මචන් මම ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙකුට ට්‍රයි කරා..ට්‍රයි කියන්නෙ බොක්කෙන්ම ට්‍රයි..හැබැයි මම ඒකිගෙන් ඇහුවේ නෑ ඉස්කෝලේ යන කාලෙදි,ඒ ඒකිට හරියට ඉගෙන ගන්න දෙන්න ඕන කියල හිතලා සිරාවටම මන් ඒකිට ලව් කරා,
ඒකිත් ඒක දැනන් හිටිය,හැබැයි බන් මම ඒලෙවල් ඉවර වෙලා ඒකිගෙන් අහද්දි ඒකිට වෙන කොහේදෝ ඉන්න එකෙක් සෙට් වෙලා තිබුනා,
කියන්න දෙයක් නෑනේ,අවුරුදු 4ක් ෆුල් හෝප්ස් තියන් ඉඳපු කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් කියල අන්තිම මොහොතෙ දැනගත්තම,ඇඬුන හොම්බෙන් යන්නම,ආයෙ මේ ජීවිතෙන් වැඩක් නෑ,ඒයා නැතුව මට කිසි පලක් නෑ,,ආයෙ බඳින් නෑ කියල හිතාගත්තා,
ඒත් හෙමීට හෙමීට මන් මගේ ඉගෙනගන්න වැඩ ටික පිලිවෙලකට කරගත්තා,ඩිග්‍රියක් ගැහුවා මේ අවුරුද්දෙ මුල මට ජොබකුත් සෙට් උනා,
මේ ලඟදි අපේ අම්මගේ ස්ටාෆ් එකේ එකට වැඩ කරන කීප දෙනෙක් මන් ගැන අහලා තිබ්බලු ඒ ගොල්ලන්ගේ දෝනියැන්දලාට සෙට් කරන්න,අම්ම ඕක කිවුවම මට පුදුම හිතුන යකෝ,
සිරාවටම පට්ට ලැජ්ජයිත් එක්ක..
මේකයි සාරන්ශය ඉස්කෝලේ යන කාලෙ පුලුවන් නම් හොඳ කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්,හැබැයි ඉගෙන ගන්න එක කඩාකප්පල් කරගන්නෙ නැතුව(එහෙම කරගත්ත තාමත් ඒව එහෙම කරන මගේ යාලුවො බොහොම අතලොස්සක් ඉන්නව),කැම්පස් යන්න ලක් එක තිබ්බොත් තේරේවි තව කොච්චර තේරීමක් කැම්පස් එක ඇතුලේ තියෙනවද කියල,,
![]()
ජොබකට ගියාට පස්සෙ තේරේවි ඒක ඊටත් වඩා හොඳට...
![]()
![]()
මමම මට හරියන හොඳ කෙල්ලෙක් කැම්පස් එක ඇතුලෙන්ම පස්සෙ හොයාගත්ත.
ඔන්න ඕකයි මගේ කතාව..
![]()
රත්තරං අයියා මල්ලිලට කිව්වා වගේ මටත් මේකේ ඉන්න නංගිලා/දූලා(මගේ වයස එක්ක බැලුවම දූලා පුතාලා තමා මෙකේ වැඩි හරිය මම හිතන්නේ)ට පොඩි අවවාදයක් දෙන්න හිතුනා.වැඩියෙන් පිරිමි පාර්ශවය හිටියත් සයිබර් අවකාශයේ රස්තියාදු ගහන ගමන් වැස්සට මේ සයිට් එකට ගොඩ වෙලා අහම්බෙන් මේ ත්‍රෙඩ් එක බලන්න සිද්ධ වෙච්ච අපේ නංගිලාට(දැන් ඉතින් අර රත්තරං පඬිතුමා කියයි "ඔය වයසේ වෙන ගෑනුන්ට නාන්න,කන්න වෙලවක් නැහැ,මෙයා මෙතන වැල් බයිලා ගහනවා කියලා". ෂට් අප්මට කියන්න තියෙන දේ මම කියනවමයි කියනවමයි.)
