ආදරනීය මල්ලියේ..

Troy Bolton

Member
Aug 20, 2011
476
20
0
ත්‍රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්‍රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්‍රධාන කරල ත්‍රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ. :baffled: ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ... :nerd:

හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ. :lol: හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය. :rofl: හැබැයි "එහෙයි" කියපු හැමෝටම
පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව :love: මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්. :yes:

හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ. :growl: (දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ... :no: තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ... :dull: හැබැ‍යි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ.. :growl: කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ.. :love: Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ. :no:

gono methana koheda ban kellek daaganna epa kiyala tiyanenne :lol: uba kanne thanakolada :rofl: meke kiyala tiyenne kello newei mona magula karath igenaganna eka hariyata karaganna kiyala :lol: iskole yana kaale kellek ge muna diha balagena katha karannawath bari napunsaka dial thamai oya wage talks denne :lol:
 
Troy Bolton

Member
Aug 20, 2011
476
20
0
රත්තරං;15627072 said:

සම්පූර්න වැරදි..
ඇයි උබ හිතන්නේ උබේ ගෑනි උබත් එක්ක ඩබල් දාලා ෆුට් බයිසිකලේ යන්න එන්න ඕනේ කියලා
ඇයි උබ හිතන්නේ උන්බේ ගෑනි වහලෙ තෙමෙනකොට මැටිකෝපේ තෙමෙන තැන් වලින් තියන්න ඔනේ කියලා
ඇයි උබ හිතන්නේ උබේ ගෑනි පොතට බඩු ගන්න ඕනෙයි කියලා

ඇයි උබ හිතන්නේ ඉහත කාරනා තුන සිද්දවෙන්න දෙන පිරිමියෙක් එක්ක උනත් යන්න ලෑස්ති ලාභ බඩුවක් උබේ ගෑනි වෙන්න ඕනේ කියලා?

BMW මේන්ටේන් කරන්න කරත්ත කාරයන්ට බෑ මල්ලී.. එකෙන් කියන්නේ නෑ කරත්තේ BMWඑකට වඩා හොදයි කියලා. ඒ නිසා උබ BMW එකක් මේන්ටේන් කරන්න පුලුවන් එකෙක් වෙයන්.. BMW එකක් ගන්නනම් ඉස්සෙලම කරත්ත කාරයා වෙනස් වෙනවා මිසක්,,,BMW එක වෙනුවට කරත්තයක් අරන් වැඩක් නෑ
mehema deyak tiyenawa machan :D kella salli walata waha watila kollata kamathi wenawa nan ethana adarayak naha neda ? :rolleyes: kisi deyak nathi kaale kamathi wena kella hadawathinmai kamathi wenne ekata kalaguna salakanna kollo hatiyata eyaata sapawath jiwithayak dena eka ape wagakima :D ehema newei da :rolleyes: mokada api kochchara igena gaththath kochchara salli hamba kalath samahara waradi thirana nisa ewa nathi wenna echchara wela yanne naha edaata ara hitapu kella daala yannath puluwan sallli nathi nisa :D

kollek hatiyata salli walata thamanta kamathi wena kellai salli tibbath kollage adare balaporoththu wena kellai aduraganna hakiyawak tiyanna ona :D
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    gono methana koheda ban kellek daaganna epa kiyala tiyanenne :lol: uba kanne thanakolada :rofl: meke kiyala tiyenne kello newei mona magula karath igenaganna eka hariyata karaganna kiyala :lol: iskole yana kaale kellek ge muna diha balagena katha karannawath bari napunsaka dial thamai oya wage talks denne :lol:

    ඔය ත්‍රෙඩ් එක හරියට කියවන්නෙවත් නැතුව දාපු කමෙන්ට් එකක් බන්..:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mehema deyak tiyenawa machan :D kella salli walata waha watila kollata kamathi wenawa nan ethana adarayak naha neda ? :rolleyes: kisi deyak nathi kaale kamathi wena kella hadawathinmai kamathi wenne ekata kalaguna salakanna kollo hatiyata eyaata sapawath jiwithayak dena eka ape wagakima :D ehema newei da :rolleyes: mokada api kochchara igena gaththath kochchara salli hamba kalath samahara waradi thirana nisa ewa nathi wenna echchara wela yanne naha edaata ara hitapu kella daala yannath puluwan sallli nathi nisa :D

    kollek hatiyata salli walata thamanta kamathi wena kellai salli tibbath kollage adare balaporoththu wena kellai aduraganna hakiyawak tiyanna ona :D

