මම හිතන්නේ බොහෝ දුරට මල්ලිගේ වයස 22ට අඩුයි. මම හරිද??
මම කොහේවත් කියලා නෑ 28 ඉතර වෙනකන් කෙල්ලෙක්ව හොයාගන්න එපා කියලා. ඒකත් ඔන්න කියන්න ඕනේ. මම කියලා තියෙන්නේ අනිත් දේවල් වලට වඩා අද්යාපනේට ප්රමුඛතාවේ දෙන්න කියලා
යකෝව් 28 වෙද්දිවත් බැදපන්.. 30 වෙනකන් ඉන්න එපා, කොල්ලෙක්ට ජීවිතේ හදාගන්න 27-28 වෙද්දි හොදටම කල් ඇති. නාකි වෙලා බැදලා පාඩු ගොඩක් වෙනවා (හැබැයි ඕනෙවට වඩා කලින් බැදගන්න එකත් හුගක් අවාසියි )
මමත් ඔහොම හිතපු කාලයක් තිබ්බා. ඒකයි මම ඇහුවේ 22ට අඩුයිද කියලා. ඕකට මම මෙහෙම උත්තර දෙන්නම්
1. හෝමෝන ක්‍රියාකාරිත්වය යහපත්ව පැවතිච්ච කෙල්ලෙක් කොල්ලෙක් දෙන්නෙක් එක්ක කලින් යාලුවෙලා උන්නා කියන්නේ මහා ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් නෙමේ. අපිත් එහෙමනේ බන්,27ක් 28 වෙහ්ද්දිවත් කෙල්ලෙක්ගේ අතින් වත් අල්ලපු නැති කොල්ලෙක් කියන්නේ බොහෝ වෙලාවට හෙනම ගොරකයෙක්නේ. මම මේ කියන්නේ හනුමා දරපලනවා වගේ හතර අතේ ඉන්න ගෑනුන්ට ගහපු එකෙක් වෙන්න ඕනේ කියලා නෙමේ. මම හිතන්නේ මම කියන එක පැහැදිලියි. කසාද ජිවිතේ කියන්නේ හුගාක් සංකීර්න දෙයක්.එතෙන්දි වැදගත් වෙන දේවල් අපි හිතනවට වඩා හුගාක් වෙනස් මල්ලි. ඒක ඔය පේන සීනිබෝල ලොකෙට වඩා ගොඩාක් ලොකු කැපකිරීමක් මත ගෙනොයන ජීවිතයක්. ඔය එක්තරා පන්තියක කෙල්ලෝ සීමිත කොටසක් තමයි බන් නන්නත්තාර විදිහට හැසිරෙන්නේ. වගකීමෙන් කියන්නේ 90%කටත් වඩා ලංකාවේ ඉන්නේ රත්තරං අම්මලා තාත්තලගේ කටක් ඇරලා කෙල්ලෙක් කියන්න පුලුවන් දුවලා. ඒත් අපිට හැමදාම ඇහැට පේන්න ඉන්නේ ඉතුරු 10%. මොකද උන්නේ බජාර් එකේ වැඩියෙන්ම ජනප්‍රිය සහ පේන්න ඉන්නේ.. ඔය යාලුවෙන හැම එකාම රූම් ගානේ රිංගන්නෙත් නෑ. ඒ රිංගන්නෙත් සීමිත කෙල්ලෝ ප්‍රමානයක් තමා එකම රවුමේ කැරකි කැරකි
2. අර ගබ්සා සීන් එක. ඔය එකම තැන කැරකෙන්නේ එකම බඩු ටිකක් බන්. මචන් මොකා කොහොම කිව්වත් අපේ රටේ තරම් හැදියාවක් තියෙන කෙල්ලෝ ලෝකේ කොහෙවත් නෑ මචන්. ඔය සීමිත සෙට් එකක් තමා පුරාම අල්ල අල්ල යන්නේ. 90%කටත් වඩා සිංහල බෞද්ද කෙල්ලෝ තමන්ගේ තත්වේ තියන් ඉන්නවා. ඒක 100%ට 500%ක්ම රදාපවතින්නේ ගෙදර පරිසරය මත.ඕනේ තරම් සුපර් කෙල්ලෝ ඉන්නවා අම්ම තාත්ත එක්ක. උබ නිකමට බලපන් ඔය ඉස්කෝලේ කාලේ උනත් එක එකා එක්ක මාරුවෙන් මාරුවට යාලු වෙන්නේ කෙල්ලෝ සෙට් එකෙන්ම එකයි නැත්නම් දෙකයි. අර කලින් කිව්වා වගේ අපිට නිතරම පේන්නෙම උන්