දයාබර නංගිලා,
ඉගෙනගන්න කාලෙ හොඳින් ඉගෙනගන්න.අවන්කව ආදරය කරන කොල්ලෙක් කවමදාවත් තමන්ගේ කෙල්ලව හොටෙල්/රූම්ස් ගානෙ චාටර් කරන්නෙ නැහැ.කැප වෙලා ඉගෙනගන්න තියෙන්නෙ උපරිම අවු.5.ඒ කියන්නෙ ඉස්කොලේ අන්තිම අවුරුදු කීපය.හොඳට ඉගෙනගෙන රස්සාවක් කරන්න. අඩු තරමෙ අවු.26-27 විතර වෙනකන්වත් කසාදයක් ගැන හිතන්න එපා...තමන් හම්බ කරන දේ වංචාවක් වෙන්නෙ නැති තැනක ආයෝජනය කරන්න.එතකොට පෑඩ් පැකට් එක ගන්නයි,අම්මල බෙහෙත් ගන්නයි,තාත්තාගෙ මෙඩිකල් රිපෝර්ට්ස් ටික පෙන්නන්න යි......හැම දේටම පල් වෙන්න ඕනේ නැහැ.( දැන් ඉතින් මේක මගේ ජීවිතයට ආදේශ කරන්න එපා) ආර්ථික ශක්තිමත් භාවය =ආත්ම ශක්තිය.විවාහයෙන් තමන්ට දැඩි අසාධාරනයක් සිද්ධ උනොත් දරුවෝ හදාගෙන ජීවිතයට මූන දෙන්න පුලුවන් මට්ටමක් හදාගන්න.
Cheers....


)... විහිලු කලාට ජිවිතේට මාර ශක්තියක්.අයියේ අයියේ කියාගත්ත සෙවල කෙල්ලෙක් උනානම් මට ඇපත් නෑඒක ඇත්ත මචං.. දැන් දැක්කනේ කීදෙනෙක් මේකට අගෙයින්ස්ට් කතා කරලද කියල. මම ඒකයි බං මේකේ බණ කියන්නේ නැත්තේ. මිනිස්සුන්ව හදන්න ගිහින් පු@#$# ටිංකිරි ටිං පිටින් ගාගත්තු එකෙක් මම. අම්මකෙනෙක් තාත්තා කෙනෙක්ට අපිට වඩා ජීවිතේ අත්දැකීම් තියෙනවා.. ඒ මිනිස්සු කියන්නෙත් උඹ කියලා තියෙන කතාම තමයි. ඒත් බහුතරයකට ඒ වචන වහ කදුරු වගේ. මේකේ සමහරුන්ට හොඳ දෙයක් හැදෙන්න දෙයක් කිව්වම මගෙත් රෙප් අනන්තවත් කපලා ඇති කුණුහරුප පිටින් මගේ අහින්සක අම්මට බැනලා. ඒ නිසා දැන් මොකෙක් හරි උම්බෑ කියලා ත්‍රෙඩ් එකක් දාලා තියෙනම් මම කරන්නේ පු$@නුත් හිනාවෙලා පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක කෙලවගෙන වරෙන් කියලා.
උඹ දන්නවානම් හම්බයෝ ලොකු ලොකු තැන් වල ජොබ් කරන උන් උන්ගේ හැත්ත බුරුත්තව ඒ තැන් වලට දම්මනවා ජාතිය ගැන හිතලා, දෙමල්ලුත් එහෙමයි.. සිංහල අපිට කාගෙන්වත් පිළිසරණක් නැහැ තියෙන එකම ගොඩ ඒම ඉගෙන ගැනීම විතරයි. මම මේ කියන කතාව ඉතාමත් සුලුතරයකට වලංගු වෙන්නේ නැහැ. ඒ අහින්සක අම්මා තාත්ත දුක් මහන්සියෙන් හම්බු කරලා ගොඩගහපු සල්ලි තියෙන උන්ට. ඒත් ඒ මිනිස්සු නැති දාක ඒ සල්ලි කළමණාකරණය කරගන්න බැරිව නාස්ති කරගෙන මහ පාරට වැටෙන අවස්තා එදත් උනා අදත් වෙනවා හෙටත් වෙනවා. කෙල්ලෙක් ගැන හැඟිමක් එනවා 17- 18 වෙද්දි. ඒත් මනුස්සයෙක් උනහම තේරුම් ගන්නම ඕනේ දෙයක් තියෙනවා. ඒ තමුන්ගේ ජීවිතේ සන්ධි ස්ථානයන් මොනාද ඒ ඒ කාලෙට කරන්න ඕනේ මොනාද කියලා.. ලංකාවෙ නම් ඒ ලෙවල් කියන්නේ එහෙම තියෙන ලොකු සංධි ස්තානයක්.. එතනින් එහාට ජිවිතේ ගොඩ යනවයි කියන එක නෙමෙයි මම කියන්නේ. ඒත් කැම්පස් ජීවිතේදී මනුස්සයෙකුගේ මනස හුරු වෙනවා සමාජයට මුහුණ දෙන්න ඒ වගේම අත්දැකීම් ගොඩක් ලැබෙනවා. මිනිහෙක් උනාම කරන්න ඕනේ ඒ සංධි ස්ථානය හරියට අඳුනගෙන ඒක අයිති කරගන්නකන් සියලු දේ කැප කිරීම. කෙල්ලෙක් ගොඩ දාගෙන ඔය ඔක්කොමත් කරගන්න උන් ඉන්නවා. ඒත් ඒ අතලොස්සක් බං. බහුතරයකට ඒ හැකියාව නැහැ.
