මීට අවුරුදු 5කට විතර කලින් මේක දැක්කනම් මම මේක ගනන් ගන්නෙවත් නැති වේවි.ඒත් දැන් ඉන්න තත්වෙත් එක්ක ඔය කියලා තිබ්බ හැමදේම ඇත්ත කියලා හිතෙනවා.මගේ ජිවිතේ ඇනගත්ත කාලයක් තිබ්බා,ඒත් එක යම්තාක්දුරකට වෙනස් කරගෙන දැන් ටිකක් හොඳ තත්වයක ඉන්නවා.තව මහන්සි වෙන්න ඕනේ.දිවට දිව ගාගෙන ඉන්න අය තමා අන්තිමට කරන්න පුළුවන් ලොකුම රැවටීම කරන්නේ.මම හොඳ පාඩම් ඉගෙනගෙන තියෙනවා.දැන් කෙල්ලො ගැන තියෙන හැඟිම ඉස්සර තිබ්බ හැඟීමත් එක්ක අහසට පොළව වගේ.
රත්තරං අයියා(මම හිතන්නෙ අයියා වෙන්න ඕනේ ) කියපු එක සහතික ඇත්ත.25 පැන්න කෙල්ලො ඕන තරම් ඉන්නව දීගන්න බැරුව.බලන් යද්දි කොල්ලො තමා නැත්තේ.මම දන්න අක්කලා 4 දෙනක් ඉන්නවා බඳින්න කොල්ලො නැතිව.දෙන්නෙක්ට ගෙවල් තියෙනවා,3දෙනෙක්ට කාර් තියෙනවා අනිත් කෙනාවට වැන් එකක් තියෙනවා.4 දෙනාම 30000 පැනලා පඩි ගන්නවා.4 දෙනාම හොඳට ඉගෙන ගත්තු අය.ඒත් කොල්ලො නැහැ.වයස 26-28 අතර.