ආගම් කියන්නේ මොනවද,,?

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හැම ආගමික කතෘ කෙනෙක්ටම තමන් ඉපදුනේ අනෙක් අයව බේරගන්න කියන අදහස තිබිල තියෙනවා. ඒක මානසික ලෙඩක්ද නැද්ද කියන එක අපිට දැන් කියන්න අමාරුයි, ඒ උන්දලා දැන් නැතිනිසා.

    හැබැයි මම අද කිව්වොත් මම ඉපදුනේ උඹලව බේරගන්න කියල මාව පිස්සෙක් ගණයට තමයි වැටෙන්නෙ
    ☝️ :sneaky:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Simple, අදහන අයට මේ ආතමෙදි පල නොදෙන ලබන ආත්මයක හෝ මරනින් පසුව සැබ ලැබෙන හැබැයි කියලා දෙන අයට මේ ආත්මෙදි ඉහටත් උඩින් සැප ලැබෙන බිස්නස් එකක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    හැම ආගමික කතෘ කෙනෙක්ටම තමන් ඉපදුනේ අනෙක් අයව බේරගන්න කියන අදහස තිබිල තියෙනවා. ඒක මානසික ලෙඩක්ද නැද්ද කියන එක අපිට දැන් කියන්න අමාරුයි, ඒ උන්දලා දැන් නැතිනිසා.

    හැබැයි මම අද කිව්වොත් මම ඉපදුනේ උඹලව බේරගන්න කියල මාව පිස්සෙක් ගණයට තමයි වැටෙන්නෙ
    ☝️ :sneaky:
    Good point
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    ආගම් ආවා කියලා මිනිස්සුන්ගේ Barbarism Characteristics අයින් වුනාද? යටපත් වුනා විතරයි.
    දකුණු ඇමෙරිකාවේ ආගම මූලික කරගෙන වුන සංහාර, කුරුස යුද්ධ,
    ප්‍රංශ, බෙල්ජියම්, ස්පැනිෂ් කාරයෝ අප්‍රිකාවේ සහ නැගෙනහිර ආසියාවේ ආගම ප්‍රචාරණය
    කරන මුවාවෙන් ඒ රටවල් වල සම්පත් කොල්ලකාපු එක, මිනිස්සු මරපු එක
    එංගලන්ත, නෙදර්ලන්ත, පෘතුගීසි කාරයෝ ආසියානු රටවල්, අප්‍රිකානු රටවල්
    යටත් කරගෙන උන්ගේ ආගම ප්‍රචාරණය කරපු ඒවා, කැරලි වලදී මිනිස්සුන්ව මරපු ඒවා,
    ඒවත් ආගම මූලික කරගෙන වුන සංහාර.
    ආගමක මූලික ඉගැන්වීම් එතනම බිද වැටිලනේ?
    බයිබලේ තිබ්බ බොරු, පුනුරුදයත් එකක් බිදවැටෙන්න යනකොට පාප්ලා
    එකතු වෙලා සයන්ස්කාරයොන්ව මරපු එක?
    රතු කොන්ඩ තිබ්බ ගෑනුන්ව අල්ලාගෙන මායාකාරියෝ කියලා මරපු එක?
    කෝ ඉතින් ආගමකින් වෙන්න ඕනි කාර්යන් එකක්වත් වෙලා නෑනේ?
    Barbarism ම තමයි ආගම් විදියට සුදු හුණු ගාගෙන හැංගිලා තියෙන්නේ.
    ඔච්චර ඈතකට යන්න ඕනි නෑ. ආගමෙන් මෝටිවෙට් වෙලා මුස්ලිම් එවුන් බෝම්බ ගහපු එක?
    වද සැත්කම් නාට්ටි පෙන්නලා මුස්ලිම් එවුන්ට ගහපු එක? මරපු එක?
    Barbarism නෙමෙයිද? ඒවා ආගම මූලික කරගෙන ක්‍රියාත්මක වුන Barbarism.

