අවසන් කොටස
එදා වෙච්ච සිද්දියත් එක්ක සැහෙන්න කලකිරීමක් මගේ තිබුණා ...මම ගත්ත තීරණය හරිදෝ කියන තැනට ආයෙමත් හිතන්න ගත්ත ....සදමලිගේ අම්මටත් තේරිලා තිබුනේ අපි අතරේ ලොකු ප්‍රශ්නයක් වෙලා කියලා ...පහුවෙනිදා උදේ වෙනකොට සදමාලි මට සැහෙන්න msg කරලා තිබ්බා වෙච්ච දේට සමාව ඉල්ලලා ....call කරලා තිබුනත් මම answer කලේ නැහැ ..සදමාලිගේ අම්මත් මට කතා කලා ...
"මොකද පුතා ඊයේ උනේ ...? මොකක් හරි ප්‍රශ්නයක්ද ආයෙමත් ...?"
ප්‍රශ්නේ ගැන මම අම්මට කියන්න ගියේ නැහැ ...
"නැහැ ඇන්ටි ..එහෙම ප්‍රශ්නයක් නැහැ මගේ නම් ..ඒත් ප්‍රශ්න ඇති කරන්නේ සදමාලිමයි ...ඒවා කතා කරලා විසදා ගන්නත් බැහැ ...ඒවා ගැන ඇහුවම දැක්කනේ ඇන්ටි එයා මට කතා කරපු විදිය ...ආවේශ වෙලා වගේ බෙරිහන් දුන්න හැටි ..ඔහොම පුලුවන්ද ඇන්ටි ප්‍රශ්න විසදන්න ..අනික මගේ අතේ වැරද්දක් නම් කමකුත් නැහැ ..හිත හදා ගන්න තිබ්බ ....මේකේ සම්පුර්ණ වැරැද්ද සදමලිගේ ..ඒක ගැන ඇහුවම කේන්තියෙන් බෙරිහන් දෙන්නේ එයා හරි කියල කියන්නනේ ..කරපු වැරැද්ද පිලි ගන්නේ නැහැ ...අනික ඇන්ටි ඔය සිද්දිය පිට කෙනක්ට ඇහුනා නම් මොකක්ද මගේ තත්වේ ..ඒක එයා තේරුම් ගන්න ඕනි ....මට නම් තිත්තම උනා එයාව ..."
සදමලිගේ අම්මටත් කරන්න දෙයක් නැත ...මට තේරුන විදියට සදමාලි එයාගේ අම්මත් බය කරගෙන වගේ ඉන්නේ ...ඇයට තමන්ගේ දුවගේ වැරද්දක් කියන්නටත් බැහැ ..මටත් බනින්නටට් බැහැ ...
"මටත් ඇහුනා පුතේ ඊයේ කැගහපු විදිය ...ඔහොම උනාම නම් ප්‍රශ්න වැඩි වෙනවා තමයි ...මමත් දුවට බැන්න ඔහොම කතා කරන්න එපා කියලා ඔය ළමයට ....පුතා මේ සිද්දියෙන් පස්සේ දුවට කතා කලාද .."
"නැහැ ඇන්ටි ..මම කතා කලේ නැහැ ..මට එපාම උනා .."
"පුතා වැරදි කියල මම කියන්නේ නැහැ ..ඒ උනාට ඔයත් කතා නොකර හිටියම මේ ප්‍රශ්නේ වැඩි වෙනවනේ ...එක පාරක්වත් කතා කරන්නකෝ "
ඇයද හදන්නේ කෙසේ හෝ මාව shape කර ප්රශ්නය විසදීමටය ...
දිගින් දිගටම සදමාලි msg එවයි ...
"මට සමාවෙන්න අයියේ ...මගේ අතින් කිය උනා තමයි ලිං ගෙම්බෝ කියල..ඒත් මම ඒක අම්මව විශේෂ කරලා කිවුවේ නැහැ ..කොහොම උනත් උනේ වැරද්දක් ...මට සමාව දෙන්න අයියේ ...."
මේ සිද්දිය නිසා සදාමලිගේ අම්මා පමණක් නොව අක්කාද සදාමලිට හොද හැටියට දෙහි කපා තිබුණි ...
ඇයට අවසන් අවස්ත්වත් දිය යුතු යැයි මම තීරණය කලා ...පසු දිනක ඇයට මම තරයේ අවවාද කලෙමි ..එමෙන්ම මේ අවසන් අවස්ථව බවත් කිසි දිනක මගෙන් සමාවක් යලිත් නොලැබෙන බවත් ඉතාමත් හොදින් පැහැදිලි කලෙමි ...
