ආදරය (මගේ මතයට අනුව)

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සු = මනුෂ්‍යයෝ = පිරිමි + ගැහැණු.

    සහෝ ගෙදට්ට වෙලා ණයක් පිරිමහන්න වගේ ගිල ගිල ඉන්න වෙලාවේ නරකද දත් කිඹුලා ගාවට සිංහල ක්ලාස් ගියා නම්. :D:D:lol::P

    :lol::lol: රිදිලා :lol::lol: මම කන එකත් හොයන්න තරම් සිරාවට උබට බුට් එක තිබ්බේ ගමේ මිනිහෙක්ද ?? පිට ගමක මිනිහෙක්ද ??:lol::lol:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මේ ලඟදි පත්තරේ සිරා article එකක් කියෙව්වා. මන් එකෙන් කැල්ලක් දැන්නම්

    "කෙල්ල/ කොල්ලා දාල ගියොත් ආපහු නැවුම් ශරීරයක හිමිකාරයෝ වෙන්න. මොකටද මැරෙන්නේ.. ඇයි මෙච්චර දුක් විදින්නේ.. එකම බොරු ටිකනේ හැම පෙම්වතියම/ පෙම්වතාම කියන්නේ. ඔය ටික මාරු වේවි කියාගෙන ගස්ගල් යට තුරුළු වෙලා එකම කෙබර ටිකනේ කියවන්නේ. බැන්දත් එහෙමනේ. හෙන බොරුවක් ඇත්තක් කියලා හිතාගෙන පවුල් ජීවිතය ගෙවල දාන එකනේ කරන්නේ"
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: රිදිලා :lol::lol: මම කන එකත් හොයන්න තරම් සිරාවට උබට බුට් එක තිබ්බේ ගමේ මිනිහෙක්ද ?? පිට ගමක මිනිහෙක්ද ??:lol::lol:

    :D:D:rofl: හහ් හහ් හා හිතේ අමාරුවට මරු කියෝනවා. :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D:D:rofl: හහ් හහ් හා හිතේ අමාරුවට මරු කියෝනවා. :rofl::rofl:

    :D හිතට අමරුයි නේන්නම් දුකට සැපට ඉන්න යාලුවෙක් ට මෙහෙම උනාම:D
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මේකේ කවුරුහරි ඉන්නවද පලමු අාදරය හරි ගිහින් බැඳපු කෙනෙක්?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City


    මෙන්න මේ කමෙන්ට් එක කියවපන් .

    මම ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වේ නම් නැහැ .හැබැයි කියවපු ටිකෙන් යමක් තේරුම් ගත්තා .ඒ වගේම මේ රත්තරංගේ කම්න්ට් එකත් කියෙව්වා .මෙහෙමයි හැම එකාගෙම අදහස් ගත්තොත් එකෙක්වත් වැරදි නැහැ .ඔක්කෝම හරි .හැබැයි එක ෆෝමැට් එකෙන් එක ආකෘතියෙන් බැළුවහම නෙමේ .රත්තරං එයාගේ අත්දැකීම් හරහා වෙනත් අය මේ කාරණය තුළ පවතින අදහස් විවේචනාත්මක සොරූපයට ලක් කල බවක් පේනවා .ඒ වගේම වෙනත් අයෙකුගේ අත්දැකීම් හරහා රත්තරංගේ අදහස් විවේචනය කිරීමේ විභවයක් තියෙන්නත් පුළුවන් .මෙතන එක එක්කෙනා කමෙන්ට් කරලා තියෙන්නේ ඒ ඒ අය දැකපු අහපු විඳපු සමාජ ආකෘතිය තුළින් ලැබෙන අත්දැකීම් හරහා .

