අහම්බෙන් දුටු වැළලුනු ඉතිහාසයේ සාක්ෂ්‍ය.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හැබැයි ඉතින් ඔය ආයතනය මහා ලොකු කාර්‍යක්ෂම තැනක් නෙවෙයි නේද...? මතකනේ පුරාණ දාගැබක් සමතලා කරල පිරිස් වවලා අස්වනු නෙලන්න කිට්ටුවෙනකම්ම දොයියගෙන හිටියා...

    උඹල එතන රැයක් ගතකලාද...? රෑට බය වුනේ නැද්ද... නිකං චකිතයක් වගේ ගුප්ත හැඟීමක් දැනුනෙ නැද්ද...?

    මචං පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හාමුදුරුවන්ටත් ලිපියකින් හරි දැනුවත් කරන්න බලන්න.

    ගොඩක් ආණ්ඩුවේ ආයතන වලට උරුම අකාර්යක්ෂම නිද්‍රාශීලි ගතිය ඉතින් ඕකටත් පොදුයි...

    එහෙම බය වුනේ කියල නැහැ බන්.එතන ගුප්ත තැනක් කියල නම් හිතුනේ නැහැ. එතන මාරම ලස්සනයි. හොඳට ඉර එලිය වැටෙන තැනක්.
    එද්දී නම් සෑහෙන අලි බෙටි දැක්කා.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Uba den purawidya eken meka gen kiyanakam kiyala balan inna epa. Ubama apahu serayak ahala balapan api qwa thena mokadda kiyala. Adi 2.5k palala kanu demma kiyanme oya structure ekata loku weight ekak daraganna puluwan. Multi storied building ekakda danne ne thibune. Hebai raja kaale gal kanu hitewwa misak kalu gal walata badama dala building heduwe ne neda?
     

    wastemonster

    Active member
  • May 26, 2017
    229
    172
    43
    Gampaha
    ඉරිදා ලංකාදීප පත්තරේ මේහා සමාන විස්තරයක් තිබුනා. මම හිත්න්නෙ ඒ මේ ස්තානය වෙන්න ඕනි. ඒකෙ කියන්න හැටියට මේ තියෙන්නෙ අතීතයේ සිරිපා වන්දනා කරපු රජරට මාර්ගයේ තියන අම්බලමක නටඹුන්.
    ලිපියෙ පහල තියනවා. "උපුටා ගැනීම ඉරිදා ලංකාදීප 2019 ඔක්තෝබර් මස 27 වන ඉරිදා"
    link
    http://www.lankadeepa.lk/sunday/rasawitha/වන-මැද-ඇති-ගල්--ආසනය-කුමක්ද-/57-559432



    වන මැද ඇති ගල් ආසනය කුමක්ද?

    By කතෘ මණ්ඩලය // 2019 ඔක් 26 වන සෙනසුරාදා
    බැලුවෝ - 4516

    සමනල වන මැද සැඟවුණු නටබුන් සොයා-2
    image_d5039f2152.jpg

    හීන් පිදුරුතලාව
    image_33cc7525c6.jpg

    සිරිපා මළුව



    • සිරිපා අවාරයේ හැටන් පඩිපේළි මහ වැස්සට එකම දිය පහරක්
    • පළමු වැනි විජයබාහු රජු ගිනිගත්හේනෙන් සමනල වන්දනාව කළ පාරද?


    මුහුදු මට්ටමේ සිට උස අඩි 7359 ක් පමණ උසින් පිහිටා ඇති සමනල සිරස පිරමීඩාකාර මුදුන (Oval Shaped Summit) හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පහසුවෙන් හඳුනා ගත හැක. පසුගිය සතියේ අප කතිකා කළ පරිදි එම හේතුව නිසාවෙන් මීට වසර දහස් ගණනකට පෙර සිට යාත්‍රිකයෝ අප දේශයට ගොඩ වැදී ඇත. එලෙසම පුරාණ රජ වංශ වල පවා රජවරු තම තාන්න මාන්න හා බලය පාවිච්චි කරමින් සමනළ ගිරට උතුම් සේවාවන් කරන ලදි. අද අප රජ වංශ වලට මුදුන් මල්කඩ බඳු වූ සමනල සිරස ගැනත් වන මැද නටඹුන් ගැනත් සොයා යමු.