    බුද්ධා ඉපදුන රට ඉන්දියාව වගේම, ඉපදුන නගරෙ නේපාල් කත්මන්ඩු වලින් පවා -
    - බුද්ධාගම අතුගෑවිලා ගිහිල්ලා හින්දු ආගම පැතිරුනේ ඇයි කියලද හිතන්නේ?
    Barbarism ගති ලක්ෂණ වැඩිපුර තියෙන ආසියාතික රටවල් කිහිපයක විතරක්
    බහුතර ජනතාවක් බුද්ධාගම අදහන්නේ ඇයි?
    බුද්ධගේ දන්ත ධාතුව කියන රෙප්ලිකා ධාතුන්ගේ කාබන් ඩේටින් කරලා ඇත්ත
    විස්තරේ හොයාගන්න මහනායකලා අවසර දෙන්න බය ඇයි?
    Core Buddism නැති වෙලා ගිහිල්ලා ලංකාව ඇතුලේ නිකායවල් හැදිලා,
    සමන්තභද්රලා, කිරිබත්ගොඩ ලා මොඩර්න් නිකායවල් පිස්සු කෙලින්නේ
    ඇයි කියලවත් අදහසක් තියෙනවද? මොකද එයාලට එකම බොරුව රිපීට් කරන්න අමාරු නිසා,
    අලුතෙන් ෆැන්ටසි කතා, episodes ඇඩ් වෙලා බොරුව මූලික වුන එයාලගේ බිස්නස් මොඩල් එක දුවාගන්න එයාලට ඕනි.
    ඔව් ඉතින් ප්‍රතිවිරෝධතා කියන එක reality එකේ කොටසක්නෙ. ආගම් ඕනේ නෑ ඒකට. මිනිස්සු අතරේ ගැටුම් කවදාවත් නතර වෙන්නෙ නෑ. උඹ දුන්නු උදාහරණ ගොඩක් හරියට කරලා බැලුවොත් ඒව පිටිපස්සෙ තියෙන්නෙ බෞථික, ඉකොනොමික් හේතු. උදාහරනෙකට යුරෝපේ උන් කතෝලික ආගම පතුරවන්න රටවල් ආක්‍රමණය කලේ නෑනෙ, උන්ට ඕන උනේ මිනිස්සුන්ගෙ සම්පත් ටික. කතෝලික ආගම ඒ රටවල් වල තිබ්බ system එක කඩන්න පාවිච්චි කරපු එකට use කරපු එකය්.

    උඹ ඔය කියන මුස්ලිම් උන්ගෙ ත්‍රස්තවාදේ උනත් ඇමෙරිකාවේ උන් උන්ගේ geopolitics වලට හදපු එකක්. Operation Cyclone කියල google කරල බලපන්

    ඉතින් ආගම් පාලකොයෝන්ගෙ වාසියට පාවිච්චි කරනවා කියන එකට මන් එකගය්. හැබැය් ඒක් ඕනෑම ideology එකකට apply වෙනව. උදාහරනෙකට ඇමෙරිකාවෙ උන් රටවල් වලට කෙලින්න, තෙල් හොරකන් කරන්න ප්‍රජාතන්ත්රවාදේ, මානව අයිතිවාසිකම් පාවිච්චි කරනව වගේ.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela

    මං අහපු අන්තිම ප්‍රශ්න වලට උත්තර හම්බ වෙලා නෑ හැබැයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    මං අහපු අන්තිම ප්‍රශ්න වලට උත්තර හම්බ වෙලා නෑ හැබැයි.
    ඉන්දියාවේ උන්ට බුද්දාගම ඇල්ලුවේ නැත්තේ ඇය් කියන එක හොඳ ප්‍රශ්නයක්. ඒක උනේ උන්ගේ ඉතිහාසික, පාලන ක්‍රමේට ඒක incompatible නිසා. උදාහරනෙකට උන්ගේ බුද්ධාගමට කලින් තිබ්බ ආගම් වල ෆැන්ටසි ගතිය බුද්ධාගමට වඩා වැඩී.බුද්ධාගම ඊට වඩා බෞථිකය් සහ ලෝකේ analyze කරන විදිය වෙනස්. අනිත් එක උන්ගේ මුළු economy එකම හැදිල තිබ්බේ කුල මල වල පදනම් වෙලා. එතකොට බුද්ධ ඇවිල්ල ඒකට උඩින් ideology එකක් දැම්මම reject වෙන එක වෙන්නේ.

