ඒ කෙල්ල ඒ විදියට කියන්න ඇත්තේ ඒ කෙල්ලගේ හිතේ මේ මොහොතේදි ආදරයක් ගැන හිතන්න විදියක් නැති හින්දා වෙන්න ඇති...
කොහොම වුනත්.. උඹ හදිසි වුනා ද කියලාත් මට සැකයක් එනවා.. ඒ කෙල්ල උඹේ හොදම යාලුවෙක් විදියට ඉන්නවා නම් හැම දෙයක් ම හංගන්නේ නැතිව කියන චරිතයක් ද ? එහෙම නම් ඉතින් තව දුරටත් මේ ගැන හිතන්නේ නැතිව දිගටම ආදරය කරන්න.. හැබැයි.
ආයෙත් වැරදිලාවත් ඒ ආදරය ආයෙත් අහන්න යන්න එපා එතකොට ඒ කෙල්ලට ඒ දේ ගැන පිළිකුලක් ඇති වෙයි...
කොහොම වුනත් වෙනදා තියා ගත්ත යාළුකම තව දුරටත් ඉදිරියට ගෙනියන්න.
ඕනෑවට වඩා ආදරයක් පෙන්නන්න යන්නත් එපා.. එතකොට ඒ කෙල්ල ගණන් උස්සන්න බැරි කමත් නෑ..
උඹ කොහොම හරි ඒ කෙල්ලගේ හිතේ ඉන්නේ කොයි වගේ කොල්ලෙක් ද කියලාත් පොඩ්ඩක් හොයලා බලන්න..
මගෙන් සුභ පැතුම්..