    සෙල්ලිපි මගින් පෙන්නුම් කරන පරිදි රජ කෙනෙකු ලෙස ප්‍රථමයෙන් මහා වංශය තුළ සමනල ගිර ගැන සඳහන් කරනුයේ වර්ෂ 1058 - 1114 අතර කාලය තුළ පළමු වන විජයබාහු රජ විසිනි. එය සඳහන් වනුයේ අඹගමුව සෙල්ලිපිය මගිනි. ඊට අමතරව විවිධ කාල වල විවිධ දේශාටනයේ යෙදුණු ගවේෂකයින්ගේ පොත් පත් වල මේ ගැන සඳහන් වේ. සොලී බලය පරදවා සිංහල බලය රට පුරා පැතිර වීමට කටයුතු කළ පළමු වන විජයබාහු රජ ලංකාවේ බෞද්ධාගමට විශාල සේවයක් කළේය. ඔහු විසින් කරවන ලද ‘අඹගමුව සෙල්ලිපිය’ තුළ ඔහු විශේෂයෙන්ම ශ්‍රී පාදය ගැන සඳහන් කරන්නේ වන්දනාමාන කළ මාර්ගයක් සමගිනි. ගිනිගත්හේන සිට කි.මි. 5 ක් පමණ දුරින් පිහිටි අකුරු කෙටූ පාණ නම් කුඩා කඳු ගැටයක පැතලි ගල් දෙකක සෙල්ලිපි ද්විත්වයකි. මේ වන විට පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශයක් වන එය ‘අඹගමුව සෙල්ලිපි’ ලෙස හඳුන්වනු ලබයි.

    ​මෙය වර්ෂ 1906 - 1912 අතර කාලය තුළ එච්.සී.පී. බෙල් මහතා විසින් උඩබුලත්ගම කොට්ඨාසයේ අඹගමුව කෝරළයේදී සොයා ගනු ලැබීය. මෙහි පළමු වන විජයබාහු රජු සිරිපා වන්දනා කරන බැතිමතුන්ට දාන මාන දී ඇති බවත් දෙමළ බලය මැඩ පවත්වා රට එක්සේසත් කළ බවත් කියැවේ. මෙහි ඇති එක් සෙල්ලිපියක් දිග අඩි 12 ක් අඟල් 3 ක් හා පළල අඩි 9 අඟල් 3 ක් වේ. අනෙක දිග අඩි 9 ක් අඟල් 4 ක් සහ පළල අඩි 9 ක් හා අඟල් 7 ක් පමණ වන අතර පැතලි ගල් යුගළයක වෙන වෙනම මේවා කොටා තිබේ.

    මෙහි පදලස් ද, (ශ්‍රී පාදය) පිහිටි සමනොල කුළෙහි නඩත්තු කටයුතු සඳහා ද පුද පූජා සඳහා ද පහන් දල්වනු පිණිස අවශ්‍ය පියවර ගැනීමට හා සිරිපා වැඳීමට සිව් දෙසින් එන මහා සංඝයා වහන්සේට පිඬු පසයට ද සෙසු සිරිපා වැඳීමට පැමිණෙන ජනයාට දන් වැට සඳහා ද සිරිපා වැඳීමට බැතිමතුන් පැමිණෙන රජ රට මාර්ගයේ අවසන් ගව් පහ තුළ ගව්වෙන් ගව්වට රජු ඔහුගේ නමින් දන්සැල් ඉදිකළ බව සඳහන්ය.