    ඒකය් සාමුහිකත්වය වැඩි හාල් වවන ජපානේ, චීනේ, ලංකාවේ වගේ රටවල් වල ඒක මුල් බැහැ ගත්තේ. ලංකාවට කෙල උනේ බුද්ධාගම නිසා කියන එක වැරදි. මොකද රජ කාලේ ලංකාව කියන්නේ හෙන සශ්‍රීක රටක්, ලංකාවට කෙලවෙන්න පටන් ගත්තේ සුද්දො ආක්‍රමණය කරාට පස්සෙය්, උන් ගියාට පස්සේ හරි හමන් ක්‍රමයක් හදා ගන්න බැරි උන නිසය්. එතකොට අපේ ආගමික base එක කොහොමත් කැඩිල ඉවරය්

    Fractions නන් මොන ideology එකෙත් එකය් බන්. දැන් බලපන් සමාජවාදී කාරයොන්ගේ කොච්චර camps තියෙනවද, සමහර උන් ට්‍රොට්ස්කිට කැමති, සමහර උන් ස්ටලින්ට කැමති, ලිබරල් උන් උනත් කොච්චර බෙදිලද ඉන්නේ.

    ආගම් වල පච තියෙනව කියලනන් උඹ කියන්නෙ මන් එකගය්. මන් කියන්නේ ලෝකෙට මෙහෙම වෙලා තියෙන්න හේතුව ආගම් නෙමෙය් කියන එක
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    උබලට හිතෙන්නේ නැද්ද ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ කියලා,

    රාජ්‍ය අනුග්‍රහය ලැබිලා එක නිසාම මිනිස්සු මත බලෙන් පැටවුණු දෙයක් කියලා,(රාජ්‍ය පාලනය පහසු වීම පිණිස) සමහර කරුණු නිසා ආගම් හේතුවෙන් මිනිස්සු මත ශිෂ්ට සම්පන්න භාවයක් ඇති වෙලා තියෙනවා,
    අද අපි දකින සියළුම ප්‍රදාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු දහසකට, දෙදහසකට පෙර නොදියුණු කාලෙක, (මිනිසුන්ගේ දැනීම, විද්‍යාව නොදියුණු කාලෙක)
    මැතක් වනතුරුම heart attack එකකින් මහමග මිය ගියාහොත් සලකනු ලැබුවේ මහසෝනා ගහලා කියලා,
    මේ වගේ නොයෙක් හේතු නිසා උබලට හිතෙන්නේ නැද්ද නොදියුණු කාලේ බිහිවෙච්ච ආගම් ඇතැම් පුද්ගලයන්ගේ මානසික විකුර්ති තාවයන් නිසා හෝ ඇතැම් පුද්ගල කණ්ඩායම් වල අවශ්‍යතා අනුව නිර්මාණය වූ බව.....

    සවාදයට විවුර්තයි......
    ආගම් කියන්නෙත් මිනිස්සුන්ව පාලනය කරන ක්‍රමවේදම තමයි. ගොඩක් වෙලාවට standard පාලන ක්‍රමයක් තුල (Democracy, Monarchy , Dictatorship...etc) මිශ්‍රවෙච්ච ආගමක් තියෙනව. standard පාලන ක්‍රමයක් පමණක් තුල මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන් ඉන්ද්‍රිය ගෝචර වන භෞතික මට්ටමෙන් විතරයි නමුත් ආගමක් මගින් ඔතන missing part එක වෙන නොදන්නා බලවේගය හදල දෙනව. සාමාන්‍යයෙන් මෙහිදී බලවත් වෙන්නෙ standard පාලන ක්‍රමය, නමුත් Theocracy එකක් ගත්තොත් ආගම තමයි බලවත්.

    My 2cts :-)
     
    • Like
    Reactions: kasun_kbp

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ආගමක් අනුගමනය කරලා ජීවිතේ යහපත් කරගන්න එක සහ ආගමකට වහල් වෙනවා කියන්නේ කාරණා දෙකක්. දැන් කාලේ මිනිස්සු ගොඩක් කරන්නේ ආගම් කියලා ප්‍රතිපත්ති අනුගමනය කරනවාට වඩා පිටින් පේන පූජා වගේ දේවල් කරලා තමන්ගේ හිත හදාගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ කවුරුහරි එක පුද්ගලයෙක් කියන එක දෙයක් විශ්වාස කරලා ඒ උත්තමයාට වහල්කම් කරනවා.

