ආදරය, විරහව තහනම්...

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ආදරය, විරහව තහනම්...

    උඹලා දන්න.. විරහ සින්දු ආදර සින්දු නැතුව උඹලගේ හිතට දැනුන ලස්සන සිංහල සින්දු මොනවද???


    මේවා තමා මගෙනම්...
    :love::love::love:





     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාත්තා වුනත් මා බත සරි කරන - අමරදේව
    පෙම්බර මා පුතනුවනේ - අමරදේව
    රත්න දීප ජන් භූමි - අමරදේව
    මිහිපිට බිම් අගලක් නැති මිනිසෙක් - අමරදේව
    විනේ කටින උන් - ප්‍රදීපා ධර්මදාස
    නුඹේ දෙපා වැද පිටවී - විජේසුන්දර වේරගොඩ
    අට්ටාලයේ ලී පටි - කෝලිත භානු දිසානායක
    ජේසු ස්වාමි දරුවනේ - නන්දා මාලනී
    සද එළිය ගගක් වී - නන්දා මාලනී
    මියෙන්න පුතුනේ - නන්දා මාලනී
    බක් මහේ කටහඩ - නන්දා මාලනී
    කිදුරිය ගේ විලාපය - නන්දා මාලනී
    මිණිබිරියට කියන කවිය - නන්දා මාලනී
    පහන් කන්ද මුල අදුරුයි - නන්දා මාලනී

    තව ඕනෙ ද????
     
    • Like
    Reactions: SunSilk

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    තාත්තා වුනත් මා බත සරි කරන - අමරදේව
    පෙම්බර මා පුතනුවනේ - අමරදේව
    රත්න දීප ජන් භූමි - අමරදේව
    මිහිපිට බිම් අගලක් නැති මිනිසෙක් - අමරදේව
    විනේ කටින උන් - ප්‍රදීපා ධර්මදාස
    නුඹේ දෙපා වැද පිටවී - විජේසුන්දර වේරගොඩ
    අට්ටාලයේ ලී පටි - කෝලිත භානු දිසානායක
    ජේසු ස්වාමි දරුවනේ - නන්දා මාලනී
    සද එළිය ගගක් වී - නන්දා මාලනී
    මියෙන්න පුතුනේ - නන්දා මාලනී
    බක් මහේ කටහඩ - නන්දා මාලනී
    කිදුරිය ගේ විලාපය - නන්දා මාලනී
    මිණිබිරියට කියන කවිය - නන්දා මාලනී
    පහන් කන්ද මුල අදුරුයි - නන්දා මාලනී

    තව ඕනෙ ද????

    ow daapan....thawa...
    ara highlight kerepu eka sirawatama wenama therumakda man ahala na..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow daapan....thawa...
    ara highlight kerepu eka sirawatama wenama therumakda man ahala na..
    කිදුරිය ගේ විලාපය

    කිදුරා නගින්නේ බසයට බොරැල්ලේ
    මකරා පසුම්බිය පඩි දා විදිල්ලේ
    දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ
    කිදුරා පපුව පැලිලා ගෙයි තොටිල්ලේ

    පිට බද කොමලසින් ලුණු කැද පොවා පියා
    සැප නැති බදු ගේක වකුටුව නිදා පියා
    ලප සද මහිමි ගිනි පොලියෙන් පුදා පියා
    පඩි පත කෑ තොටප හෙණ හතය පාපියා

    බලසම්පන්න දෙවියොත් පඩි නොලබා ද
    හිගමන් සදිසි පඩි පත දැක උණු වේද
    සුපසන් මහිමි ගේ ඉහ ගිනි දුටුවාද
    මට වන් මෙදුක තගෙ අඹුවට නොවදී ද

    දරුවන් ඉතින් අකුරය නොවයනු ඉතිනේ
    පවසින් සයින් නැගි ගිනි දලු ඉහ මුදුනේ
    ගසකින් කඩන කහවණු හීනෙන් පෙනුනේ
    එතෙකින් කෙළෙස වෑවෙම් දෝ හිමි සදුනේ.
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    කිදුරිය ගේ විලාපය

    කිදුරා නගින්නේ බසයට බොරැල්ලේ
    මකරා පසුම්බිය පඩි දා විදිල්ලේ
    දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ
    කිදුරා පපුව පැලිලා ගෙයි තොටිල්ලේ

    පිට බද කොමලසින් ලුණු කැද පොවා පියා
    සැප නැති බදු ගේක වකුටුව නිදා පියා
    ලප සද මහිමි ගිනි පොලියෙන් පුදා පියා
    පඩි පත කෑ තොටප හෙණ හතය පාපියා

    බලසම්පන්න දෙවියොත් පඩි නොලබා ද
    හිගමන් සදිසි පඩි පත දැක උණු වේද
    සුපසන් මහිමි ගේ ඉහ ගිනි දුටුවාද
    මට වන් මෙදුක තගෙ අඹුවට නොවදී ද