    තවද පදලස් ද පිහිටි මළුවට පහළින් තවත් මළුවක් කරවා සෙසු අධම ජාතීන්ට අයත් ජනයාට වන්දනා මාන කිරීමට අවස්ථාව ලබාදුන් බවටත් මළුව වටා ප්‍රාකාරයක් බැඳ පිවිසෙන හා පිටවන දොරටු දමා අගුළු දැමූ බවත් කියවේ. එලෙසම ශ්‍රී පාද සලකුණ වටා දැලක් දැමු බවත් සිරිපා ද අවට ප්‍රදේශ වල ගම්මාන හා ඉඩ කඩම් ශ්‍රී පාදයට කැප කර ඇත. එනම් කෙලගමුව පුවක් අරඹක් සහ තිනියාගල සොරගොඩ ලියවළ, බදුළු වනැ ප්‍රදේශ වල එක් ස්ථානයකින් කොට වැලි එබක ප්‍රමාණයක් ඉඩම් කැබලි ද උඩුහො කොට වැල්ලේ සහ කළහ වෙල බද මකුළු මුල අඹගමුව වැලිගම්පොළ හා උල්පත ප්‍රදේශවල පුවක් ද වේ. එසේම මෙම ප්‍රදේශවලට රාජ පුරුෂයන්ට ඇතුළු නොවීමටත් බදු අය නොකිරීමටත් ආඥා ලබා දී ඇත.

    අෑත අතීතයේ පටන් සරිපා වැඳ පුදා ගත් ලක්දිව රජවරුන් ලෙස සැලකෙන්නේ වට්ටගාමිණි අභය රජු (ක්‍රි.පු. 29 - 17) සිව් වැනි මිහිඳු රජු (ක්‍රි.ව. 956 - 972) ශ්‍රී සංඝබෝධි විජයබාහු රජු (ක්‍රි.ව. 1059 - 1114) මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1155 - 1186), කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු (ක්‍රි.ව. 1187 - 1196) පණ්ඩිත පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1236 - 1271), බෝසත් විජයබාහු රජු (ක්‍රි.ව. 1232 - 1236) ශ්‍රී සංඝබෝධි රජු (හයවැනි) පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1410 - 1468) වීර වික්‍රමබාහු රජු (ක්‍රි.ව. 1542) දෙවන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව. 1687 - 1707), ශ්‍රී විජය රාජසිංහ රජු (ක්‍රි.ව. 1747 - 1782) හා රාජාධිරාජසිංහ රජු (ක්‍රි.ව. 1780 - 1798) වේ.

    සිරිපා වන්දනාව ගැන කියවෙන සෙල්ලිපි දහයෙන් 2 ක් පලමුවන විජයබාහු රජුටත් ඉතිරි 8 කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් ද පිහිටුවා ඇත. අතීතයේ සිරිපා වන්දනාව කළ සපරගමු මාරගය ලෙස හැඳින්වුයේ කුරුවිට එරත්න ගිලීමලේ, පලාබද්දල ඔස්සේ දියබෙත්ම හරහා වැටී තිබූ මාර්ගය වන අතර රජ රට මාර්ගය ලෙස හැඳින් වූයේ පඬුවස්නුවර, ගම්පොළ, අඹන්ගමුව, අලුත්ඔය ශීත ගඟුල හරහා මාර්ගය වේ.

    අප දුටු ගොඩනැගිල්ලේ නටබුන් වැටී ඇත්තේ මෙම කියන රජරට මාර්ගය ඔස්සේය. එය ගිනිගත්හේන අඹන්ගමුව සිට බොහෝ විට සප්තකන්‍යා කඳුවැටිය හරහා මෙම ස්ථානයට පිවිස බල්ලා බැඳි හෙළ හෝ යකාඇඬුගල හරහා වර්තමාන හැටන් පාරේ සීත ගඟුල ආසන්නයෙන් වැටී තිබී ඇත. නැතහොත් එය යකා ඇඬුකන්ද (මීටර් 1980) සහ මහ පිදුරුතලාව අතර පිහිටි කළු ගං කපොල්ල හරහා සීත ගඟුලට වැටී තිබී ඇත. එසේ නම් විජයබාහු රජු විසින් දන්සැල් දීමට සාදා තිබු බවට සලකන ගව්වෙන් ගව්වට තිබූ එක් ස්ථානයක් මෙය විය නොහැකි දැයි අපට සිතේ.