    මුල් කාලේ මිනිස්සු ශික්ෂණය කරන්න තමයි ආගම් භාවිත කළේ. මොකද නීතියකට අවනත වෙන්නේ නැති කෙනෙකුට වුණත් මැරිලා අපායේ ගිහින් ලෝදිය හැලියේ ඉන්නවා කිව්වාම බයක් එනවා. හැබැයි දැන් ඒක ගොඩක්ම ව්‍යාපාරයක් විදියට තමා භාවිත වෙන්නේ.. ඒ ව්‍යාපාර අයිති සාදුලාට වෙන වෙනම Modified ආගමික ග්‍රන්ථත් තියනවා තමන්ගේ තර්ක තහවුරු වෙන විදියට.

    මේ වගේ දේවල් නිසා ආගම් කියන එක දැන් විහිලුවක් වෙලා.

    මං නම් හිතන්නේ තමන්ටත් කරදරයක් නොකර අනුන්ටත් කරදරයක් නොකර හොද දෙයක් කරන් ඉන්න කෙනෙක්ට බලෙන් ආගමක් අදහන්න හෝ පුද පූජා කරන්න වගේ දේවල් ගැන වද වෙන්න දෙයක් නෑ.

    තමන් තමන්ට හොදක් කරගන්නවා නම් අනුන්ටත් කරදරයක් නැත්තම් පරලොවක් ගැන වදවෙන්න දේකුත් නෑ. පරලොවක් තිබ්බොත් හොද දේවල් කරපු නිසා හොද තැනකට යාවි. පරලොවක් නැත්තම් ඒත් අවුලක් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ
     
    • Like
    Reactions: akildila

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මනස විකුර්ති වෙච්ච මිනිසුන්ව පාලනය කරන්න තමයි නීති තියෙන්නෙ. නීතිය පාලකයෙක්/පාලකයන් විසින් හදපු ඒවා. මේවා බලෙන් තමයි මිනිස්සුන්ගෙ ඔළුවට දාන්නෙ. හැබැයි ආගම්/දර්ශන වල නීති(හැම නීතියක්ම නෙවෙයි, තමන්ට හොඳයි කියලා හිතෙන නීති) මිනිස්සු කැමැත්තෙන්ම තමයි ඔළුවට දාගන්නෙ. ආගම් නැතුව රටේ නීති වලින් විතරක් දුවන්න ගියා නම් ලෝකේ තියෙන හැම රටකම අද ඉන්න ගානට වඩා එකෙක් හරි හිර ගෙවල් වල වැඩි වෙනවා. ආගම් නිසා හිරේ යන අය ඉන්නව වගේම, ආගම් නිසා හිරේ නොයා ඉන්න අය වැඩියි.
     
    • Like
    Reactions: akildila

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ඉන්දියාවේ උන්ට බුද්දාගම ඇල්ලුවේ නැත්තේ ඇය් කියන එක හොඳ ප්‍රශ්නයක්. ඒක උනේ උන්ගේ ඉතිහාසික, පාලන ක්‍රමේට ඒක incompatible නිසා. උදාහරනෙකට උන්ගේ බුද්ධාගමට කලින් තිබ්බ ආගම් වල ෆැන්ටසි ගතිය බුද්ධාගමට වඩා වැඩී.බුද්ධාගම ඊට වඩා බෞථිකය් සහ ලෝකේ analyze කරන විදිය වෙනස්. අනිත් එක උන්ගේ මුළු economy එකම හැදිල තිබ්බේ කුල මල වල පදනම් වෙලා. එතකොට බුද්ධ ඇවිල්ල ඒකට උඩින් ideology එකක් දැම්මම reject වෙන එක වෙන්නේ.