මම කතා කරන්නෙත් උඹ කතා කලා වගේ ඒ බහුතරය ගැන. ඒ සංධි ස්ථානය පහු වෙලා ලයිෆ් එක ට්‍රැක් එකට වැටුනම ඔය කෙල්ලෙ වෙනුවෙන් බස් හෝලෙ එකක කට්ට කන එක මහ කජ්ජක් නෙමෙයි බං. හොඳම දේ හරි දේ හරි වයසෙදි කරන එකයි. නැත්නම් ජීවිතේ කෙලවගෙන කන්න දැයක් නැතුව, ලගින්න තැනක් නැතුව, හරියට අඳින්න ඇන්දුමක් නැතිව, යන්න එන්න වාහනයක් නැතිව පට්ට ලස්සනට හිටපු කෙල්ලෙක් බැඳගෙන ඒ කිව වේ@% කමේ යවලා ලැබෙන ගානෙන් ජීවත් වෙන්න තමයි වෙන්නේ.. එහෙම තැනකට වැටිලා ඉද්දි අර ඇස් දෙක පිහාගෙන අතීතේ ගැන්, කෙල්ලෝ නිසා කාපු කට්ට මත වෙද්දි හිතට දැනෙන්නේ සුන්දර ආදර බර හැඟීමක් නෙමෙයි මචං. ඒ කාලෙට ඒ සුන්දරයි කියන හැඟීම වහ කදුරු වගේ වෙනවා. ඒ වගේම ඒ මතක්වෙන වහ කදුරු ගැන තඹේකට මායිම් කරන්න ලඟ බල්ලෙක්වත් නැහැ. කරන්න ඕනේ හොඳම දේ තමාගේ ප්‍රභවය අනුව කරන්න පුලුවන් තරම දැනගෙන දොං ගැහීම මිසක් අනික් එකා ගහනවා දැකලා තක දොං ගැහීම නෙමෙයි බං..
ඔව් ඔව්... මලින්ද සර් ගේ ක්ලාස් ගිහින් තියෙනවා වගෙයි...![]()
මෙහෙමයි,ඉගෙනගන්න ඉගෙනගන්න කිව්වට හැමෝටම ඉගෙනගන්න බැහැ.නමුත් තමන් දක්ශ මොකක් හරි ෆීල්ඩ් එකක් හරියට ෆොලෝ කරන්න.හැමෝටම උගත් සල්ලිකාරයෝ වෙන්න බැහැ තමයි.හැබැයි බුද්ධිමත් සල්ලිකාරයෝ වෙන්න පුලුවන්.තරුන කාලෙ ෆන් ගන්න ඔනේ තමා,හැබැයි යම් සීමාවක් ඇතුව.අවු.55 පැන්නට පස්සෙත් හම්බකරන්න දුක් විඳින්න වෙන එක තරම් අවාසනාවන්ත වෙන්නේ නැතුව.අවු.20-30 අතර කාලේ තියෙන ජවය,බලය,ශක්තිය ජීවිතේ කොයි කාලෙවත් ආයි ලැබෙන්නේ නැහැ.
කොහොමත් ඉතින් සුපුරුදු පරිදි උබට විරුද්ධව කතා කරනව නම් උබ කියන්නෙ හම්බය, පින්බතා, නූගතා වගේ වචන සෙට් එකනෙ...මම මගේ graduation details ම මේකෙ දාන්නම්. ඒත අද නෙමේ. ආයිත් ඔය දේ ගැන දිගින් දිගින් දිගටම ඇහුවත් දෙන්නෙ තියෙන්නෙ ඔය උත්තරේම තමයි.
