2024 පැරිස් ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් සටහන අනූව අමෙරිකාව අභිබවා යෑමට චීනය සමත්වී තිබේ.
මේ වනවිට චීනය රන් පදක්කම් 40ක් දිනාගෙන සිටින අතර අමෙරිකාව ලබාගෙන ඇත්තේ රන් පදක්කම් 38ක් පමණි.
මේ අතර 2024 පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා මැරතන් රන් පදක්කම දිනා ගැනීමට නෙදර්ලන්තයේ සිෆාන් හස්සාන් සමත් වූවාය.
මෙය ඇය පැරිස් ඔලිම්පික් උලෙළේදී දිනාගත් තුන්වැනි පදක්කම වෙයි.
31 හැවිරිදි සිෆාන් මැරතන් තරගය නිමාකළේ පැය 2යි මිනිත්තු 22යි ත්ත්පර 55ක කාලයකිනි. එය නව ඔලිම්පික් වාර්තාව කි.
එහි දෙවැනි ස්ථානය ඉතියෝපියාවේ ටිග්ස්ට් අසීෆා දිනාගත් අතර තුන්වැනි ස්ථානය කෙන්යාවේ හෙලන් ඔබීරි හිමිකර ගත්තාය.
සිෆාන් මෙවර ඔලිම්පික් උලෙළේ කාන්තා මීටර් 10,000 සහ 5,000 ඉසව් වලින්ද තඹ පදක්කම් දිනා ගත්තාය.