    දරුවන් ඉතින් අකුරය නොවයනු ඉතිනේ
    පවසින් සයින් නැගි ගිනි දලු ඉහ මුදුනේ
    ගසකින් කඩන කහවණු හීනෙන් පෙනුනේ
    එතෙකින් කෙළෙස වෑවෙම් දෝ හිමි සදුනේ.

    ado meke youtube link eka deepan..man mehema ekak ahala nane ban..:sorry::confused:
     
    රෑ දුරු රට මේ
    හිම වරුසා
    සීත පාළුවේ
    මූදු සතකින් ඈත දේසේ
    මා තනිවේ

    කල්පනා ලෝ පෙම් දැහැනේ
    සිතිජ නිම්නයේ
    ඈ තනි යහනේ

    රෑ දුරු රට මේ
    හිම වරුසා
    සීත පාළුවේ

    දෑත වෙන්වී පෙම් විහඟුන්
    සිහින තොටුපලේ
    රාත්‍රි යාමේ

    රෑ දුරු රට මේ
    හිම වරුසා
    සීත පාළුවේ

    ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    පොඩි ආදර කතාවක් සින්දුව ඇතුලේ තිබුනත් පට්ට ලස්සනයි මචන්. දැන්තියන සින්දු වගේ නෙවෙයි අදහස්ටික ලොකු සංයමයකින් කියලතියනවා. මාරම ලස්සනයි.
     
    • Like
    Reactions: SunSilk
    තාත්තා වුනත් මා බත සරි කරන - අමරදේව
    පෙම්බර මා පුතනුවනේ - අමරදේව
    රත්න දීප ජන් භූමි - අමරදේව
    මිහිපිට බිම් අගලක් නැති මිනිසෙක් - අමරදේව
    විනේ කටින උන් - ප්‍රදීපා ධර්මදාස
    නුඹේ දෙපා වැද පිටවී - විජේසුන්දර වේරගොඩ
    අට්ටාලයේ ලී පටි - කෝලිත භානු දිසානායක
    ජේසු ස්වාමි දරුවනේ - නන්දා මාලනී
    සද එළිය ගගක් වී - නන්දා මාලනී
    මියෙන්න පුතුනේ - නන්දා මාලනී
    බක් මහේ කටහඩ - නන්දා මාලනී
    කිදුරිය ගේ විලාපය - නන්දා මාලනී
    මිණිබිරියට කියන කවිය - නන්දා මාලනී
    පහන් කන්ද මුල අදුරුයි - නන්දා මාලනී

    තව ඕනෙ ද????
    මිහිපිට බිම් අගලක් නැති මිනිසෙක් - අමරදේව
    මේ සින්දුවත් මාරම ලස්සනයි මචන්

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ado meke youtube link eka deepan..man mehema ekak ahala nane ban..:sorry::confused:
    ඕව යූටියුබ් නෑ පුටා......
    නන්දා මාලනී ඇල්බම් එකක් කරා -කිදුරිය ගේ විලාය - ගී කොට කිව් කව් සරනිය- කියලා.
    ඒ කේ තියෙන්නේ ලංකාවේ හොදම කවියන් ගේ හොදම කවි 16කට තනු දාල ගායනා කරලා....
    ඔය කවිය ලියල තියෙන්නේ මට මතක විදියට රත්න ශ්‍රී සර්. තව මොනිකා රුවන් පතිරණ මැඩම් ගේ, සෙනරත් ගොන්සල් කෝරාල ගේ, ජයවඩු විතාන සර් ගේ එහෙම කවි තියනවා....

    උඹ ඔය මම දාල තිබ්බ බක් මහේ කටහඩ අහල තියනව ද?
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    රෑ දුරු රට මේ
    හිම වරුසා
    සීත පාළුවේ
    මූදු සතකින් ඈත දේසේ
    මා තනිවේ

    කල්පනා ලෝ පෙම් දැහැනේ
    සිතිජ නිම්නයේ
    ඈ තනි යහනේ

    රෑ දුරු රට මේ
    හිම වරුසා
    සීත පාළුවේ

    දෑත වෙන්වී පෙම් විහඟුන්
    සිහින තොටුපලේ
    රාත්‍රි යාමේ

    රෑ දුරු රට මේ
    හිම වරුසා
    සීත පාළුවේ

    ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    පොඩි ආදර කතාවක් සින්දුව ඇතුලේ තිබුනත් පට්ට ලස්සනයි මචන්. දැන්තියන සින්දු වගේ නෙවෙයි අදහස්ටික ලොකු සංයමයකින් කියලතියනවා. මාරම ලස්සනයි.


    adoo patta ++
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඕව යූටියුබ් නෑ පුටා......
    නන්දා මාලනී ඇල්බම් එකක් කරා -කිදුරිය ගේ විලාය - ගී කොට කිව් කව් සරනිය- කියලා.
    ඒ කේ තියෙන්නේ ලංකාවේ හොදම කවියන් ගේ හොදම කවි 16කට තනු දාල ගායනා කරලා....
    ඔය කවිය ලියල තියෙන්නේ මට මතක විදියට රත්න ශ්‍රී සර්. තව මොනිකා රුවන් පතිරණ මැඩම් ගේ, සෙනරත් ගොන්සල් කෝරාල ගේ, ජයවඩු විතාන සර් ගේ එහෙම කවි තියනවා....