    ඒකය් සාමුහිකත්වය වැඩි හාල් වවන ජපානේ, චීනේ, ලංකාවේ වගේ රටවල් වල ඒක මුල් බැහැ ගත්තේ. ලංකාවට කෙල උනේ බුද්ධාගම නිසා කියන එක වැරදි. මොකද රජ කාලේ ලංකාව කියන්නේ හෙන සශ්‍රීක රටක්, ලංකාවට කෙලවෙන්න පටන් ගත්තේ සුද්දො ආක්‍රමණය කරාට පස්සෙය්, උන් ගියාට පස්සේ හරි හමන් ක්‍රමයක් හදා ගන්න බැරි උන නිසය්. එතකොට අපේ ආගමික base එක කොහොමත් කැඩිල ඉවරය්

    Fractions නන් මොන ideology එකෙත් එකය් බන්. දැන් බලපන් සමාජවාදී කාරයොන්ගේ කොච්චර camps තියෙනවද, සමහර උන් ට්‍රොට්ස්කිට කැමති, සමහර උන් ස්ටලින්ට කැමති, ලිබරල් උන් උනත් කොච්චර බෙදිලද ඉන්නේ.

    ආගම් වල පච තියෙනව කියලනන් උඹ කියන්නෙ මන් එකගය්. මන් කියන්නේ ලෝකෙට මෙහෙම වෙලා තියෙන්න හේතුව ආගම් නෙමෙය් කියන එක
    ලංකාවට කෙලාවෙන්න ගත්තෙ ලංකාවෙ හොඳම රජා පලවෆනි පරාක්‍රමබාහු ට පස්සෙ රට බාරගන්න හරිහමන් එකෙක් හිටියෙ නැති නිසා. පරාක්‍රමබාහු අධිරාජ්‍යයයෙක්. එතනින් පස්සෙ දිගටම පල්ලම් බැස්ස. ශක්තිමත් කරන්න බැරි උනා. නාවික වෙලදාම නැගල යන්න පටන් ගන්නි මුහුද අයින් මාලිගාව හදාගන්නව වෙනුවට ඔක්කොම රජවරු රට මැද හැංගුනා. නාවික වෙලඳාමෙන් ගන්න තිබ්බ ආදායම නැතිවුනා. හැංගෙන්න උනේ තමන්ගෙ බලේ රැකගන්න. සමහර කාලවල රජවරු කීපදෙනෙක් හිටිය.

    බහින කලාව නැවතුනේ වඩිග රජවරුන්ගෙන්. සුද්දට විතරක් නෙමෙයි මෙලෝ රහක් නැති පෘතුගාල් කාරයොත් අල්ලගත්ත. උන් පුළුවන් තරම් ආගම පැතිරෙව්ව. ලන්සි, සුද්දො ඔක්කොම ඕක කලා. විවිධ මත සමාජය බේද කරවන්න දැම්ම. මත් පැන් බැස්සුව. මිනිස්සුන්ට පෙව්ව.

    බෙදුන බේබදු සමාජයක් හදල සුද්ද ගියේ. ඇරියස් කාරයො වැඩි සමාජයක් පස්සෙ මේ බෙදීම් නිසා හැදුන.( එක ඇරියස් එකක් අවුරුදු 30 යුද්දෙකින් ඉවර උනේ ).ඒ අතරෙ සුද්දගෙ රටවල ඉගෙන ගත්ත මිෂනාරි පාසල් වලට ගිය පවුල් කීපයකට බලය දීල සුද්ද ගියා. උන් පිටින් සිංහල බෞද්ධ විදියට පෙනී හිටිය ක්‍රිස්ත්‍රියානු සෙට් එකක්. උන්ට ඕන උනේ බලේ තියාගන්න. තාමත් ඒ පවුල් වලින් පිට බලේ ගිහින් නෑ. උන් රටක් ගැන හිතුවෙ නෑ. ඒ අතරෙ මෙලෝ රහක් නැති රටවල් නැති කල වමේ දේශපාලන පක්ෂ ආව. උන් ඉන්නකන් රටට Investment ගේන්න බෑ. තද තීරණ ගන්න බෑ. වමේ මත වලින් රටවල් ගොඩ ගිහින් නෑ හොඳට තිබ්බ සමාජ දුර්වල වෙලා විතරයි.

