්න ඉඩ දෙන්නෙ නෑ.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    380
    660
    93
    ඔය ආධාර ගන්න උන්ට "මගේ කෑම වේල සපයාදීමට බදු ගෙවූ අයට ස්තුතියි" හෝ " මම අනුන්ගෙන් යැපෙන්නෙක්මි" කියල බැජ් එකක් හදල උන් පොදු ස්ථාන වලට යන හැම වෙලේම ඒක ඇඳුමේ ගහගෙන යන්න ඕන කියල නීතියක් දැම්ම නම් ඇත්තටම සහන ඕන එකා විතරක් ඕක ගනීවි.