    උඹ ඔය මම දාල තිබ්බ බක් මහේ කටහඩ අහල තියනව ද?

    adoo ela le.....na ban eka ahalath na...man oya dala tiyana ewain samahara ewa ahala na..:no:
     
    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    සිඳ බිඳ මොහඳුර පාප
    දැල් වූ දහම් ප්‍රදීප
    හෙළි කළ අප හෙළ දීප
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    සිල් ගත් දිනිඳුන් සේම
    සිල් තෙද ගුණ ඇති සෝම
    සත හට පෑ මවු ප්‍රේම
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    තිලොඅග බුදු සමිඳේ ////


    ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
    ගී පද - අරිසෙන් අහුබුදු
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    සිඳ බිඳ මොහඳුර පාප
    දැල් වූ දහම් ප්‍රදීප
    හෙළි කළ අප හෙළ දීප
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    සිල් ගත් දිනිඳුන් සේම
    සිල් තෙද ගුණ ඇති සෝම
    සත හට පෑ මවු ප්‍රේම
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    ගිලෙම් ඔබේ ගුණ මූදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලොඅග බුදු සමිඳේ
    තිලොඅග බුදු සමිඳේ

    තිලොඅග බුදු සමිඳේ ////


    ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
    ගී පද - අරිසෙන් අහුබුදු

    ado mewage sindu aheddi thama ban wesak kale matak wenne..e kaleta ena hulagath matak wenawa...issara wesak kudu ellala ewa hulagata wanenawa balan innawa hawasa....:):)
     
    ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
    හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

    ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
    මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

    කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
    සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල

    Artist : W.D. Amaradewa
    Lyrics : Mahagama Sekara
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    mostly sinhala songs are either about love or about parents or religion ..areas they address are rather narrow which is why I prefer dark music :P

    anyway, I think this is my favorite

    NandaMalini11.gif
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
    හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

    ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
    මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

    කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
    සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල

    Artist : W.D. Amaradewa
    Lyrics : Mahagama Sekara

    ela ela..patta machan..:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    adoo ela le.....na ban eka ahalath na...man oya dala tiyana ewain samahara ewa ahala na..:no:
    අද වගේ දවසක මේක දාන එකත් හොදයි.....
    අදට අවුරුදු 45ක් වෙනවා.....

    බක් මහේ කටහඩ - අඥාත කතෘක ප්‍රබන්ධයකි.
    එරබදු අතු නැමී රෑ හුළගේ හැපෙන
    ගග බඩ නුඹේ උණු ලේ පුසුඹ ම ඉහෙන
    ඉදහිට පුංචි රතු මල් පෙති දිග හැරෙන
    මේ බක් මහෙත් ඉවුරෙන් අත වනනු මැන

    තෙලිකඩ ගගේ දිය නෑ වෙනදා සිසිල
    කිපිලා ලෝහිත ව ලේ පාටයි ගගුල
    තොටමුණ ළග රබර් හේඩාවෙන් ඉගිල
    කොහේ සිර කලෙ ද නුඹේ උස් හඩ කොවුල

    ඒ බක් මහේ රෑ හද දියවෙන කලට
    නුඹේ සිරස පාවී ආවා තොටට
    තියුණු-නිවුණු සීතල දෑසෙහි රුවට
    ඇවුළුණා පැතුම ගිනි දැල්ලක් ලෙසට

    ගිනි බට වලි පිඹ හළ මරණයෙ විසට
    විකාරව නොගිය නුඹේ මුහුණත යසට
    ඇදී තිබෙනු දුටුවා පුදුමෙකි සිතට
    පැතුම් සහගතව දිවි පිදුමෙක් සතුට

    අවියෙන් වනසන්ට බෑ උතුම් අරමුණු
    හඩ ගා කියන නුඹේ හඩ අහසෙහි හැපෙනු
    ඇසුණා ඒ හඩේ නෑ මිය ගිය ලකුණු
    මරණය සුන්දරයි
    සත්‍යයය
    වෙත
    නැමුණු.................

    අදට 71 කැරැල්ලට අවුරුදු 45ක් වන නිසා වෙන ම ත්‍රෙඩ් එකක් විදියට වුනත් ඕක නම් දාන්න වටිනවා............