    ලංකාවට ඕනෙ තද Ideology වල එල්ලිලා නැති රටට ගරු කරන සමබර නායකයෙක්. ආගමක් තිබ්බත් එකයි නැතත් එකයි. රටක් දියුණු වෙනවද නැන්න කියන එක තීරණය වෙන්නෙ රටක් පාලනය කරන, Geo Politics Handle කරන විදියට. රට ඇතුලෙ සමාජ සමබරතාවය තියාගෙන ප්‍රශ්න අඩුවෙන් හරි ප්‍රතිපත්ති අනුව තියන් යන එක.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    උබලට හිතෙන්නේ නැද්ද ලෝකේ තියෙන සියළුම ආගම් මනස විකුර්ති වෙච්ච මිනිසුන්ගේ නිර්මාණ කියලා,

    රාජ්‍ය අනුග්‍රහය ලැබිලා එක නිසාම මිනිස්සු මත බලෙන් පැටවුණු දෙයක් කියලා,(රාජ්‍ය පාලනය පහසු වීම පිණිස) සමහර කරුණු නිසා ආගම් හේතුවෙන් මිනිස්සු මත ශිෂ්ට සම්පන්න භාවයක් ඇති වෙලා තියෙනවා,
    අද අපි දකින සියළුම ප්‍රදාන ආගම් නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු දහසකට, දෙදහසකට පෙර නොදියුණු කාලෙක, (මිනිසුන්ගේ දැනීම, විද්‍යාව නොදියුණු කාලෙක)
    මැතක් වනතුරුම heart attack එකකින් මහමග මිය ගියාහොත් සලකනු ලැබුවේ මහසෝනා ගහලා කියලා,
    මේ වගේ නොයෙක් හේතු නිසා උබලට හිතෙන්නේ නැද්ද නොදියුණු කාලේ බිහිවෙච්ච ආගම් ඇතැම් පුද්ගලයන්ගේ මානසික විකුර්ති තාවයන් නිසා හෝ ඇතැම් පුද්ගල කණ්ඩායම් වල අවශ්‍යතා අනුව නිර්මාණය වූ බව.....

    සවාදයට විවුර්තයි......

    අයින්ස්ටයින් ගෙ ජෙනේරල් තියරි ඔෆ් රෙලටිවිටි ගැන කිසිම දෙයක් දන්නේ කෙනෙකුට එඉකේ තියෙන ලකුණු ටික බලල අයින්ස්ටයින්ගේ තියරි පිස්සුවක් සහ අයන්ස්ටයිනුත් පිස්සෙක් කියල හිතන එක සාමාන්‍යයි..

    එ වගේම ඕවා ගැන හරි දැනීමක් නැති අයටත් එහෙම හිතෙන එක සාධාරණයි. කෙනෙක් හරි ජජ්මෙන්ට් එකකට එන්න කලින් එය පිළිබධ හරි අවබෝධයක් ලබන එක වටිනවා.

    ආගම් කාලයත් සමග විකුර්ති වෙලා එක එක යට අයට ඔඑඉනෙ විධිහට වෙනස් වුන එක පිළිගන්න වෙනවා. හැබැයි මුලික කෝර් එකට ගියොත් ගොඩක් ආගම් වල වැදගත් දේවල් කියන්නේ. පිස්සු කියල අහක දාන්න බෑ

    මේකේ ගොඩක් අයගේ කොමෙන්ට් බැලුවම තිරෙනවා කිසිම දැනුමක් නැතිව අර තියරි එකේ අකුරු ටික බලල අයන්ස්ටයින්ට බැන්න වගේ වැඩක් කරලා තියෙන්නේ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අයින්ස්ටයින් ගෙ ජෙනේරල් තියරි ඔෆ් රෙලටිවිටි ගැන කිසිම දෙයක් දන්නේ කෙනෙකුට එඉකේ තියෙන ලකුණු ටික බලල අයින්ස්ටයින්ගේ තියරි පිස්සුවක් සහ අයන්ස්ටයිනුත් පිස්සෙක් කියල හිතන එක සාමාන්‍යයි..
    ඔබතුමා field එකේ ඉන්න හින්ද සහ ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ, අයින්ස්ටයින් ගෙ ජෙනේරල් තියරි ඔෆ් රෙලටිවිටි පිස්සුවක් සහ අයන්ස්ටයිනුත් පිස්සෙක් කියල කියන set එකක් ඉන්නවද?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    Buddism වුනත් ඇතැම් දේවල් පිළිගන්න බෑ නේද?, සෝවාන් වීම, නිවන, යලි ඉපදීම,නිවන් ගියාම යලි නොඉපදීම, සත්ව සහ මිනිස් බව ( ඒක ආත්මයක සත්වයකු ලෙස ඉපදීම තවත් ආත්මයක මිනිසෙකු ලෙස ඉපදීම, පින පලදීම් හේතුවෙන් )......
    Ehi-Passiko | ඒහි පස්සිකෝ - means 'Come and See' does not require blind faith
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,303
    2,156
    113
    ඔබතුමා field එකේ ඉන්න හින්ද සහ ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ, අයින්ස්ටයින් ගෙ ජෙනේරල් තියරි ඔෆ් රෙලටිවිටි පිස්සුවක් සහ අයන්ස්ටයිනුත් පිස්සෙක් කියල කියන set එකක් ඉන්නවද?