එම සිද්දියත් එතෙකින් නිමා වීය ..නැවතත් අපි සුපුරුදු ලෙස සතුටින් හිටියා ...නමුත් ඊට පසුත් සුළු සුළු ගැටුම් කීපයක්ම උනා ...ඒ ගැටුම් වලින් පසුවත් මා තේරුම් ගත් එකම දෙය නම් සදමලි කෙදිනකවත් හැදෙන කෙනෙක් නොවන බවය ...මෙතරම් අවස්ථා ගණනක් ඇයට ලබදිත් මෙතරම් ප්‍රශ්න සිදු වෙනවා නම් අපි එක වහලක් යටට වූ පසුවත් මේ ප්‍රශ්න උග්‍ර වනු ඇත ....එය දැන් මට ඉර හද වගේ විශ්වාසය ...
එපමණක්ද සදමාලිට ගෙදර කැමති කර ගත්තේ බොහොම අමාරුවෙනි ...යම් දිනක මගේ තීරණය වැරදි බවත් තාත්තා ගත් තීරණය නිවැරදි බවත් කියනු ඇත ..එපමණක්ද මගේ මව බොහොම කාරුණික තැනැත්තෙකි ...එමෙන්ම බොහොම ඉවසිලිවන්තය ....සදමාලි යම් දිනක ගැටුමක් ඇති කර ගත හොත් මගේ මවට ඇය සමග හැරෙන්නටවත් බැරිය ...සදමාලි මා සමග ගෙදරදී ගැටුම් වුවහොත් මගේ දෙමවුපියන්ද අපි කියපු එක අහන්නේ නැතුව මොකක්ද මේ කරගත්තේ යැයි සිතමින් හිතින් දුක් විදිනු නොඅනුමානය .....මට ගෙදර ඇත හැර සදමාලි සමග වෙන තැනක පදින්චියකට යෑමට නොහැක ...ඒ මම පවුලේ එකම ළමයා බැවිනි ....
මේ කතාව කියවන ඔබ ගේ ප්‍රතිචාර මම ඉතා එහලින්ම අගය කරමි ..නමුත් ඔබගේ ප්‍රතිචාර වලින් මට සිතුන එකම දෙය නම් සදමලිගේ මේ කේන්තිය බොහොම සරල හැම කෙනාටම මෙන් ඇතිවන කේන්තියක් බවයි..නැත ..එය එලෙස නොවේ...මෙය asamaniya කේන්තියකි ...
මේ සියලු දේවල් දැන් මගේ සිතේ වැඩ කරයි ...නමුත් මේ කිසි දෙයක් සදාමලිට හැග වුවෙවත් නැත ...
සදමලිද මේ තත්වය ටික දිනකට පසු තේරුම් ගත්තාය ...
"අයියේ මට දෙයක් ඔයාගෙන් අහන්න ඕනි "
"මොකක්ද ...?"
"ඔයා මාව බදින්න ගත්ත තීරණය ගැන පසුතැවිලි වෙනවද ...?"
"නැහැ ...කිසිම පසුතැවිල්ලක් නැහැ ...මම හැම දෙයක්ම කලේ ඔයාව මගේ ලගට ගන්න ...ඒක නිසා මගේ කිසිම පසු තැවිල්ලක් නැහැ ..හැබැයි මේ වගේ සිද්දි දිගින් දිගටම වෙනකොට ඕනි කෙනෙක්ට එපා වෙනවා ..කලකිරෙනවා ....හැමදාම ඔයා මගෙත් එක්ක රණ්ඩු කරයි ..පස්සේ සමාව ඉල්ලයි ....මමත් සමාව දෙයි ..ඕක හැමදාම කරන්න පුලුවන්ද ...? මගෙත් සීමාවක් තියෙනවා ....හැමදාම එකම දේ වෙනකොට එපා වෙනවා ..ඒ කලකිරීමත් එක්ක ඔයා හරි දෙයක් කිව්වුවත් මම ඒක දකින්න ගනීවි ඒක වැරද්දක් කියලා ...ඊට පස්සේ මමත් හැම වෙලාවේම ඔයාගේ වැරදීම හොයන්න ගනියි ..ඊට පස්සේ අයෙමත් රණ්ඩු ...හැම වෙලාවේම දෙන්නගෙන් කවුරු හරි අඩියක් පස්සට ගන්න වෙනවා ..හැබැයි මේවගේ තත්වයක් යටතේ ඔයාවත් මමවත් පරදින්න ලෑස්ති නැහැ ...එතකොට තවත් ප්‍රශ්න වැඩි වෙනවා ..ඒක තේරුම් ගන්න ...."