    විජයබාහු රජු සබරගමු මාර්ගයෙන් පිවිසියේ ශ්‍රී පාද වන්දනාකරුවන්ට ගම්වර (ගිලිමලේ හා බඹරකොටුව) පූජා කරමින් සහ දාන ශාලා ඉදි කරමිනි. පසුව ඔහු රජරට මාර්ගයෙන් බැස්සේ අඹගමුවටය. එහිදී ඔහු සමස්ත ගමනේම විස්තරය කැටි කොට පේළි පනස් අටකින් යුත් අඹගමුව සෙල්ලිපිය කරවන ලදි. එම සෙල්ලිපියේ තවදුරටත් සඳහන් පරිදි ශ්‍රී සංඝ​බෝධි විජයබාහු රජු විසින් සොලී බලය සුන්කර දමා “පදලස්දා” (ශ්‍රි පාද ලකුණ) වන්දනා මාන කර ඊට රන් රිදී පිදූ බවටත් මළුව අලුත්වැඩියා කර කොඩි සේසත් නැංවූ බවටත් සඳහන්ය. තවද පස් මහා දෙසින් යුතු වරදක් වුව ද කර සිරිපා අඩවියට වැදුණු වැරදිකරුවෙකු ඇල්ලීමට පුළුවන් වන්නේ සීමාවෙන් පිටතදී බටවත් එවැනි වැරදිකරුවන්ට දඬුවම් දිය හැක්කේ සීමාවෙන් පිටතදී බවටත් සඳහන්ය. මින් පිළිබිඹු වන්නේ රජතුමා කොතරම් ශ්‍රී පාද ස්ථානයට ගරු කළා ද යන්නය. අඹගමුව සෙල්ලිපියෙන් පසු සමන්තකූඨය ගැන වැදගත් කරුණු එළි වන්නේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජු විසින් පිහිටුවන ලද පොළොන්නරුවේ හැටදාගේ සෙල්ලිපියෙනි.

    අප ළඟා වු ස්ථානය ජල පෝෂක ප්‍ර​ෙද්ශයකි. කැලණි ගඟ පෝෂණය කරන්නට කැනියොන් බලාගාරය අසලින් වැටෙන එම දියවර උපත ලබන්නේ කුරු ගඟේ අතු ගංගාවක් වන සීත ගඟුලෙනි. මෙම සීත ගඟුල යනු උඩ මාලිබොඩ මාර්ගය හරහා යන සීත ගඟුල වන අතර හැටන් මාර්ගයේ සීත ගඟුල සහ උඩමාලිබොඩ / එරත්න සීත ගඟුල උපත ලබන්නේ එකම කපොල්ලේ දෙපසකිනි. මෙය කළු ගඟේ සහ කැලණි ගඟේ අර්ධ උපත සිදුවන කපොල්ල ලෙස ද හැඳින්විය හැක. ​

    image_5a01b0771f.jpg

    සීත ගඟුල
    image_98e909c06c.jpg

    නටබුන් ඇති ප්‍රදේශයේ ඇති පොකුණ


    ​මෙය පිහිටියේ සමනළ කන්දට යාබදව උතුරින් පිහිටි මීටර් 1980 ක් පමණ උස යකා ඇඬුකන්ද සහ සමනළ කඳුයායේ කෙළවර අතර පිහිටි කපොල්ලෙනි. මීට පසෙකින් වයඹට වන්නට පිහිටා ඇත්තේ කළු ගඟේ සීත ගඟුල උපදින මහ පිදුරුතලාව කන්දයි. ​ෙමම කපොල්ල විශාල ජල පෝෂකයක් වන අතර ඉසව් කිහිපයකටම ගංගා හා දියවර ඇදී යයි. ඉන් රජරට මාර්ගයට ගලන දියවර ගලන්නේ මෙම නටබුන් පිහිටි ඉසව්ව හරහාය.

