අහක යන නයි රෙද්ද අස්සට වැටීම
කතාව කෙටියෙන් කියන්නම්. මේකයි සිද්ධිය. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ. ඒක අපේ ගෙදරිනුත් දන්නව. එයාලගෙ ගෙදරිනුත් දන්නව. ඒ කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිසිම ප්රෂ්නයක් නෑ. දැන් මේකයි කතාව. ලගදි දවසක කෙල්ලයි අම්මයි එක මනුස්සයෙකුගෙන් සාස්තරයක් අහල. අත බලලා කියන ජාතියේ එකක්. ඌ සාස්තර කියන එකෙක් නෙමෙයි. ඒ කියන්නෙ අම්මයි දුවයි සාස්තර බලන්න ගිය ගමනක් නෙමෙයි. ඌ ගම්මඩු වල නටන එකෙක්ලු. ඌට මොකද්ද වරමක්ද මොකද්ද එකක් තියෙනව කියල තමයි සාස්තරේ කියල තියෙන්නෙ. දැන් මූ කියපු සාස්තරේ තමයි පට්ට. මූ කියල තව අවුරුද්දක් යන්න කලින් මං කෙල්ලව අරන් පනිනවලු. එහෙම කෙල්ලව අරන් ගිහින් වෙන කොහෙ හරි ගිහින් ජීවත් වෙනවලු. ටික කාලයක් යද්දි කෙල්ලගෙයි මගෙයි අතරෙ ප්රෂ්න ඇති වෙලා මං කෙල්ලව අතාරිනවලු. ඊට පස්සෙ කෙල්ල ගෙදර එනවලු. පැනල ගිය නිසා තාත්තයි අයියයි එකතු වෙලා කෙල්ලව ගෙදරින් පන්නනවලු. මේ ටික ඔක්කොම කෙල්ලගෙ මූණටම කියල තියෙන්නෙ අම්මත් හිටපු තැන. දැන් අම්ම කෙල්ලට කියනවලු මේක නවත්තන්න කියල. මට තේරෙන්නෙ නැත්තෙ මේකට හිනා වෙන්නද අඩන්නද කියල.