මෙලෙස තවත් දින කීපයක් ගත විය ...
"අයියේ මට කියන්න දෙයක් තියෙනවා .."
"මොකක්ද පැන්චියෝ "
"මම ඇත්තම කියන්නම් අයියේ ...ඔයා පහු ගිය ටිකේම ඇහුවුවනේ සතුටින් නෙවෙයිද ඉන්නේ කියලා "
"මම සතුටින් ඉන්නේ අයියේ ..ඒත් මගේ හිතේ ලොකු බයක් තියෙනවා ...මම නිසා ඔයා දුක් විදින්න වෙයි කියලා ..ඔයාගේ අම්මට තාත්තට විදවන්න වෙයි කියලා ...ඇත්ත ..ඔයා කියන එක ඇත්ත ..මට පොඩි දේටත් කේන්ති යනවා ...මේක ඔයාට ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වෙයි ..මම කොච්ච්චර මාව පාලනය කර ගන්න හැදුවත් ඒ වෙලාවට මට මාවම control නැතුව යනවා අයියේ ...ඒ වෙලාවට මම මොනවා කියනවද කියල මම දන්නෙත් නැහැ ..මම දන්නේ නැහැ අයියේ මට මොනවා වෙනවද කියල...ඒ දේ වෙන්නේ එක පාරටම ....ඒක මට කියන්න තේරෙන්නේ නැහැ ...ඒ වෙලාවට එන කේන්තියත් එක්ක මට එක ඒවා කියවෙනවා ...මේක ඉස්සරහටත් වෙයි අයියේ ....මට මේක පාලනය කර ගන්නත් බැහැ ...හැබැයි එකෙන් විදවන්න වෙන්නේ ඔයාට ..ඔයා ඔයාගේ අම්මයි තාත්තයි තමයි ගොඩක් දුක් විදින්න වෙන්නේ ...මට ඒ දේ වෙන්න බැහැ අයියේ ..ඔයා හොද කෙනෙක් ..ගොඩක් ඉවසන කෙනෙක් ..මම දන්නවා ඔයා මම වෙනුවෙන් කොච්චර දේවල් කලාද කියලා ...එචචර දේවල් කරපු ඔය වෙනුවෙන් මට මේ අඩුපාඩුව හදා ගන්න බහ අයියේ ..මම කොච්චර උත්සාහ කලත් ඒ එන ක්ෂණික කේන්තිය මට පාලනය කර ගන්න බැහැ ...ඒ හින්ද මට බැහැ ඔයා දුක් විදිනවා බලන් ඉන්න ..මම තීරණයක් ගත්තා අයියේ ...මම ඔයාගෙන් අයින් වෙනවා ..ඇත්තටම ඔය ඉස්සෙල්ල ගත්ත තීරණේ හරි ...මම ඔයාගේ ජිව්තෙන් යනවා ..."
සදමාලි අඩමින් කියපු ඒ කතාව මගේ හිතටම වැදුනා ...එදා ඉදන් සදමාලි මට call කළේවත් msg කළේවත් නැහැ ...phone එකත් off කරගෙන තිබුනේ ...ගෙදරට කතා කලත් එයා phone එකට ආවෙත් නැහැ ..එයාලගේ අම්මත් අහනවා මොකක්ද උනේ කියල...එයා අම්මටත් කියලා මේක වෙන්නේ නැහැ කියලා ..ඒ අතරේ එයාගේම අයියටත් කියලා එයාව ඒ රටට ගන්න කියලා ...
