අ‘පුර රෝහලේ ළමා වාට්ටුව වහයි⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_3b9ab3df6a.png

    (බී.ජී. චතුරංග සහ උපුල් හේරත්)

    අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර විදේශ ගතවිම නිසා එම රෝහලේ ළමා රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුව වසා දමා ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය.

    ළමා රෝගීන් සඳහා වෙන් කර තිබූ හැට තුන් වන වාට්ටුවේ සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනා රට අතහැර විදේශගත වීම නිසා මෙසේ එම වාට්ටුව වසා හේතුවෙන් අනුරාධපුර මහජනතාව දැඩි පීඩාවට පත්ව ඇතැයි ද මේ හේතුවෙන් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග සිසුන් හට පුහුණු වීමට නොහැකිව බරපතළ ගැටලුවක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද පවසයි.

    වෛද්‍යවරුන් විදේශ ගත වීම හේතුවෙන් මේ රටේ ප්‍රධාන රෝහලක වාට්ටුවක් වසා දැමීමට සිදු වනවා නම් එය නුදුරේදීම ග්‍රාමීය රෝහල් දක්වා ව්‍යාප්ත වී එම රෝහල් සම්පූර්ණයෙන්ම වැසී යාමේ අවදානමකට ලක්විය හැකි බවත්, එහි මුල් අඩිතාලම මෙය විය හැකි බවත් එම සංගමය පෙන්වා දෙති.

    මේ සම්බන්දයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් මෙසේ කීය .

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 63, 24 සහ 25 ළමා රෝගීන් සඳහා වෙන් කර තිබෙනවා, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග අංශයට සම්බන්ධ සිසුන් මෙම 63වන වාට්ටුවේ ඉගෙනීම් සහ පුහුණුවීම් කටයුතු වල නිරත වනවා , විශේෂ වෛද්‍යවරු හතර දෙනකු මේ වාට්ටුවේ සේවය කළා මේ වෙන කොට එම සිව් දෙනාම විදේශ ගත වෙලා තිබෙනවා රැකියා සඳහා,

    අපි දිගින් දිගටම කිව්වා වෘත්තිකයන්ට සුදුසු පරිසරයක් මේ රටේ හැදෙන්න ඕනේ කියලා. මේ බදු ප්‍රතිපත්තිය, වියදම් සීමා කිරීම, සම්බන්ධයෙන් අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහටත් වෘත්තිකයන් විදිහටත් දිගින් දිගටම රජයට දැනුම් දුන්නා , එය පිළිබිඹු වෙච්ච අවස්ථාවක් තමයි මේ අනුරාධපුර ශික්ෂණ රෝහල මහාචාර්ය ඒකකයේ තියෙන ළමා රෝග වාට්ටුව වසා දැමීම,

    මේකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් වගේම අධ්‍යාපන අමාත්‍යංශය බලධාරීන් වග කියන්න ඕනේ, මේකට අවශ්‍ය පුරප්පාඩු කල්තියා අපි දැනුවත් කර තිබියදීත් එයට ප්‍රතිචාරයක් නොදැක්වීම බලධාරීන්ගේ ප්‍රශ්නයක්, මේ සම්බන්ධයෙන් රජරට විශ්ව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨාධිපති වරයා මෙන්ම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහටත් අපිත් දිගින් දිගටම රජය දැනුවත් කළා.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වෛද්‍ය ජනක පුෂ්පකුමාර මහතා...

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය 63 වාට්ටුව කියන්නේ ළමා රෝග වාට්ටුවක් වසා දමා තිබෙනවා.වෛද්‍ය පීඨයේ අවසාන වසරේ සිසුන් 210ක්, මේ වාට්ටුවට අනියුක්තව ඉගෙනීම සහ පුහුණුවීම් කටයුතු වල නිරත වනවා.

    මේ ගැටළුව සම්බන්ධයෙන් මුල සිටම අපි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළා බොහොමයක් වෛද්‍යවරු අනුරාධපුරයට පැමිණෙන්නේ කැමති නැහැ , පැමිණෙන වෛද්‍යවරුන් කුමන හෝ හේතුවක් මත මාරු වීම් ලබා ගෙන ආපසු යනවා.මේ ගැටලුව මතු වුණේ 63 වන වාට්ටුව වසා දමන්න සිද්ධ වුණේ මෙහි සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් සිවු දෙනෙක් විදේශ ගත වීම නිසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් අපට වෛද්‍යවරයකු ලබා දෙන පොරොන්දුව මේ වනවිට ලබාදී තිබෙනවා, අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ගැටළුව විසඳා ගැනීමට ඉතා ඉක්මනින් මැදිහත් වෙයි කියා..

    https://www.lankadeepa.lk/news/අ‘පුර-රෝහලේ-ළමා-වාට්ටුව-වහයි/101-631015
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    :(:(
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,877
    113
    Homagama

