මචන් උබ තව පොඩ්ඩ්ක් කෙල්ල එක්ක නිද්හසෙ කතා කරපන්,මම දන්නවා මචන් උඹ මේ කථාවේ මුල ඉදලම මගෙත් එක්ක ඉන්නවා.
ඒකට මම කොහොම ස්තුතියි කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ.
මචන් මේකයි සිද්දිය
කොල්ලෙක් මෙයාව බලන්න එනවා කියපු කතාව මේ නංගි මට කිව්වේ මම එයාගෙන් කැමැත්ත අහපු දවසෙමයි. මම ඊ වෙලාවෙම එයාට කෝල් එකක් අරන් මගේ ආදරේ ගැන කිව්වා. තාත්තගේ ලෙඩේ ගැන අක්කා මාත් එක්ක ඊයෙත් කිව්වා. එයාට ලොකු ඔපරේෂන් එකක් කරපු කතාවත් ඇත්ත. මම ඊයේ රෑ මේ නංගි එක්ක ටිකක් කතා කලා.
අක්කා කියපු ගොඩක් දේවල් මම මෙයත් එක්ක කිව්වා. හැබැයි අක්කා කිව්වා කියල නම් කිව්වේ නැහැ. මමත් ටිකක් තරහින් කතා කලේ මචන්.
ඊට පස්සේ මෙයා මට කියනවා
"මම දන්නවා අයියා ඔයාට මේ දේවල් කියන්න ඇත්තේ අපේ අක්කා තමයි.
මම අක්කගෙන් ඇහුවා ඇයි මේ බොරු කිව්වේ කියලා.
අක්ක කිව්වා මම එහෙම කිව්වාම dhanushka ඔයා ගැන තියන බලාපොරොත්තු තියා ගන්නේ නැහැ නේ කියලා. (dhanushka කියන්නේ මම මචන්) "
මෙයා ඊට පස්සේ අක්කට බැන්නලු. ඇයි එහෙම මම ගැන බොරු කිව්වේ කියල.
හැබැයි අක්කා මට මේ දෙන්නා මේවා ගැන කතා කලා කියල නම් කිව්වේ නැහැ.
හැබැයි මචන් අක්කා මට හැම වෙලාවෙම කියන්නේ මෙහෙම කතාවක්.
ඔයා අපේ නංගිව facebook එකෙනුත් block කරන්න
එයා ආපහු ඔයාට msg කලොත් ඔයා එයාට හොදටම බැනලා msg එකක් යවන්න.
call කලොත් answer කරන්න එපා.
පුළුවන් නම් number එකත් මාරු කරන්න.
හැබැයි මම මේ දේවල් ඔයත් එක්ක කිව්වා කියලා කවදාවත් එයාට දැන ගන්න තියන්න එපා.
ඔන්න ඕකයි මචන් සිද්දිය.
මම දන්නේ නැහැ මෙතන ඇත්ත මොකක්ද කියලා.
මම මොනවද යාළුවා කරන්න ඕනේ.