සදමාලි අන්තිමට කියපු කතාව මගේ හිතේ තාමත් දෝංකාර දෙනවා ....එයා කියූ සැම දෙයක්ම සහතික ඇත්තය ...මම එය අත්දැකීමෙන්ම දනී ...මේ හුරතලේට කතා කරමින් සිටින ඇයට යක්ෂාරුඩ් වීමට ගත වන්නේ ස්වල්ප වේලාවකි ...සදමාලි කියන දේ ඇත්තය ..ඇය කෙතරම් උත්සාහ කලත් ඇයට මේ දේ පාලනය කිරීමට නොහැකි වී ඇත ..ඇය දැන් එය තේරුම් ගෙන සිටි ..එය මගේ හිතට මහත් සතුටකි ....එමෙන්ම ඇය දැන් මගේ ගැන සිතා මගෙන් ඇත් වීමට හදයි ....ඒ ඇය මට ඇති අසීමිත ආදරය නිසාය ...ඇයගේ මේ කෝපය හැර කියන්නට වෙන කිසිම වැරද්දක් නැත ...මෙකල එවැනි කෙල්ලෙක් හොයා ගැනීම නම් බොහොම අපහසු වනු ඇත...සියට සියක් සම්පුර්ණ මිනිසුන් මෙලොව නැත ..අප හැම දෙනාගේම කුමක් හෝ වැරද්දක් ඇත..කල යුත්තේ එය නිවැරදි කර ගැනීම පමණි ...සත් වසරක ප්‍රේමයට ඇයගේ මේ අසීමිත ප්‍රේමයට මම අරුතක් දිය යුතුය ..ඇය වෙනුවෙන් මමද ආදරයේ නාමයෙන් කැපකිරීමක් කර යුතුය ..කල යුත්තේ වැරදි හද ගැනීමය..සැහෙන්න කල්පනා කර මම තීරණයකට පැමිණියෙමි ....ඒ කිසම ලෙසකින් ඇය හැර නොදැ යෑමය ..එන ඕනිම ප්‍රශ්නයකට මුහුණ දීමය ..
පසු දිනම මම ඇය සොයා ඇගේ නිවසට පියමන් කලෙමි ...මම ඇගේ තීරණය කිවුවෙමි ..නමුත් ඇය මගේ තීරණයට කැමති නැත ...
"අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා...ඒ ප්‍රශ්න වලින් පැනල යන එක නෙමෙයි කරන්න ඕනි ..ඒකට මුහුණ දෙන එක ..ඒකට විසදුමක් හොයන එක...මම දන්නවා ඔයා මට කොච්චර ආදරේද කියලා ..මම දන්නවා ඔයාගේ ලොකුම වරද්දත් මොකක්ද කියලා ...අපි දෙන්නම ඒකට උත්තරයක් හොයමු ..එහෙම නැතුව මේකට විසදුම මාව දාල යන එක නෙවෙයි .."
"නැහැ අයිය්යේ ..මේකට විසදුමක් නැහැ ...මම කොච්චර මගේ කේන්තිය control කරන්න හැදුවත් ඒක මට කරන්න බැහැ ..කවද හරි විදවන්න වෙන්නෙත් ඔයටමයි ..."
"නැහැ නංගි ..මේකට තියෙනවා විසදුමක් .."
"මොකක්ද ඒ .."
"අපි යමු counseling කරන තැනකට ...බොහෝ දුරට එතැනින්ම අපිට මේ ප්‍රශ්න විසදා ගන්න පුළුවන් වෙයි..එහෙමත් බැරි උනොතින් අපි doctor කෙනෙක් හරි Chanel කරමු ..මම ඉන්නවා ඔයා එක්ක ..බය වෙන්න එපා .. "
"අනේ බැහැ අයියේ ...මිනිස්සු හිතයි මට පිස්සු කියල ."
"පිස්සුද අනේ ..මම කාටවත් ඕක කියන්නේ නැහැ...අපි දෙන්න හැර කවුරුත් මේක දැන ගන්න තියන්නෙත් නැහැ මම ...අනික මේක පොඩි දෙයක්නේ ..ඔවද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ..."
දින ගණනාවක් තේරුම් කිරීමෙන් පසු ඇය මගේ තීරණයට එකග විය...පළමුව counseling කරන තැනකට අපි ගියෙමු ...එහිදී දුන් උපදේශය වුයේ මෙය මග හරවා ගැනීමට මගේ ඉවසීම බොහොම වැදගත් බවයි ..එමෙන්ම යම් කාලයක් ගත වන බවයි ...මම ඒ කැප කිරීම කිරීමට සුදානම්ය..
සදමාලි අද මගේ ආදරණිය බිරිදයි ....අපි දෙදෙනාම බොහෝ සෙයින් ආදරය කරමු...අප අතර පෙර මෙන් ප්‍රශ්න නැත...ඒ සදමාලි උපදේශනය නිසා යම් තරමක ට වෙනස් වී ඇත ...වෙනස් වීමටද උත්සාහ කරයි ...තවමත් අප අතර පොඩි පොඩි රණ්ඩු ඇත ..නමුත් ඒ හැම දෙයක්ම මම ඉවසගෙන සිටිමි ..යම් දිනක ඒවාද පහ වී යනු ඇත ...ඒ වනතුරු මම බලා සිටිමි ...ඒ සදමලිට ඇති අසීමිත ආදරය නිසාමය ...
කතාව කියවපු ප්‍රතිචාර දක්වපු හැමෝටම තුති ....