    දැන් ම්ම මෙතන මම විඳපු අහපු දැකපු දේවල් වල පන්නරයෙන් උත්තරයක් දෙන්නම් .
    …මෙහෙමයි ආදරය ඕනේ .ආදරය අපි කාටත් ඕනේ .ඒක කෙල්ලගෙන් විතරක් නෙමේ හැමෝගෙන්ම .
    …ඒ වගේම සල්ලිත් ඕනෙ .සල්ලි කියන වචනයට වඩා මම මෙතන ධනය කියන වචනය පාවිච්චි කරන්නම් .ධනය ඕනේ විවාහක යුවළකට සාර්ථක දිවියක් ගත කරන්න .ඒ ධනය කීයා එක ආකාර කිහිපයක් ගන්නවා .එක ආකාරයක් තමා .විවාහ වෙන දෙදෙනා තුළ පවතින ධනය .ඒ ක කොටස් කිහිපයකට බෙදෙනවා
    …එක කොටසක් තමා තම මව හෝ පියාගෙන් හෝ වැඩිහිටි පාර්ශව වලින් ලැබෙන් සමාජය පිළිබඳ දැනුම (සමාජය කිව්වේ මිනිස්සු ගැන ,දේශපාලනය ගැන ,ආගම ධර්මය වගේ දේවල්)
    …අනෙක් කොටස පාසල විශ්වවිද්‍යාල හරහා ලැබෙන වෘතියක් ඉලක්ක කරගත් දැනුම සහ පුහුණුව .
    මේ පුහුණුව හා දැනීම එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන් .ඒත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය විභාග කේන්ද්‍රීය නිසා ඉස්කොලෙන් ලැබෙන වෘතීය ඉලක්ක ගත දැනුම සහ එම දැනුම ප්‍රායෝගික කරණයේ ගැටළු මතු වෙන්න පුළුවන් .ඒ ගැටළු ලෙහාගන්නේ උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලැබුවහම හෝ මුදල් ගෙවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයට ගියහම (ඒ කිව්වේ වෘතීය වෙනුවෙන් හරියට ප්‍රායෝගිකව ඉගෙන ගන්න පටන් ගන්නේ උසස් අධ්‍යාපනය ලැබන්න ගියහම .ඒත් සමහරක් පාඨමලා වල ඔය කියන මෙව්වා එක නැහැ ) හෝ කිනම් හෝ රැකියාවක නිරත විමෙන් .

    ගැහැණු ළමයෙක් මූලික වශයෙන් තම මවගෙන් විෂේශයෙන් උරුම කරගතයුතු දේවල් තියෙනවා .ඒ තමා ඉවුම් පිහුම් ,ගෙදර දෝරේ වැඩපල වගේම තම ස්වාමි පුරුෂයාට සළකන ආකාරය .මොකද කවදා හරි තමන් තනිව පවුලක ප්‍රධාන කොටස් කාරයෙක් වෙනකොට ගැහැණියක් ලෙස තමන් පත්වෙන එක එක අවස්ථාවන් වල භූමිකාවට මුහුණ දෙන්න ඕනා කරන පන්නරය පුහුණුව මවගෙන් දායාද වෙන්න ඕනේ .
    …ඒ වගේම පිරිමියාට තම පියාගෙන් යම් දේවල් විෂේශයෙන් දායාද වෙන්න ඕනේ .ඒ තමා ධනය රැස් කිරීම ,එය රැක ගැනීම ,ගෘහයේ මූලිකයා වනකොට එහි ඇති වගකිම් සහ අවදානම් සහගත බව පිළිබඳ අවබෝධය වගේ දේවල් .



    ධනයේ අනෙක් කොටස තමා මූල්‍යමය ආකාරයෙන් සහ දේපළ වස්තු සම්භාරය වශයෙන් පවතින ධනය .
    …ඒ කිව්ව ධනයේ කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් .
    …එකක් තම ස්වොත්සහයෙන් උපයන ධනය .
    …අනෙක උරුම වෙන ධනය .

    …අන්න ඒ උරුම වෙන ධනයේ එක ආකරයක් තමා ඔය දෑවැද්ද .
    …ඒ අදාල මනමාලිය එය උරුම වෙන්නේ තම දෙමාපියන්ගෙන් හෝ පරපුරෙන් .
    …ඒ වගේම තමා මනමාලයටත් .

    …මූල්‍යමය හෝ දෙපල වශයෙන් උරුම වෙන ධනය කෙතරම් උරුම උනත් වැඩක් නැහැ ඒක රැකගන්න ,පාලනය කරගන්න වැඩ්දියුණු කරගන්න අවැසි දැනුම අත්දැකීම නැත්තම් .එහෙම උනහම වෙන්නේ නාස්ති වෙන එක .
    …ඒක නිසා තමා ඔය ගොඩාක් එවුන් කියන විදියට සල්ලිකාර කෙල්ලො ගත්තහම පවුල් ජීවිත අවුල් වෙනවා කියන්නේ .කියන එවුන් කියනවා ඇත්තේ නරියා මිදී තිත්තයි කිව්ව කතාව වගේ දෙයක් නිසා වෙන්න ඇති .ඒත් ඇත්තම කතාවෙදි ඔය සල්ලිකාර කියන වචනෙත් එක්ක ප්‍රශ්න ඇතිවෙන්නේ ඔන්න ඔය කාරණය නිසා .මහ ධන සිටු පුත්‍රයාගේ කතාව අහලා ඇති නේ ?? ඒ කතාවෙදි කෙල්ලටයි කොල්ලාටයි දෙන්නටම හොඳට දේපල තිබ්බා .ඒත් අන්තිමට මොකද උනේ ?