    අපො ඔව්, ඒ කාලෙ, මිනිහගෙ තියරි එලියට දැම්මම, මැන්ස්ට බැනල හිටන් තියෙනව, මු ක්ලාක් කෙනෙක් අරෙන්නෙ මොන පිසිසිස් කෙනෙක්ද කියල...ජිවිශ් සයන්ස් කියලත් ලේබල් ගහලත් තියෙනව...නිවුටන්ගේ තියරි අදගගෙන හිටිය සෙට් එක තමයි, ඕකට මුල් වුනෙ වැඩිය..මම කියවල තියෙන විදිහට.. ඒ වගේම, ක්වන්ටම් පිසික්ස් එලියට ආවම, එක මහ පිස්සුවක් කියල අයන්ස්ටයිනුත් කියල තියෙනව..
     
    • Love
    Reactions: MalSeven

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හැම ආගමික කතෘ කෙනෙක්ටම තමන් ඉපදුනේ අනෙක් අයව බේරගන්න කියන අදහස තිබිල තියෙනවා. ඒක මානසික ලෙඩක්ද නැද්ද කියන එක අපිට දැන් කියන්න අමාරුයි, ඒ උන්දලා දැන් නැතිනිසා.

    හැබැයි මම අද කිව්වොත් මම ඉපදුනේ උඹලව බේරගන්න කියල මාව පිස්සෙක් ගණයට තමයි වැටෙන්නෙ
    ☝️ :sneaky:

    හැබැයි එහෙම ගලාවාගන්න පොරොන්දු වෙන්නෙ ආගම් විතරක් නෙමෙයි. සංස්කෘතිය, නීතිය, සදාචාරය, දේශපාලනය, අධ්‍යපනය ආදී සියල්ලම අපිව "ගලවාගන්න" පොරොන්දු වෙනවා.

    නීතිය අපිව අනීතියෙන් ගලවාගන්න පොරොන්දු වෙනවා. ඉතින් අපි නීති පිළිපදිනවා සහ සම්මත කරගන්නවා.

    සංස්කෘතිය අපිට සමාජීය වටිනාකම් පොරොන්දු වෙනාව. ඉතින් අපි සංස්කෘතියට අනුගත වෙනවා සහ පිලිගන්නවා.

    සදාචාරය අපිට ආරක්ශාවක් පොරොන්දු වෙනවා. ඉතින් අපි සදාචාරාත්මක වෙනවා සහ සදාචාරයට ගෞරව කරනවා.

    දේශපාලනය අපිට දුක අඩු, යහපත් ජීවිතයක් පොරොන්දු වෙනවා. ඉතින් අපි දේශපාලනයට දායකවෙනවා සහ අනුමත කරනවා.

    අධ්‍යාපනය අපිව අඳුරෙන් ගලවාගන්න පොරොන්දු වෙනවා. ඉතින් අපි අධ්‍යාපනයෙන් සවිමත් වෙනවා සහ සත්‍ය ලෙස පිලිගන්නවා කරනවා.

    ඔය හැම එකකටම කතෘවරුන් ඉන්නවා, නීතිය සම්මත කරන අය, සංස්කෘතියට අනුබල දෙන අය, සදාචාරය නිර්ණය කරන අය, දේශපාලනය ප්‍රකාශ කරන අය, අධ්‍යාපනය සකස් කරන අය. එහෙම බැලුවම තියෙන තරමක් තියෙන ඉගැන්වීම් හැම එකක්ම අපිව ගලවා ගන්න තමා පොරොන්දු වෙන්නෙ. මේ හැමෝටමත් මානසික ලෙඩ ද දන්නෑ...
     
    • Like
    Reactions: MalSeven