    ප්‍රථමයෙන් අප ළඟා වූ විට එහි දුටුවේ කුඩා පතනයි. ඒ අසලින්ම කුඩා පොකුණක් තිබු අතර එහි පිටුපසින් පොළොව මට්ටමට මඳක් ඉහළින් උඩව පිහිටි ස්ථානයක ගස් කොළං වලින් වැසුණු යම් කුලුනු කිහිපයක් අපට දැක ගැනීමට ලැබුණි. එහි හතර කොණ එක හා සමාන උසකට පිහිටි කණු හතරක් වු අතර ඒවා මුළුමනින්ම පාහේ ගස් වැල් වලින් වැසී තිබුණි. ජලය ගලා යන මට්ටමට තරමක් ඉහළින් පිහිටි පොළොව තුළ තවත් මීටර් කිහිපයක් උසකින් මෙම ගල් කුළු පිහිටා තිබුණි. මෙය දුටු විගස පෙනෙනුයේ යම් දාගැබක් හෝ වෙහෙරක් තිබූ ලෙසට වුව ද මෙම ගල් කණු පිහිටීමේ ලක්ෂණ වලින් පෙනෙනුයේ කුඩා අම්බලමක් වැනි ස්ථානයක් තිබූ බවයි.

    මෙහි සුවිශේෂත්වය වනුයේ ඉතා ඉහළක පිහිටා තිබීමයි. එය බොහෝ දුරට මිනිස් ක්‍රියාවක් මාර්ගයේ පවතින පොළොව පස් දමා උස්සා ඒ මත මෙම අම්බලම ඉදිකළා විය හැකිය. මන්ද එහිදී අධික වර්ෂා කාලයක ගංගා පිටාර ගලමින් ගැලුවද මෙම ස්ථානයට ඉන් කිසිඳු බලපෑමක් සිදු නොවන හෙයිනි. ඊට අමතරව අප දුටු ස්වභාවික පොකුණ ද සුවිශේෂී වේ. එය වන්දනාකරුවන් වෙනුවෙන්ම ආරක්ෂිතව ජල ස්නානයට හෝ වෙනත් කටයුතු වලට තැනුවක් විය හැකි ද නැද්ද සිතේ. මන්ද එයත් දෙපසින් ගලන ගංගා වල ජලයෙන් වැඩි බලපෑමක් නොවී වෙනමම පිහිටා තිබෙන හෙයිනි. මෙය අපි ගූගල් චන්ද්‍රිකා සිතියම් තුළ ද පැහැදිලිව දැක ගත්තෙමු.

    මෙම ගල් කණු ඉතා ශක්තිමත් වු අතර ගල් භාවිත කරමින් යම් බදාමයක් සමග මේවා ගොඩ නගා ඇති බව පෙනී ගියහ. ගල් කණු හතරේම ඉහළ කොටස යමක් රැඳවීමට තිබු ස්ථානයක් සේ පෙනී යන අතර විටෙක මෙම උසින් වහලය සම්බන්ධ වී තිබුණා විය හැක. එසේ නම් උඩට එස වී තිබෙන පස් තට්ටුව නොතිබිය යුතුය. මන්ද එවිට ගොඩනැගිල්ල කුඩා උසත් වන හෙයිනි. නැතහොත් ගල් කණු 4 ට උඩින් තවත් ඉහළට කණුව තිබී විවිධ හේතු මත කඩා වැටෙන්නට පුළුවන. නමුත් එසේ වූවා නම් මේවා එක සමාන උසකින් කඩා වැටිය නොහැක. එසේ නම් කිසිවෙකු උවමනාවෙන්ම කඩා දැමිය යුතුය. අම්බලම පිටුපස ඇත්තේ වන ළැහැබයි. ඉදිරියෙන් ගංගාව හා විවෘත තැනිතලාව පිහිටා තිබුණි. බැලූ බැල්මට මෙය අඹගමුව සෙල්ලිපියේ සඳහන් පළමු වන විජයබාහු රජ විසින් කරන ලද දාන ශාලාවක් නම් එම සෙල්ලිපියේ පරිදි සමනල කන්දට නුදුරු අවසන් ගව් පහ තුළ මෙවැනි දාන ශාලා 5 ක් තිබිය යුතුය. එසේ නම් ඉතිරි ​ගොඩනැගිලි හෝ නටබුන් ඇත්තේ කොහේද යන්න ප්‍රශ්නයකි.