මම බොලද චරිතයක් වෙන්නෙ ඇති. ඒ උනාට මම පාසල් යන කාලෙ කෙල්ලො කිහිප දෙනෙක් ඉදල තියෙනේව. මගේ යාලුවන්ගෙනුත් හැමෝටම ඉදල තියෙනව. විදවලත් තියෙනව. ඒත් ඒ දේවල් ගැන මට දුකක් නෑ. අඩුම තරමෙන් මම දැන් දන්නව හොද කෙල්ලෙක් ලැබුනු දාට ඒ කෙල්ලට නොකිවයුතු දේවල් මොනාද කියල. අදටත් කෙල්ලෙක් කියන එක මහාලොකු දෙයක් නෙමේ මට. මගේ සමහර ත්‍රෙඩ් වලින් ඒ දේ පැහැදිලි ඇති. හැබැයි දැන්නම් කෙල්ලෙක් නෑ.
හැමෝම අහන එකක්නෙ කොහෙද මේකෙ පාසල් කාලෙ 19-25 අතර කෙල්ලො එපා කියල තියෙන්නෙ කියල. මුලු ත්‍රෙඩ් එක පුරාම අතිවාරම වෙලා තියෙන්නෙ 27 පැනල ඉගෙනගෙන හොද රස්සාවක් කරනකොට..(කොහොමත් 27 පනිනව)කෙල්ලෙක් පලවෙනි පාරට හොයාගන්න කියලයි. ඒක තමා මම බොලදයි කියල කිව්වෙ..ඊට කලින් කෙල්ලො එපා කියලයි පැහැදිලිවම තියෙන්නෙ. දණ ගගා වැටිවැටී තමා මිනිස්සු නැගිටින්නෙ. එහෙමයි කියල ආදරය නිසා කෙල්ලො කොල්ලො ගංඟා වලට පැන්නට දණගගාන්නෙ නැතුව එකපාර නැගිටින්න හදන්න එපා කියලයි මට නම් කියන්න ඕනෙ උනේ. පාසල් කාලෙදිත් ආදරය කරල බලල ඒ අද්දැකීම ලබාගත යුතුයි. නැතුව තරුණ කාලෙ පැනල ඔය දේවල් ගන්න බෑ. ධනවතෙක් උනාට හැමදේම මිලට ගන්න බෑ. ඒ ඩයිනෝසොර්ල විතරක් නෙමේ. ඔබ ඉන්ජෙක් උනත් ඩොකෙක් උනත්, කවුරු උනත් ඒ උගත් කමින්, ධනවත් කමින්, රැකියාවෙන් සුන්දර කෙල්ලෙක් ගන්න පුලුවන් උනාට සුන්දර පවුල් ජීවිතයක් ගන්න බෑ. අතට පයට හැමදේම තියෙන එක පට්ට වාහන ගෙවල් තියෙන එක සුන්දර ජීවිතයේ එක් කොටසක් විතරයි.
"හැමෝම අහන එකක්නෙ කොහෙද මේකෙ පාසල් කාලෙ 19-25 අතර කෙල්ලො එපා කියල තියෙන්නෙ කියල. මුලු ත්‍රෙඩ් එක පුරාම අතිවාරම වෙලා තියෙන්නෙ 27 පැනල ඉගෙනගෙන හොද රස්සාවක් කරනකොට..(කොහොමත් 27 පනිනව)කෙල්ලෙක් පලවෙනි පාරට හොයාගන්න කියලයි."


වෙන ඉතින් කියන්න දෙයක් නෑ. ඔයිටවඩා කිව්වත් උබට ඕවගේ එකක්ම තමා තේරෙන්නේmatath thank karapanඇත්තටම ගොඩක් වටිනවා අයියෙ.. මාත් මේ ටිකේ කෙල්ලක් හින්දා ගොඩක් හෙම්බත් වෙලා ඉන්නේ. මන් දන්නවා අද හෙටම එයා මාව දාලා යයි අනිවරෙන්ම. එත් මන් එයාට වැඩිකල් යන්න කලින් පෙන්නනවා එයා කරපු ගොන් වැඩේ තරම. මන් දන්නවා අනාගතේ මට ගොඩක් හොද තැනකට එන්න පුළුවන් කියලා.. එත් කවදාවත් ආයිත් මන් එයාව මගේ ජීවිතේට ලංකර ගන්නේ නැ. මන් මේ ත්රෙඅඩ් එක bookmark කරගත්තා හිතට දුකක් දැනුනොත් ආයිත් මේක කියවලා ගට ගන්න.. ඇත්තටම ගොඩක් පින් අයියෙ.. මන් සැහෙන්න pressure එකක හිටියේ. දැන් තමා හිතට relax 1ක් දැනෙන්නේ..
තෙරුවන් සරණයි...