    මේකේ උනුත් මැරෙන්න හැදුවානේ එන එකෙක් පලයං පලයං අපි රිප්ලේස් කරගන්නම් කියලා.
    දැන් සාමාන්‍ය සෙබල ජයරත්නව හරි දාගනින්.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ටැක්ස් 15% ගැහුවනම් උනුත් ලන්කාවෙ බදු ආදායමත් එනවා. පොන්නයයොටික හූරගෙනම කන්න ගියානෙ
     
    • Like
    Reactions: lilman

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඕක පටන් ගැනීම..ඉස්සරහට තව යන අය වැඩි වෙයි.ඊට පස්සේ ඉන්දියාවෙන් තමා ගේන්න වෙන්නේ.දැන් නම් හිතෙනව අපේ දේශපාලකයොත් ඵක්ක සෙට් වෙලා මේ ඔක්කොම කරේ ඉන්දියාවද කියලත්...අතීතයේ ඉඳන්ම ලංකාවට කෙලවන්න අාවේ ඉන්දියන් උන් නේ..
     
    • Like
    Reactions: Black_Adam

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ටැක්ස් 15% ගැහුවනම් උනුත් ලන්කාවෙ බදු ආදායමත් එනවා. පොන්නයයොටික හූරගෙනම කන්න ගියානෙ

    15% සල්ලි දිලා ඉගේන ගන්න රටවලත් නෑ... මෙහේ නිකන්ම උගන්නලා 15%ක් ගත්තම හරිද ?​

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113

    15% සල්ලි දිලා ඉගේන ගන්න රටවලත් නෑ... මෙහේ නිකන්ම උගන්නලා 15%ක් ගත්තම හරිද ?​

    rajasewaye pin padi ganna ewun innawada e ratawala,
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    rajasewaye pin padi ganna ewun innawada e ratawala,

    නෑ ,,, මෙහෙ නිකන් උගන්නනවා... නිකන් බෙහෙත් දෙනවා.... විස්‍රාම වැටුපකුත් දෙනවා... හැබැයි ටැක්ස් එක ගෙවන්න බෑ.... මිනිස්සු වෙනස් වෙන්න ඔනේ....​

    • Haha
    Reactions: shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අපිත් යනවා. Foreign Training ගියාම ආයේ එන්නෙ නෑ. ඉන්න ඕනේ නිසා UK නොයා Australia වලට යන්න කියලා යන රටත් වෙනස් කලා. මේකේ එකාලට ඉන්දියාවේ පේමන්ට් වල ඉන්න ඩොක්කූ ගෙන්නගෙන උන්ගෙන් බෙහෙත් ගනිද්දි, උන් බෙහෙත් කරද්දි පුපේ අමාරුව නිට්ටාවට සනීප වේවි.

    හොඳ වැඩේ. :lol:

    FB_IMG_1679823482191.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    සංවර්ධන නිවුස්

    නෑ ,,, මෙහෙ නිකන් උගන්නනවා... නිකන් බෙහෙත් දෙනවා.... විස්‍රාම වැටුපකුත් දෙනවා... හැබැයි ටැක්ස් එක ගෙවන්න බෑ.... මිනිස්සු වෙනස් වෙන්න ඔනේ....​

    ඔතන ටැක්ස් ප්‍රශ්නයක් විතරක් නෙවෙයි තියෙන්නෙ ඕයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    පිටරට වල Doctor's ලාට පඩි වැඩියි එකේ කිසිම විවාදයක් නැහැ
    හැබැයි Doctor ගේ අත් වැරෙද්දෙන් ලෙඩ මැරුණොත් හරි වැරද්දක් උනොත් වන්දි ගෙවන්න බලාගෙන ඉන්න ඕනේ
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    පිටරට වල Doctor's ලාට පඩි වැඩියි එකේ කිසිම විවාදයක් නැහැ
    හැබැයි Doctor ගේ අත් වැරෙද්දෙන් ලෙඩ මැරුණොත් හරි වැරද්දක් උනොත් වන්දි ගෙවන්න බලාගෙන ඉන්න ඕනේ

    Jyn1vYc.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    පිටරට වල Doctor's ලාට පඩි වැඩියි එකේ කිසිම විවාදයක් නැහැ
    හැබැයි Doctor ගේ අත් වැරෙද්දෙන් ලෙඩ මැරුණොත් හරි වැරද්දක් උනොත් වන්දි ගෙවන්න බලාගෙන ඉන්න ඕනේ

    වන්දි ගෙවනව පකක්. ඒකට තමයි indemnity insurance තියෙන්නෙ. බයියන්ගෙ augmented reality ලෝකෙ තමයි උබ කියන ඒව ඇත්තෙ.🤣🤣🤣