    image_895bed9213.jpg

    වන මැද ඇති නටබුන්


    කෙසේ හෝ අපට තිබූ කාලයත් සමග අපට තව දුරටත් මේ පිළිබඳ වැඩිදුර ගවේෂණය කිරීමට අවස්ථාව නොලැබුණි. නමුත් අඹගමුව සෙල්ලිපියේ සඳහන් රජරට මාර්ගය මෙය නම් ඉතිරි දාන ශාලා 4 අප සොයා ගත යුතුය. බොහෝ විට ඒවා ගඟ දිගේ යන විට තිබිය හැකිය. තවද මෙම ස්ථානය තවදුරටත් නිසි ලෙස කැණීම් සිදුකර මෙහි ඇති නටබුන් සහ හෝඩුවාවන් සොයාගත යුතුය. මෙවැනි ගොඩනැල්ලක් වෙනත් හේතු මත මෙපමණ දුර මෙපමණ දුෂ්කර වනයක මෙවැනි පාරිසරික වශයෙන් වාසිදායක ස්ථානයක තනන්නේ නැත. එසේ නම් විජයබාහු රජ විසින් දාන ශාලා හා දන්සල් උදෙසා කරවන ලද්දක් වන මෙහි පො​ෙළාව යට ඒ කාලයට අයත් මොන යම් හෝ උපකරණ හෝ ඓතිහාසික වටිනාකම් වල හෝඩුවාවක් තිබිය යුතුමය.

    තවද රජරට මාර්ගය මෙය නම් ඉතිරි දාන ශාලා කිහිපය සොයා ගත් පසු අපට ඉපැරණි රජරට මාර්ගය සොයා ගැනීමට හැකිවනු ඇත. එහි විජයබාහු රජ විසින් සිදුකළ මෙම ගොඩනැගිලි වේ නම් නිතැතින්ම එහි තවත් සෙල්ලිපි හෝ ඓතිහාසික මූලාශ්‍ර ගැන මොනයම්ම හෝ ​හෝඩුවාවක් තිබිය යුතුමය. මේ සම්බන්ධව අප අහල ගමක කෙනෙකු සමග සිදුකළ කතා බහක දී දැන ගත්තේ ගමේ බොහෝම අතලොස්සක් මීට පෙර එම ස්ථානය දැක ඇති බවයි. එසේම ගල් ආසනයකි. කථාවක් ද ඔහු අපට පවසන ලදී. තවත් මෙවැනිම ඉසව්වක් ඒ අහල පහළක ඇති බව ඔහු පැවසුවත් ඒ පිළිබඳ හරි හැටි නිනව්වක් ඔහුට නොතිබුණි. කෙසේ හෝ සමනල මහ වන මැද පිහිටි මෙම නටබුන් පිළිබඳ අපගේ මිතුරන් පිරිසක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇත. එම නිසාම ඉදිරියේදී පුරාවිද්‍යා අංශය මගින් මේ පිළිබඳ නිසි ලෙස කැණීම් සිදුකර වැළලී ගිය ශිෂ්ටාචාරයක මොන යම් හෝ හෝඩුවාවක් සොයා ගනීවි යයි අප බලාපොරොත්තු වෙමු.