    …අන්න එ වගේ .

    ea වගේම තමා මේ මල් පත්තරයි ,හින්දි ෆිල්මුයි ,කොරියන් කතා වලිනුයි ආදරය කියන වචනය ගොබ්බ ගෝත්‍රික බොලඳ මට්ටමට ඇදලා දාලා ඉවරයි .ඒක නිසා අවුරුදු 2 ක් 3 ක් නෙමේ අවුරුදු 7 ක් හීටියත් ලව් කරලා තියෙන්නේ අර කිව්ව මූලාශ්‍ර ඔළුවේ තියාගෙන .ඒ කිව්වේ ලව් කරන එවුන්ගේ ඔළුවල දුවනේ හින්දි ,කොරියන් බඩකඩුත්තු .ඉතිං උඹලාට හිතේවි අනේ මේ කෙල්ල මට කොච්චර ආදරේද ?? මන් වෙනුවෙන් කොච්චර දේවල් කලාද කියලා .ඔව් ඒ කෙල්ල උඹට දේවල් කරලා ඇති ඒත් එව්වා කලේ අර හින්දි ෆිල්ම් එකෙයි කොරියන් කතාවලයි තියෙන බලපෑම නිසා මිසක් හිතලා නම් නෙමේ .ඒක නිසා ආදරය කොරනවා කියන එක හරියට විචාරාත්මකව බලපන් .
    මොකද ශාරුක් ඛාන්ට ,කාජල්ට ෆිල්ම් එකේ ලව් කරනවට ප්‍රඩියුසර් ගෙවනවා .කොරියන් කතාවල එකෙ ලව් කරන එවුන්ටත් ප්‍රඩියුසර් ගෙවනවා .මල් පත්තර වල මල් කතා ලියනවාටත් ගෙවනවා .ඒත් උඹලා ලව් කරද්දි උඹලාට ගෙවන කවුරුත් නැහැ .උඹලාම හොයාගන්න වෙනවා .


     
    Oct 13, 2014
    296
    16
    0
    අනේ මන්ද බන්, හොද කෙල්ලෙක් හොයා ගන්න එක ලෙහෙසි දෙයක් නෙමෙ, එත් කවදවත් තමන් හිතන් ඉන්න කෙල්ල හම්බෙන්නෙ නහ, මොකක් හරි අඩු පඩුවක් තියෙනව,
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    *කෙල්ලන් යනු සුළග වගේ වෙනස් වෙන සුළු ගතිලක්ෂණ තියෙන පිරිසක්*
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    අනේ මන්ද බන්, හොද කෙල්ලෙක් හොයා ගන්න එක ලෙහෙසි දෙයක් නෙමෙ, එත් කවදවත් තමන් හිතන් ඉන්න කෙල්ල හම්බෙන්නෙ නහ, මොකක් හරි අඩු පඩුවක් තියෙනව,

    :yes::yes:
    තමන්ට හම්බවෙන රස්සාවත් පරස්තාවත් ගැන මිනිහෙක් සීයට සීයක් තෘප්තිමත් වෙන්නේ නැහැනේ.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1


    මෙන්න මේ කමෙන්ට් එක කියවපන් .



    මේකේ කියලා තියෙන ඒවා ඇත්ත. නමුත් කෙල්ලෝ හොයන්නේ සල්ලි විතරනේ. කොල්ලගේ ආදරේ බලන්නේ නෑනේ. ඒ කොල්ලා සමහර විට ආතල් එක අරන් අත අරින්න පුළුවන්. එතකොට ඊළඟට හිතන්නේ කොල්ලෝ ඔක්කොම එකයි කියලා. සුරංගනා කතා වල වගේ වෙලිගෙන ආදරේ කරන්න ඕනේ නෑ මාත් කියන්නේ. නමුත් දෙන්නට දෙන්න ආදරේ කරන්න ඕනේ.