3.ඔය කොල්ලෝ කියනවා නේද මම අරකට ගැහුවා මේකට ගැහුවා කියලා? බොහෝ වෙලාවට ඒක කරගන්න බැරි උනාම තමා කිය කියා ඇවිදින්නේ. වැඩේ කලානම් ඌ සද්ද නැතුව ඉන්නවා. ඒ නිසා ඔය අහකයන එක එකා කියනතරම් ඔය හුගාක් යක්කු කලු නෑ. එහෙම දේකුත් තියෙනවා
4. හොදම දේ තමා කොල්ලෙක් විදිහට 16.18,20,24,26 කියන වයස් වලදී අපි කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් සම්පූර්න වෙනස් මල්ලි. අව් රුදු 10කදි අපේ සිතුම් පැතුම් මාර විදිහට වෙනස් වෙනවා. 18 කොල්ලෙක් අන්න මරු කෙල්ලෙක් කියලා කියන කෙල්ල 28 වෙද්දි මේ මොන හෝන්තුවක්ද කියන මට්ටමට අපිම එනවා. ඉතින් ඔය 27,28 වෙද්දි අපිට නිකන්ම ඩයල් එක දැක්ක ගමන් කිව්වහැකි මේ මගේ ජිවිව්ත කෝච්චිය ඇදන් යන්න පුලුවන් ඇන්ජිමක්ද නැත්නම් වෙන නොම්බරයක්ද කියලා. කොටින්ම සතා මොකාද කියලා තේරෙනවා
5.අර ප්‍රොපෝසල් කතාව.(මගෙනම් ලවක් තමා පඩිසන් දුන්නේ, ප්‍රපෝසල් නෙමේ. ඒත් යාලුවන්ට ඕනේ තරම් කෙල්ලෝ බලන්න ගිහින් තියෙනවා ) මල්ලි හුගාක් වෙලාට තත්වයක් තියෙන කොල්ලෙක්ට ප්‍රපෝසල් එන්නේ තත්වයක් තියෙන පවුල් වලින්. උබට මේක දැනට තේරෙයිද නැද්ද දන්නේ නෑ ඔය කෙල්ලගේ ගෙදර ගිහින් අම්මා තාත්තා එක්ක කතා කරලා ගෙවල් දොරවල් නෑදෑයෝ දැක්කහම කියන්න පුලුවන් බන් සතා මොකාද කියලා .. 99.9999ක්ම කියන්න පුලුවන්. නැන්දම්මා කට ඇරියහම 90% ක් තේරෙනවා. එතුරු සොච්චම් 9.9999 අනික්වගෙන් ටක් ගාලා තේරෙනවා
උබ ඉන්න සමාජ තලය හොදනම් චුට්ටක්වත් බයවෙන්න එපා උබ ඔය කිව්ව ප්‍රශ්නේ උබට එන්නේ නෑ...උබට කාලෙත් එක්ක ඒක තේරෙයි..
උබ ඔය ඇහුවේ මෙහෙම සරලව කියන්න පුලුවන් දෙයක් නෙමේ.. දිග කතාවක්
මේ කියපු දේ කට්ටියට කොහොම තේරුම් යයිද දන්නේ නෑ. හරි හෝ වැර්දියට තේරුම් ගද්දි විරුද්ද මතයක් හිතුනොත් කියන්න අපි කතාකරමු