ආදරණිය_පෙපේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ජනපති පදවියට සමු දෙන ලොව දුප්පත්ම ජනපති.



141107040548_jose_mujica_624x351_ap_nocredit.jpg


උරුගුවේ රාජ්‍යයට අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයා දිවුරුම් දී සිය තනතුරේ වැඩ ආරම්භ කර තිබේ.
නමුත් එරට ජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ජනාධිපති ධූර කාලය නිමා කරන හිටපු ජනපති හොසේ මුහිකා වෙතටයි.
හිටපු ගරිල්ලා සටන් කරුවකු වන හොසේ මුහිකා ලොව පතල වූයේ පැරණි මෝටර් රථයක් පදවාගෙන ගමන් බිමන් යන, ගොවි පැලක ජීවත් වන, කකුල් තුනේ බලු සුරතලෙකු හිමි, සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරන ජනාධිපතිවරයෙකු ලෙසිනි.
ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස හැඳින්වෙන හොසේ මුහිකා රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ පිහිටි කුඩා නිවසේ සිටිමින්.
ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට උරුගුවේ ව්‍යවස්ථාවෙන් ඉඩක් අවසරයක් නැත.
එහෙයින් ව්‍යවස්ථාවට ගරු කොට ජනාධිපති පදවිය භාර දීමට ඔහු තීරණය කළේය.


141107040454_jose_mujica_624x351_afp_nocredit.jpg


පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කළ නිවසක්.
අක්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල්ලක්.
මම මේ ලියන්න යන්නේ සාමාන්‍ය ගොවියෙකුගේ ගෙපැලක් ගැන නොවෙයි. උරුගුවේ ජනාධිපතිවරයා ජීවත් වන නිවස ගැන.
ජනාධිපතිවරයෙකු ගැන පැවසූ පමණින් අපට මැවෙන චිත්ත රූපයට හාත්පසින් වෙනස් ජීවන රටාවක් සහිත මොහු හොසේ මුහිකා. උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයා.
රටේ ජනතාව ආදරේට මොහු අමතන්නේ පෙපේ කියල.

පරණ කාර් කට්ට

141106171831_jose_mujica_auto_624x351_ap.jpg


ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට කැඩිලැක්, රෝල්ස් රොයිස්, ජගුවාර්, ලැම්බෝගිනි වැනි සුඛෝපභෝගී වාහන නවතා තිබියදී උරුගුවේ ජනාධිපතිවරයා තනිවම පදවා ගෙන යන්නේ පරණ වොල්ස්වගන් මෝටර් රථයක්.
ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන හොසේ මුහිකාට ටිකක් පොහොසත් වන්නට අවස්ථාවක් උදා වෙලා.
මේ පරණ කාර් කට්ටට අරාබියේ තෙල් මුදලාලි කෙනෙකුගෙන් හොඳ මිලක් ලැබිලා.
ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න හදන්නේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුනා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි.
ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළේ තමන්ට පොහොසත් වෙන්න හිතිලා නොවෙයි. ඒ මුදලත් ජනතාවට ම ලබා දීම හොසේගේ අරමුණ.
තමන්ට ලැබෙන මාසික වැටුපෙන් සියයට අනූවක් ම ආපසු දෙන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම් ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර.
තමන්ට ජීවත් වීමට අතට ගන්නේ පඩියෙන් සියයට දහයයි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත්.


කකුල් තුනේ මැනුවෙල්



141023080315_uruguai_mujica_624x351_afp.jpg


තම බිරිඳට අයිති ගොවිපළේ ජීවත් වන මේ ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ ආරක්ෂාවට ඉන්නේ පොලිස් භටයන් දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනාත් ඉන්නේ ගොවිපළට ඇතුළු වන පාර අද්දර.
නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලන මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි.
ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධිත ‘මැනුවෙල්’ උරුගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි.
ගොවිපළේ වැඩට යොදා ගන්න ට්‍රැක්ටරය කැඩුනම ඒක හදා ගන්න බාස්ල ඕන නැහැ. ඒකත් මේ ජනාධිපතිවරයාටම කර ගන්න පුළුවන්.
ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි.
“මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.” හොසේ මුහිකා, එහෙමත් නැත්නම් ‘පෙපේ’ කියන්නේ තමන් දුප්පත් නැති බව.


වෙඩි උණ්ඩ හයක්



141027143429_jose_mujica_uruguay_president_624x351_gettyimages_nocredit.jpg


හොසේ මුහිකා උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි.
හැටේ දශකයේ අග භාගයේදී ගරිල්ලා සංවිධානයකට බැඳුණු තරුණ හොසේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා. දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි.
තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කපා ගෙන.
නැවත නැවතත් හිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක් ම පලා ගියා.
1985 දී රටට ප්‍රජාතන්ත්‍රවාදය උදා වීමත් සමඟ නිදහස ලැබූ හොසේ මුහිකා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් වුනා.
2010 වන විට හොසේ මුහිකා උරුගුවේ ජනාධිපතිවරයා.
අද වන තුරු රට පාලනය කළේ සිය බිරිඳට අයත් ගොවිපළේ සිට.
ජනතා කැමැත්ත තවමත් නොඅඩුව පැවතියත් දෙවැනි වතාවට තරඟ කරන්නට ඔහුට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ.
ව්‍යවස්ථාවට ගරු කොට බිරිඳ සමඟ සුපුරුදු ගොවිතැන කර ගෙන යාමට ඔහු තීරණය කළා.


141027140406_jose_mujica_uruguay_president_624x351_afp.jpg
 

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ලන්කාව කියන රටෙත් ඉන්නවලු ඔය වගේ කෑමෑත්තෙන් විශ්‍රාම ගිය ජනාධ්පති වරයෙක්,,,,
    එයාට නම් ඒ රටේ මිනිස්සු ආදරේට කියන්නෙ මරා කියලලු..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලන්කාව කියන රටෙත් ඉන්නවලු ඔය වගේ කෑමෑත්තෙන් විශ්‍රාම ගිය ජනාධ්පති වරයෙක්,,,,
    එයාට නම් ඒ රටේ මිනිස්සු ආදරේට කියන්නෙ මරා කියලලු..

    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සද එළිය ගගක් වි මා නුවන් අඹරේ
    හැපී පෙන පිඩු නගයි,

    අනේ අපි කවදාක හිනැහෙමු ද ඒ රටේ..... :(