ආඩම්බරකාර තාත්තේ මෙන්න මේකයි තත්වය
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල අතිශය සංවේදීව කරුණු දක්වන මාතෘකාවක් ඇත. එනම් අධ්‍යාපනයයි. ඔහු දක්වන කරුණු පිළිබඳ අවධානය යොමුකිරීමේ දී කිසියම් රටක අනාගත පරම්පරාවේ යහපත වෙනුවෙන් මෙතරම් සංවේදී ලෙස ආමන්ත්‍රණය කරන වෙනත් නායකයකු ලොව නැතැයි සිතේ. ඔහුගේ කතාවන්හිදී නිතර කියැවෙන්නේ මෙරට පරම සම්පත සිසු දරුවන් බවය. අනාගත පරපුරේ අභිවෘද්ධිය සඳහා අප රටේ අධ්‍යාපනය ඉතා විධිමත් අයුරින් සකස් කළයුතු බැව් බොහෝ අවස්ථාවලදී කියැවෙනු ඇසේ. සැබවින්ම රටෙහි අනාගත පරපුර පිළිබඳ සංවේදීවන්නා වූ ඕනෑම අයකු ඒ පිළිබඳව සතුටුවනු නිසැකය. නමුත් ඔහුගේ මේ කතාවෙහි ඇති සංවේදීභාවය ප්‍රයෝගික තලයේ දී කෙතරම් දුරට සාධාරණ මට්ටමක පවතීදැයි අප විමසා බැලිය යුතුය.
දළ දේශීය නිෂ්පාදනයෙන් (Gross Domestic Product) ලෝකයේ එක් එක් රටවල් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කොට ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ විමසා බැලීමේදී මෙය මැනවින් පසක් වේ. ලෝක බැංකු වාර්තාවන්හි සඳහන් වන අන්දමට 2010, 2011 සහ 2012 යන වසරවල ශ්‍රී ලංකාවේ ද.දේ. නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කොට ඇති ප්‍රතිශතයන් පිළිවෙලින් සියයට 2.0, 2.0 සහ 1.7 වේ. අපට ආසන්නතම ඉන්දියාවේ අධ්‍යාපනය සඳහා මෙම වසර තුන සඳහා වෙන් කොට ඇති මුදලේ ප්‍රතිශතය පිළිවෙලින් 3.3, 3.3 සහ 3.4 වේ. තවත් ආසියානු රටක් වන තායිලන්තයේ මෙම අගයයන් පිළිවෙලින් 3.8, 5.8 හා 7.6 වේ. දරිද්‍රතාවය, දුර්භික්ෂ හා ලෙඩරෝග ආදියෙන් පිරි අප්‍රිකානු රටක් වන රුවන්ඩාව ගතහොත් මෙම අගයයන් පිළිවෙලින් 5.0, 4.8 හා 4.8 වේ. තවත් අප්‍රිකානු රටක් වන නයිජර්හි මෙම අගයයන් පිළිවෙලින් 3.7, 4.2 හා 4.4 වේ. මේ අනුව පැහැදිලිව පෙනී යන දෙයක් වන්නේ ශ්‍රී ලංකාවට අසල්වැසි රටවල මෙන්ම ශ්‍රී ලංකාවට වඩා ආර්ථික අතින් නොදියුණු, දරිද්‍රතාවයෙන් වැඩි රටවල් ද සිය ද.දේ. නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති මුදලේ ප්‍රතිශතය වැඩි බවය. ලෝකයේ අනෙක් බොහෝ රටවල් වසරින් වසර අධ්‍යාපනය සඳහා වෙන්කරනු ලබන මුදලේ ප්‍රතිශතය වැඩිකරන විට අප රටෙහි සිදුව ඇත්තේ එය කෙමෙන් කප්පාදුවට ලක්වීමය. නමුත් ජනපතිවරයා සිය කතාවන් සියල්ලකදීම වාගේ පවසන්නේ තමන් තරම් රටේ දරුවන් හා අධ්‍යාපනය පිළිබඳ සැළකිලිමත් වූ වෙනත් නායකයකු නොමැති බවය.
"කිසියම් රටක සංවර්ධනයෙහි ලා යෙදවිය හැකි හොඳම ආයෝජනය වන්නේ අධ්‍යාපනය උදෙසා වැයකරන ධනය" යැයි යුනෙස්කෝ සංවිධානය අවධාරණය කරයි. යුනෙස්කෝ සංවිධානය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා කළ එක් නිර්දේශයක් වූයේ සිය ද.දේ. නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 4%ක් වත් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු බවය. නමුත් දරුවන් සහ අධ්‍යපානය පිළිබඳ අතිශය සංවේදී නායකයා සිය ද.දේ. නිෂ්පාදිතයෙන් අධ්‍යපනය වෙනුවෙන් වෙන්කරනුයේ 2%කටත් අඩු ප්‍රතිශතයකි. අධ්‍යාපනය සඳහා සිය ද.දේ. නිෂ්පාදිතයෙන් වෙන්කරනු ලබන ප්‍රතිශත පිළිබඳ ඉහත රටවල්වලට අමතරව විශේෂයෙන් සඳහන් කළ යුතු රටවල් ද තිබේ. ඉන් එකක් වන්නේ කියුබාවය. ඔවුන් 2010 වසරේ ඒ වෙනුවෙන් වෙන්කළ මුදලේ ප්‍රතිශතය 12.8%කි. එක්සත් රාජධානිය 2010 වසරේ 6.%ක් වෙන් කොට තිබිණි. නමුත් අප රටේ නායකයා යුනෙස්කෝවේ නිර්දේශිත ප්‍රතිශතය හෝ වෙන් කරන්නේ නැති බව පැහැදිලිය. එමෙන්ම 2012 වසරේ ලෝකයේ සිය ද.දේ. නිෂ්පාදිතයෙන් අඩුම ප්‍රතිශතයක් වෙන්කළ රට වන්නේ ද ශ්‍රී ලංකාවය. මෙය අතිශය ඛේදනීය තත්වයකි. ලෝකයේ අන් සියලු රටවල තත්වය අපට වඩා උසස් ය. අප රටේ සංවේදී නායකයාගේ සැබෑ මුහුණුවර මෙය වුව ද 2010 වසරේ ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරි දැක්මේ 68 පිටුවේ මෙවැන්නක් සඳහන් වේ.
"පාසල් අධ්‍යාපනය ඉළක්ක ගත විය යුත්තේ ඉදිරි සංවර්ධන දශකය සඳහා නොව සිය වසක් දුර යා හැකි පරිදිය."
සැබවින්ම මේවා සීමාවී ඇත්තේ ප්‍රෝඩාකාරී වචනවලට පමණි. මේ රාජ්‍ය නායකයාම පවසන්නේ තමා කියන දේ කරන, කරන දේ කියන පුද්ගලයකු බවය. ඔහුගේ මේ ප්‍රකාශ කෙතරම් සාවද්‍ය ද යන්න පිළිබඳ බුද්ධිමත්ව විමසා බැලිය යුතු කාලය එළැඹ තිබේ.
මේ සඳහා වූ ලෝක බැංකු වාර්තාව සඳහා මෙතැනින් පිවිසෙන්න
- lankatruth