    උබේ ප්‍රශ්නෙට හරියටම හරි උත්තරේ උබම දීලා තියෙනවා (රතුපාට කොටස )ඉතින් මචන් ඉගෙනගෙන තැනකට එන්න දන්න මීටරයක් තියෙන කොල්ලෙක්ට කෙල්ලෙක් ටික කාලයක් ආස්සරේ කරාම සතා මොකාද කියලා අදුරගන්න පුලුවන්කම තියෙන්න ඕනේ මචන්
     
    Last edited:

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    කියමන් ටික නම් හරියටම හරි අයියේ...හැදෙන එකාට ඒ ටික මසුරන්....
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    රත්තරං;15627783 said:
    උබේ ප්‍රශ්නෙට හරියටම හරි උත්තරේ උබම දීලා තියෙනවා (රතුපාට කොටස )ඉතින් මචන් ඉගෙනගෙන තැනකට එන්න දන්න මීටරයක් තියෙන කොල්ලෙක්ට කෙල්ලෙක් ටික කාලයක් ආස්සරේ කරාම සතා මොකාද කියලා අදුරගන්න පුලුවන්කම තියෙන්න ඕනේ මචන්

    :yes::D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Umba maawa hamba card gahala mihichrub wa podi eka card gahala cut karagattha. Kohoma hari mama thawa reply karoth oya reel ekama gahala thread eka off topic yayi. Card gahannathu katha karanna puluwan ekekge wirudda adahas walata umba uththara deida balamu...

    මට උබට කතාකරන එක දෙයක් නෙමේ. ඒත් උබ කොන්දෙසි විරහිතව විරුද්ද වීමේ ක්‍රමේට තමා ගේමට ආවේ. හේතුව උබයි මමයි දන්නවනේ. අනික උබ හේතු සහිතව පැහැදිලිව නෙමේ කතාකරන්නේ, දැන් උනත් ෆේක් එකෙන් උනත් උබට අවස්තාව තියෙනවා. මගේ ත්‍රෙඩ් එකේ කොටස් කොටු කරලා අහපන් බලන්න

    ඒත් ඊට කලින් දැන් කිව්වා වගේ

    අර mihichrubට පොඩි එකා කාඩ් එක ගහපු තැන / එහෙම කියපු කොටස ඉස්සෙල්ලම පෙන්නපන්කෝ බලන්න
     
    Last edited:

    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    රත්තරං;15627818 said:
    මට උබට කතාකරන එක දෙයක් නෙමේ. ඒත් උබ කොන්දෙසි විරහිතව විරුද්ද වීමේ ක්‍රමේට තමා ගේමට ආවේ. හේතුව උබයි මමයි දන්නවනේ. අනික උබ හේතු සහිතව පැහැදිලිව නෙමේ කතාකරන්නේ, දැන් උනත් ෆේක් එකෙන් උනත් උබට අවස්තාව තියෙනවා. මගේ ත්‍රෙඩ් එකේ කොටස් කොටු කරලා අහපන් බලන්න

    ඒත් ඊට කලින් දැන් කිව්වා වගේ

    අර mihichrubට පොඩි එකා කාඩ් එක ගහපු තැන / එහෙම කියපු කොටස ඉස්සෙල්ලම පෙන්නපන්කෝ බලන්න

    oya wiruddawa posts daana godak aya kisima deyak karanneth naha ara diaskolla wage karapu minissunda irisiya karana eka thamai karannen :D oya wage ayawa ganan nogena inna tharamata unta ridenawa :P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බොක්කෙන්ම කියල තියනවා බොක්කටම වදින්නම.....
    උබට ජය මචන්. තෙරුවන් සරණයි!
     
