හරිම කණගාටුයි යාළුවා ඔයාගේ කතා කියෙව්වම, ඔය වගේම ප්‍රශ්නයක් තමයි මටත් ගොඩක් කලින් සිද්ධ උනා, මමත් ඒ ප්‍රශ්නෙදි සෑහෙන විදෙව්වා, එත් අන්තිමේදී අකමැත්තෙන් උනත් මම මගේ කෙල්ලව අතෑරියා,
මගේ හොදම යාළුවෙකුට තාමත් ඔය ප්‍රශ්නෙම තියෙනවා, අතර මැදියෙක් විදියට මම ඒ ප්‍රශ්නෙට මැදිහත් වෙලා විසදන්න උත්සහ කලා, එත් තමත් ඒ ප්‍රශ්නෙ එතනමයි, කිසිම විසදුමක නැහැ,
මචන් උබලා දෙන්න ගොඩක් ආදරෙන් හිට්ය කියලා උබ කියලා තියෙනවා, එත් මචන් උබලා දෙනනා ගොඩක් අදරෙන් හිටියනම් උබල දෙන්න අතරට තුන්වෙනියෙකුට රින්ගන්න තරම් ඉඩක් තියෙන්න විදිහක් නැහැ නේද මචන්, උබ නොදැනුවත්වම උබගෙ අතින් මොනව හරි අඩුපඩු සිද්ධ වෙලා තියෙනවා, අන්න ඒ අඩුපඩු නිසා තමයි උබලා දෙන්නා අතරට තව කෙනෙකුට රින්ගන්න අවස්ථාවක් ලැබුනේ.
මචන් උබ කියලා තියෙන විදියට "ඒ කොල්ලට ඕන ලිංගික ආශාවල් ඉටු කරගන්න කියලා" සමහර විට උබ අතින් වෙච්ච අඩුපාඩුව ඒක වෙන්න පුළුවන්, උබගේ කෙල්ලගේ හිතේ උබට නොකිව්වට පොඩි පොඩි ලිංගික අශාවන් අනිවාර්යෙන්ම තිබිලා තියෙනවා, මම එකෙන් අදහස් කලේ උබගෙ කෙල්ල වල් කෙල්ලෙක් කියන එක නෙමෙයි මචන්, අද කාලේ ආදරේ විතරක් කරලා හරි යන්නෙ නැහැ මචන්, සෙක්ෂ් පැත්තත් ආදරේ වගේම අවශ්‍ය මචන්,
උබ කෙල්ලට පනටත් වඩා ආදරෙයි, ඒ ආදරේ කෙල්ලට හොදට දැනෙනේ නිසා තාමයි උබව අතාරින්න බැහැයි කියන්නෙ, ඒ උනත් මම හිතන විදියට කෙල්ලගේ සෙක්ස් පැත්ත උබ අතින් ටිකක් මිස් වෙලා තියෙනවා , අන්න ඒ දේ නිසා තමයි කෙල්ල ඒ කොල්ලට කැමති, කෙල්ලට අවශ්‍ය ලිංගික පැත්ත අනිවාර්යෙනම අර කොල්ලා බලනවා, මම කියන්නෙ නැහැ ඒ දෙන්නා සෙක්ස් කරනවා කියලා, එත් මචන් ඒ හා සමාන දෙවල් උදාහරණයක් විදියට සෙක්ස් ගැන කතා කරන දෙවල් කොච්චර නම තියෙනවද, කෙල්ලො එවා පෙන්නුවෙ නැති උනාට එයාලා එවට හරිම අසයි, ඒ කියන්නෙ ෆොන් එකෙන් පොඩි පොඩි සීන් කතා කරනවා වගේ දෙවල්, උබට මම කියන දේ තෙරෙනවනෙ මචන්,
මට පේන විදියට කෙල්ලට අවශ්‍ය ආදරේ තියෙන්නේ උබගේ ලග, එත් කෙල්ලගේ සතුට තියෙන්නෙ අර කොල්ල ලග කියලා තමයි මටනම් හැගෙන්නේ, ඔනාවට වඩා අවංක වෙන්න ගියොත් අදකාලේ ආදරයක් පවත්වා ගන්න ටිකක අමාරුයි මචන්. සමහර වෙලවට අපි හිතනවා මම මේ කෙල්ලව කොහොමත් බදින එකනේ ඒක නිසා මම කෙල්ලට පැලෙන්න ආදරය කරනවා, අනිත් එවා බැන්දට පස්සෙ කරනවා කියලා, ඒ නියාය සමහර වෙලවට වැඩ කරනවා, එත් සමහර වෙලාවට 100% ම අසාර්ථක වෙනවා,
කොහොම උනත් උබට ගන්න තියෙන්නෙ තීරණ දෙකයි,
1. කොහොම හරි උබගේ හිත හදාගන්න එක.
2. කෙල්ලට සමාව දිලා කෙල්ලගේ අවශ්‍යතාවයන් ටිකක තෙරුම් අරගෙන, උබගේ බොධිසත්ව ගති අතාරින එක.
මම හිතනවා විදියට නම් උබ ඒ කෙල්ලව අතෑරලා හිත හදාගන්න එක හොදයි, මොකද ඒ කෙල්ල උබට අවංකවම ආදරය කරලා නම් නැහැ මචන්, උබ මොන තීරණයක් ගනීද කියලා මම දන්නේ නැහැ, එත් උබ මම කියලා තියෙන තීරණ දෙකෙන් 1 එක ගත්තොත් උබගේ හිත හදාගන්න මේ එලකිරි සයිට් එකේ ඉන්න හැම කෙනෙක්ම උබට උදව් කරවි උබගේ හිත හදා ගන්න, උබ තීරණය කරපන්. අපි ඉන්නවා උබත් එක්ක ඕනම දේකට..