මචන් මම ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙකුට ට්‍රයි කරා..ට්‍රයි කියන්නෙ බොක්කෙන්ම ට්‍රයි..හැබැයි මම ඒකිගෙන් ඇහුවේ නෑ ඉස්කෝලේ යන කාලෙදි,ඒ ඒකිට හරියට ඉගෙන ගන්න දෙන්න ඕන කියල හිතලා සිරාවටම මන් ඒකිට ලව් කරා,
ඒකිත් ඒක දැනන් හිටිය,හැබැයි බන් මම ඒලෙවල් ඉවර වෙලා ඒකිගෙන් අහද්දි ඒකිට වෙන කොහේදෝ ඉන්න එකෙක් සෙට් වෙලා තිබුනා,
කියන්න දෙයක් නෑනේ,අවුරුදු 4ක් ෆුල් හෝප්ස් තියන් ඉඳපු කෑල්ල වෙන එකෙක් එක්ක සෙට් කියල අන්තිම මොහොතෙ දැනගත්තම,ඇඬුන හොම්බෙන් යන්නම,ආයෙ මේ ජීවිතෙන් වැඩක් නෑ,ඒයා නැතුව මට කිසි පලක් නෑ,,ආයෙ බඳින් නෑ කියල හිතාගත්තා,
ඒත් හෙමීට හෙමීට මන් මගේ ඉගෙනගන්න වැඩ ටික පිලිවෙලකට කරගත්තා,ඩිග්‍රියක් ගැහුවා මේ අවුරුද්දෙ මුල මට ජොබකුත් සෙට් උනා,
මේ ලඟදි අපේ අම්මගේ ස්ටාෆ් එකේ එකට වැඩ කරන කීප දෙනෙක් මන් ගැන අහලා තිබ්බලු ඒ ගොල්ලන්ගේ දෝනියැන්දලාට සෙට් කරන්න,අම්ම ඕක කිවුවම මට පුදුම හිතුන යකෝ,
සිරාවටම පට්ට ලැජ්ජයිත් එක්ක..
මේකයි සාරන්ශය ඉස්කෝලේ යන කාලෙ පුලුවන් නම් හොඳ කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්,හැබැයි ඉගෙන ගන්න එක කඩාකප්පල් කරගන්නෙ නැතුව(එහෙම කරගත්ත තාමත් ඒව එහෙම කරන මගේ යාලුවො බොහොම අතලොස්සක් ඉන්නව),කැම්පස් යන්න ලක් එක තිබ්බොත් තේරේවි තව කොච්චර තේරීමක් කැම්පස් එක ඇතුලේ තියෙනවද කියල,,
![]()
ජොබකට ගියාට පස්සෙ තේරේවි ඒක ඊටත් වඩා හොඳට...
![]()
![]()
මමම මට හරියන හොඳ කෙල්ලෙක් කැම්පස් එක ඇතුලෙන්ම පස්සෙ හොයාගත්ත.
ඔන්න ඕකයි මගේ කතාව..
![]()


ඒක තමයි මගේ මුල් කමෙන්ට් එක්කෙන්ම කිව්වෙ මේ තෙඩ් එකේ අන්තර්ගතය පොඩි කාලෙ ආදරයත් එක්ක යන නොහොබිනා වැඩ ගැන දැනුවත් කරල දැන්ම නම් වඩා හොදයි කියල.ඒ උනාට ඒ වෙනුවට කෙල්ලො කොහෙත්ම එපා කියලනෙ තියෙන්නෙ.
අවංකව කිව්වොත් දෙයක් තේරෙන මොන වයසක හිටියත් හෙට පට්ට කැල්ලක් ඇහැක් ගහල මායමක් දැන්මොත් කවුද බන් නොදැක්ක වගේ ඉන්නෙ. කියන එකයි අහන එකයි ඔක්කොම බොරුව කරන්නෙ. යතාර්තය මීට වඩා සෑහෙන්න වෙනස්..
![]()


(ඉදලා හිටලා තාප්පයක් ඇවිත් එයා නවත්තලා තියෙන කාර් එකේ එහෙම හප්පනවා, ඒකට ඉතින් එයා මොනවා කරන්නද)... ]
මම හිතන් හිටියෙ ඔහොම වෙන්නෙ මට විතරයි කියලා....දැන් බැලුවම තවත් කෙනෙක්ට එහෙම වෙනවනෙ.....තාප්ප හදන බාසුන්නැහැලගෙ වැරැද්ද .....අපි මොනවා කරන්නද?
[/QUOTE]