  • Apr 2, 2013
    819
    69
    28
    attema kiyanawanam mata OL yana kale indanma kellanta adarayak athi une na...wadiya..1k 2k set keregatta wadima unoth masa 6k tiyenna athii..sapanam gatta athulata noda..
    attema kiyanawanam man badinna hoyanne tikak lassana tiyana salli tiyana kellek..mata wada adiyak hari udin inna kellek..umba kiyana kathawa hari..mamanam AL iwara unu dawase indan badinawanam badinna ona kiyala hitagatte mata wada adiyak hari udin inna kellekwama thama..samahara ewunnam itin wadak na kiyala..bolada kollo inne..:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං අයියා මල්ලිලට කිව්වා වගේ මටත් මේකේ ඉන්න නංගිලා/දූලා(මගේ වයස එක්ක බැලුවම දූලා පුතාලා තමා මෙකේ වැඩි හරිය මම හිතන්නේ)ට පොඩි අවවාදයක් දෙන්න හිතුනා.වැඩියෙන් පිරිමි පාර්ශවය හිටියත් සයිබර් අවකාශයේ රස්තියාදු ගහන ගමන් වැස්සට මේ සයිට් එකට ගොඩ වෙලා අහම්බෙන් මේ ත්‍රෙඩ් එක බලන්න සිද්ධ වෙච්ච අපේ නංගිලාට(දැන් ඉතින් අර රත්තරං පඬිතුමා කියයි "ඔය වයසේ වෙන ගෑනුන්ට නාන්න,කන්න වෙලවක් නැහැ,මෙයා මෙතන වැල් බයිලා ගහනවා කියලා". ෂට් අප් :frown::angry:මට කියන්න තියෙන දේ මම කියනවමයි කියනවමයි.)
    දයාබර නංගිලා,
    ඉගෙනගන්න කාලෙ හොඳින් ඉගෙනගන්න.අවන්කව ආදරය කරන කොල්ලෙක් කවමදාවත් තමන්ගේ කෙල්ලව හොටෙල්/රූම්ස් ගානෙ චාටර් කරන්නෙ නැහැ.කැප වෙලා ඉගෙනගන්න තියෙන්නෙ උපරිම අවු.5.ඒ කියන්නෙ ඉස්කොලේ අන්තිම අවුරුදු කීපය.හොඳට ඉගෙනගෙන රස්සාවක් කරන්න. අඩු තරමෙ අවු.26-27 විතර වෙනකන්වත් කසාදයක් ගැන හිතන්න එපා...තමන් හම්බ කරන දේ වංචාවක් වෙන්නෙ නැති තැනක ආයෝජනය කරන්න.එතකොට පෑඩ් පැකට් එක ගන්නයි,අම්මල බෙහෙත් ගන්නයි,තාත්තාගෙ මෙඩිකල් රිපෝර්ට්ස් ටික පෙන්නන්න යි......හැම දේටම පල් වෙන්න ඕනේ නැහැ.( දැන් ඉතින් මේක මගේ ජීවිතයට ආදේශ කරන්න එපා) ආර්ථික ශක්තිමත් භාවය =ආත්ම ශක්තිය.විවාහයෙන් තමන්ට දැඩි අසාධාරනයක් සිද්ධ උනොත් දරුවෝ හදාගෙන ජීවිතයට මූන දෙන්න පුලුවන් මට්ටමක් හදාගන්න.
    Cheers....
     
    Last edited:

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    ඇඩේ උබටත් රේප් දෙන්න බෙහෙලු බං

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ත්‍රෙඩ් එකේ වැඩිහරියකට එකග නෑ..බහුතරය "සිරා" කියල තිබ්බට මට නම් පට්ට බොලද ත්‍රෙඩ් එකක්.. පොඩි කාලෙදිම කසාද බදින්න කෙල්ලො හොයන එකයි, කාසාදෙ මුල් කරගන්න එකයි, රූම් යන්නයි අහුමුලුවල රින්ගන එක ගැනයි ප්‍රධාන කරල ත්‍රෙඩ් එක ලිව්ව නම් තමා වටින්නෙ. :baffled: ඒව තමා පාසල් යන කාලෙ වැඩක් නැත්තෙ... :nerd:

    හැබැයි කෙල්ලෙක් එක්ක Love affair එකක් තියෙන එක කිසිම අවුලක් නෑ. ඔය "එහෙයි" කියපු හැමෝටම එක්කො පාසල් කාලෙ කෙල්ලො ඉදල නෑ. :lol: හිටිය නම් ඔය මම උඩින් කියපු ටික කරන්න ගිහින් කෙලෝ ගත්ත අය. :rofl: හැබැයි "එහෙයි" කියපු හැමෝටම
    පාසල් කාලෙදි lust එකට නැතුව ඇත්තටම කෙල්ලෙක් පස්සෙන් ගිහින් කට්ට කාල එයත් එක්ක ගත කරපු කාලයක් තියෙනව නම්..; පොඩ්ඩක් ඇස්දෙක පියාගෙන මතක් කරගත්තොත් දැනේවි ඒ කාලෙ හරි සුන්දරබව :love: මටනම් හරි සුන්දරයි. මොන හැලහැප්පීම් තිබුනත්..; හිත රිදවීම් තිබුනත්. :yes:

    හැබැයි එවැනි කාලයක් දැන් ගන්න බෑ. දැන් park ගානෙ ඇවිදින්න කාලෙ නෑ film hall ගානෙ යන්න වෙලාවක් නෑ.. තුරුලු කරන් සුරන්ගනා කතා කියන්න වෙලා නෑ. :growl: (දැන් ඉන්න කපල් නම් චාටර්.. තැනක් නොතනක් නෑ. හැමතැනම මිරිකගන්න එකමයි කරන්නෙ. කුඩයක් යට හිටියත් lust එකමයි..) නාකි වෙලා හැමැදේම කරන්න බෑ... :no: තරුණ කාලෙ ඒ දේවල් මග ඇරගන්න නැතුව limit තියාගෙන කරන්න ඕනෙ. හම්බ කරන එකම නෙමේ ජිවිතේ.. නැත්නම් ඉගෙනගෙන ඉගෙනගෙන, හම්බ කරල හම්බ කරල ඉවර වෙලා, හැරිල බලනකොට තමන්ට තමන්ගෙ තරුණ කාලෙ මග ඇරිල තියෙයි.. එහෙම වෙන්න දෙන්න එපා... අත්දැකීම් තමා ශක්තියක් වෙන්නෙ...කෙල්ලෙක් එනකම් පැයගානක් බස් හෝල්ට එකට වෙලා කට්ට කන්න පුලුවන් ඒකාලෙ තමා... නැතුව දැන් නෙමේ... :dull: හැබැ‍යි එහෙම කලා කියල විභාග ෆේල් වෙන්නෙ නෑ. ඒව ෆේල් උන අය නිදහසට හදාගත්තු බොරු කතා. කිසිම කෙල්ලෙක් නැතුව විභාග කෙලෝ ගත්තු උන බුරුතු පිටින් ඉන්නෙ.. :growl: කෙල්ලො නිසා එහෙම වෙන්නෙ නෑ. හැබැයි පොඩි කාලෙ ආදරය ආදරයක්ම නම් තමා ඒක සුන්දර වෙන්නෙ.. :love: Lust එකට ගියොත් කොහෙන් නතරවෙයිද කියල කියන්න බෑ. :no:

    රත්තරං;15627450 said:
    ඔව් ගියපාර වරෙන් සල්ලිකාරයෙක් වෙන්න ත්‍රෙඩ් එකට "තෝ කියවලා පොරටෝර්ක් දෙන්න එපා" කියලා රෙප් කපලා තිබ්බා..

    උබ අර කිව්ව වැල කතාවනම් ඇත්ත බන්.. පතෝල මැස්ස ගැලෙව්වහම නවතින්නේ බඩෙනුත් පල්ලෙහා. ඒ හින්දා ඕවා බලල බදිනවට වඩා හොදයි ජීවත් වෙන්න පුලුවන් සාදක තියෙන කෙල්ලෙක්ව බදිනවා

    කොහොමත් ඔය කෙල්ලො මත්තෙ නැහෙන උන්ට අන්තිමට කෙල්ලොත් නෑ අද්යාපනෙත් නෑ.. අනාගතෙත් නෑ

    ඒක ඇත්ත මචං.. දැන් දැක්කනේ කීදෙනෙක් මේකට අගෙයින්ස්ට් කතා කරලද කියල. මම ඒකයි බං මේකේ බණ කියන්නේ නැත්තේ. මිනිස්සුන්ව හදන්න ගිහින් පු@#$# ටිංකිරි ටිං පිටින් ගාගත්තු එකෙක් මම. අම්මකෙනෙක් තාත්තා කෙනෙක්ට අපිට වඩා ජීවිතේ අත්දැකීම් තියෙනවා.. ඒ මිනිස්සු කියන්නෙත් උඹ කියලා තියෙන කතාම තමයි. ඒත් බහුතරයකට ඒ වචන වහ කදුරු වගේ. මේකේ සමහරුන්ට හොඳ දෙයක් හැදෙන්න දෙයක් කිව්වම මගෙත් රෙප් අනන්තවත් කපලා ඇති කුණුහරුප පිටින් මගේ අහින්සක අම්මට බැනලා. ඒ නිසා දැන් මොකෙක් හරි උම්බෑ කියලා ත්‍රෙඩ් එකක් දාලා තියෙනම් මම කරන්නේ පු$@නුත් හිනාවෙලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක කෙලවගෙන වරෙන් කියලා.