    විශේෂ ස්තූතිය

    මිහාර සුරවීර, ඉරන්ක ප්‍රනාන්දු
    සෙල්ලිපි ආශ්‍රිත විග්‍රහයන් මූලාශ්‍ර මගිනි.
    සංචාරක සටහන හා ඡායාරූප
    ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඉරිදා ලංකාදීප පත්තරේ මේහා සමාන විස්තරයක් තිබුනා. මම හිත්න්නෙ ඒ මේ ස්තානය වෙන්න ඕනි. ඒකෙ කියන්න හැටියට මේ තියෙන්නෙ අතීතයේ සිරිපා වන්දනා කරපු රජරට මාර්ගයේ තියන අම්බලමක නටඹුන්.
    ලිපියෙ පහල තියනවා. "උපුටා ගැනීම ඉරිදා ලංකාදීප 2019 ඔක්තෝබර් මස 27 වන ඉරිදා"
    link
    http://www.lankadeepa.lk/sunday/rasawitha/වන-මැද-ඇති-ගල්--ආසනය-කුමක්ද-/57-559432
    [/SIZE]


    අම්මටසිරි ඒක ගැනතමා කියලා තියෙන්නෙ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉරිදා ලංකාදීප පත්තරේ මේහා සමාන විස්තරයක් තිබුනා. මම හිත්න්නෙ ඒ මේ ස්තානය වෙන්න ඕනි. ඒකෙ කියන්න හැටියට මේ තියෙන්නෙ අතීතයේ සිරිපා වන්දනා කරපු රජරට මාර්ගයේ තියන අම්බලමක නටඹුන්.
    ලිපියෙ පහල තියනවා. "උපුටා ගැනීම ඉරිදා ලංකාදීප 2019 ඔක්තෝබර් මස 27 වන ඉරිදා"
    link
    http://www.lankadeepa.lk/sunday/rasawitha/වන-මැද-ඇති-ගල්--ආසනය-කුමක්ද-/57-559432



    [/B][/SIZE]

    ඔව් මේ ඒ ගැන තමයි ලියල තියෙන්නේ....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    අඩෝ පට්ට. නියමයි මචන්. උඹලාට මේක කලින් ආරන්චි වෙලා හොයාගෙන ගියාද? එහෙම නැත්නම් නිකන් යන ගමනකදී මේක හම්බුනාද?

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ පට්ට. නියමයි මචන්. උඹලාට මේක කලින් ආරන්චි වෙලා හොයාගෙන ගියාද? එහෙම නැත්නම් නිකන් යන ගමනකදී මේක හම්බුනාද?

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    මෙහෙමයි........google satellite view එකෙන් කැලේ ඇතුල, දිය පාරවල්, දියඇලි බලන එක මගේ විනෝදාංශයක්.යාලුවෙක් එක්ක සිද්ධ වුනු සංවාදයකින් පස්සේ එහෙම බලද්දී දවසක් දැක්කා සිතියමේ ඔය පුංචි එළිමහන් බිම.එතන තවත් zoom කරලා බලද්දී එතනින් යන වතුර පාරේ පහලින් ලොකු දිය ඇලි කිහිපයක්ම දැක්කා.

    අපි ගමන සැලසුම් කලේ දිය පහරේ පහලම තැන ( ගම්මානෙට කිට්ටුවෙන්ම ) ඉඳල උඩට දියඇලි ගවේෂණය කරමින් ඔය එළිමහන් බිමට ඇවිත්, එතනින් පස්සේ වෙනත් පැත්තකින් ආපහු එලියට එන විදිහට.
    ඒ ගමනේදී ඔය නටඹුන් දකින්න ලැබීම 100% අහම්බයක්......
    ඔතන එහෙම දෙයක් තියෙනවා කියල අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ.


    :yes::yes::yes:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්....

    අපි ෆන් ගන්නෙ/ගත්තෙ
    දැනුම බෙදුවෙ/ගන්නෙ
    විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ
    තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ
    අපි බන කිව්වෙත් /ඇහුවෙත්
    රට ගැන කතා කලෙත්
    කිරියෙ තියෙන නිදහස නිසා...

    කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා...

    එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... :love::love::love::love::love:

    එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා....:love::love::love::love:


    http://www.elakiri.com/forum/showthread.php?t=1920169