ආදරය, විරහව තහනම්...
උඹලා දන්න.. විරහ සින්දු ආදර සින්දු නැතුව උඹලගේ හිතට දැනුන ලස්සන සිංහල සින්දු මොනවද???
මේවා තමා මගෙනම්...


මේවා තමා මගෙනම්...






තාත්තා වුනත් මා බත සරි කරන - අමරදේව
පෙම්බර මා පුතනුවනේ - අමරදේව
රත්න දීප ජන් භූමි - අමරදේව
මිහිපිට බිම් අගලක් නැති මිනිසෙක් - අමරදේව
විනේ කටින උන් - ප්‍රදීපා ධර්මදාස
නුඹේ දෙපා වැද පිටවී - විජේසුන්දර වේරගොඩ
අට්ටාලයේ ලී පටි - කෝලිත භානු දිසානායක
ජේසු ස්වාමි දරුවනේ - නන්දා මාලනී
සද එළිය ගගක් වී - නන්දා මාලනී
මියෙන්න පුතුනේ - නන්දා මාලනී
බක් මහේ කටහඩ - නන්දා මාලනී
කිදුරිය ගේ විලාපය - නන්දා මාලනී
මිණිබිරියට කියන කවිය - නන්දා මාලනී
පහන් කන්ද මුල අදුරුයි - නන්දා මාලනී
තව ඕනෙ ද????
කිදුරිය ගේ විලාපයow daapan....thawa...
ara highlight kerepu eka sirawatama wenama therumakda man ahala na..
කිදුරිය ගේ විලාපය
කිදුරා නගින්නේ බසයට බොරැල්ලේ
මකරා පසුම්බිය පඩි දා විදිල්ලේ
දෙදරා විද්ද විදමන රත් කිහිල්ලේ
කිදුරා පපුව පැලිලා ගෙයි තොටිල්ලේ
පිට බද කොමලසින් ලුණු කැද පොවා පියා
සැප නැති බදු ගේක වකුටුව නිදා පියා
ලප සද මහිමි ගිනි පොලියෙන් පුදා පියා
පඩි පත කෑ තොටප හෙණ හතය පාපියා
බලසම්පන්න දෙවියොත් පඩි නොලබා ද
හිගමන් සදිසි පඩි පත දැක උණු වේද
සුපසන් මහිමි ගේ ඉහ ගිනි දුටුවාද
මට වන් මෙදුක තගෙ අඹුවට නොවදී ද
දරුවන් ඉතින් අකුරය නොවයනු ඉතිනේ
පවසින් සයින් නැගි ගිනි දලු ඉහ මුදුනේ
ගසකින් කඩන කහවණු හීනෙන් පෙනුනේ
එතෙකින් කෙළෙස වෑවෙම් දෝ හිමි සදුනේ.


මිහිපිට බිම් අගලක් නැති මිනිසෙක් - අමරදේවතාත්තා වුනත් මා බත සරි කරන - අමරදේව
පෙම්බර මා පුතනුවනේ - අමරදේව
රත්න දීප ජන් භූමි - අමරදේව
මිහිපිට බිම් අගලක් නැති මිනිසෙක් - අමරදේව
විනේ කටින උන් - ප්‍රදීපා ධර්මදාස
නුඹේ දෙපා වැද පිටවී - විජේසුන්දර වේරගොඩ
අට්ටාලයේ ලී පටි - කෝලිත භානු දිසානායක
ජේසු ස්වාමි දරුවනේ - නන්දා මාලනී
සද එළිය ගගක් වී - නන්දා මාලනී
මියෙන්න පුතුනේ - නන්දා මාලනී
බක් මහේ කටහඩ - නන්දා මාලනී
කිදුරිය ගේ විලාපය - නන්දා මාලනී
මිණිබිරියට කියන කවිය - නන්දා මාලනී
පහන් කන්ද මුල අදුරුයි - නන්දා මාලනී
තව ඕනෙ ද????
ඕව යූටියුබ් නෑ පුටා......ado meke youtube link eka deepan..man mehema ekak ahala nane ban..![]()
රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
මූදු සතකින් ඈත දේසේ
මා තනිවේ
කල්පනා ලෝ පෙම් දැහැනේ
සිතිජ නිම්නයේ
ඈ තනි යහනේ
රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ
රෑ දුරු රට මේ
හිම වරුසා
සීත පාළුවේ
ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පොඩි ආදර කතාවක් සින්දුව ඇතුලේ තිබුනත් පට්ට ලස්සනයි මචන්. දැන්තියන සින්දු වගේ නෙවෙයි අදහස්ටික ලොකු සංයමයකින් කියලතියනවා. මාරම ලස්සනයි.
ඕව යූටියුබ් නෑ පුටා......
නන්දා මාලනී ඇල්බම් එකක් කරා -කිදුරිය ගේ විලාය - ගී කොට කිව් කව් සරනිය- කියලා.
ඒ කේ තියෙන්නේ ලංකාවේ හොදම කවියන් ගේ හොදම කවි 16කට තනු දාල ගායනා කරලා....
ඔය කවිය ලියල තියෙන්නේ මට මතක විදියට රත්න ශ්‍රී සර්. තව මොනිකා රුවන් පතිරණ මැඩම් ගේ, සෙනරත් ගොන්සල් කෝරාල ගේ, ජයවඩු විතාන සර් ගේ එහෙම කවි තියනවා....
උඹ ඔය මම දාල තිබ්බ බක් මහේ කටහඩ අහල තියනව ද?

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
සිඳ බිඳ මොහඳුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මවු ප්‍රේම
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ ////
ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
ගී පද - අරිසෙන් අහුබුදු


ado mewage sindu aheddi thama ban wesak kale matak wenne..e kaleta ena hulagath matak wenawa...issara wesak kudu ellala ewa hulagata wanenawa balan innawa hawasa....![]()


ඇසේ මතුවන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ නැළවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්
ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත
කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ කල
Artist : W.D. Amaradewa
Lyrics : Mahagama Sekara

අද වගේ දවසක මේක දාන එකත් හොදයි.....adoo ela le.....na ban eka ahalath na...man oya dala tiyana ewain samahara ewa ahala na..![]()