    උඹ දන්නවානම් හම්බයෝ ලොකු ලොකු තැන් වල ජොබ් කරන උන් උන්ගේ හැත්ත බුරුත්තව ඒ තැන් වලට දම්මනවා ජාතිය ගැන හිතලා, දෙමල්ලුත් එහෙමයි.. සිංහල අපිට කාගෙන්වත් පිළිසරණක් නැහැ තියෙන එකම ගොඩ ඒම ඉගෙන ගැනීම විතරයි. මම මේ කියන කතාව ඉතාමත් සුලුතරයකට වලංගු වෙන්නේ නැහැ. ඒ අහින්සක අම්මා තාත්ත දුක් මහන්සියෙන් හම්බු කරලා ගොඩගහපු සල්ලි තියෙන උන්ට. ඒත් ඒ මිනිස්සු නැති දාක ඒ සල්ලි කළමණාකරණය කරගන්න බැරිව නාස්ති කරගෙන මහ පාරට වැටෙන අවස්තා එදත් උනා අදත් වෙනවා හෙටත් වෙනවා. කෙල්ලෙක් ගැන හැඟිමක් එනවා 17- 18 වෙද්දි. ඒත් මනුස්සයෙක් උනහම තේරුම් ගන්නම ඕනේ දෙයක් තියෙනවා. ඒ තමුන්ගේ ජීවිතේ සන්ධි ස්ථානයන් මොනාද ඒ ඒ කාලෙට කරන්න ඕනේ මොනාද කියලා.. ලංකාවෙ නම් ඒ ලෙවල් කියන්නේ එහෙම තියෙන ලොකු සංධි ස්තානයක්.. එතනින් එහාට ජිවිතේ ගොඩ යනවයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒත් කැම්පස් ජීවිතේදී මනුස්සයෙකුගේ මනස හුරු වෙනවා සමාජයට මුහුණ දෙන්න ඒ වගේම අත්දැකීම් ගොඩක් ලැබෙනවා. මිනිහෙක් උනාම කරන්න ඕනේ ඒ සංධි ස්ථානය හරියට අඳුනගෙන ඒක අයිති කරගන්නකන් සියලු දේ කැප කිරීම. කෙල්ලෙක් ගොඩ දාගෙන ඔය ඔක්කොමත් කරගන්න උන් ඉන්නවා. ඒත් ඒ අතලොස්සක් බං. බහුතරයකට ඒ හැකියාව නැහැ.

    මම කතා කරන්නෙත් උඹ කතා කලා වගේ ඒ බහුතරය ගැන. ඒ සංධි ස්ථානය පහු වෙලා ලයිෆ් එක ට්‍රැක් එකට වැ‍ටුනම ඔය කෙල්ලෙ වෙනුවෙන් බස් හෝලෙ එකක කට්ට කන එක මහ කජ්ජක් නෙමෙයි බං. හොඳම දේ හරි දේ හරි වයසෙදි කරන එකයි. නැත්නම් ජීවිතේ කෙලවගෙන කන්න දැයක් නැතුව, ලගින්න තැනක් නැතුව, හරියට අඳින්න ඇන්දුමක් නැතිව, යන්න එන්න වාහනයක් නැතිව පට්ට ලස්සනට හිටපු කෙල්ලෙක් බැඳගෙන ඒ කිව වේ@% කමේ යවලා ලැබෙන ගානෙන් ජීවත් වෙන්න තමයි වෙන්නේ.. එහෙම තැනකට වැටිලා ඉද්දි අර ඇස් දෙක පිහාගෙන අතීතේ ගැන්, කෙල්ලෝ නිසා කාපු කට්ට මත වෙද්දි හිතට දැනෙන්නේ සුන්දර ආදර බර හැඟීමක් නෙමෙයි මචං. ඒ කාලෙට ඒ සුන්දරයි කියන හැඟීම වහ කදුරු වගේ වෙනවා. ඒ වගේම ඒ මතක්වෙන වහ කදුරු ගැන තඹේකට මායිම් කරන්න ලඟ බල්ලෙක්වත් නැහැ. කරන්න ඕනේ හොඳම දේ තමාගේ ප්‍රභවය අනුව කරන්න පුලුවන් තරම දැනගෙන දොං ගැහීම මිසක් අනික් එකා ගහනවා දැකලා තක දොං ගැහීම නෙමෙයි බං..