ආදිකාලීන ගුවන් යානා
ඊජිප්තුවේ ඇබයිඩෝස් නගරයේ සෙටිගේ(පළමුවන සෙතෝස් රජුගේ)දේවස්ථානයේ සිවිලිමක තිබී හමුවූ රූපාක්ෂර අතරේ නූතන ගුවන් යානාවලට සමාන හැඩයක් ගන්නා රූපසටහන් ඇතුලත්ව තිබිණි.ඉන් පැහැදිලිවම හඳුනාගත හැක්කේ හෙලිකොප්ටරය සහ ගුවන් නැවයි.
කොලොම්බියාවේ බොගොටා හි ප්‍රදේශයකින් සොයාගත් මෙම රත්රන් ගුවන්යානා ක්‍රි.පූ. 300-1550 අතර කාලයට අයත් යැයි සැලකේ.මෙම යානා 1994 දී එහි ප්‍රමාණය මෙන් 4 වරක් විශාලව නිපදවා සාර්ථකව පියාසර කරවා තිබේ.
මිනිසාගේ නිර්මාණය ගැන කතා කරද්දී එය සිදුවූයේ වෙනත් ලෝකයකින් ආ පුරාතන ගගනගාමීන්ගේ උවමනාව මතය යන සිද්ධාන්තයටද වැදගත් තැනක් හිමිවේ.
නස්කා නිම්නය
පකාල් රජු
පකාල් රජු මරණයෙන් පසු අභ්‍යාවකාශ ගත වුනාද?පහත දැක්වෙන කැටයමෙන් ඔහු අභ්‍යාවකාශ යානයක් සිටින ආකාරයක් නිරූපණය වේ යැයි පැවසේ.ඔහුගේ පාද සහ අත් එහි පාලකයන් වෙත යොමුව තිබේ.ඔහුගේ නාසයට හුස්ම ගැනීමට අවශ්‍ය උපකරණයක් සම්බන්ධ කර ඇති බවක් පෙනේ.
Source:Crystalinks.com
-HarshaLulzSec-
වෙනසක් කරන්න කියලා දැන් දැන් සමහරුගෙන් ඉල්ලීම් එනවා.වෙනසකටත් එක්ක යුද්ධ,යුද රථ ගැන නොකියා පුරාණ කාලයේ තිබුණා කියන ගුවන් යානා කිහිපයක් ගැන තොරතුරු ටිකක් කියන්නයි මේ සූදානම් වන්නේ.
ආදිකාලීන ගුවන් යානා
ඊජිප්තුවේ ඇබයිඩෝස් නගරයේ සෙටිගේ(පළමුවන සෙතෝස් රජුගේ)දේවස්ථානයේ සිවිලිමක තිබී හමුවූ රූපාක්ෂර අතරේ නූතන ගුවන් යානාවලට සමාන හැඩයක් ගන්නා රූපසටහන් ඇතුලත්ව තිබිණි.ඉන් පැහැදිලිවම හඳුනාගත හැක්කේ හෙලිකොප්ටරය සහ ගුවන් නැවයි.
සක්කාර් කුරුල්ලා
මෙය කුරුල්ලෙක්ගේ හැඩය ගත් ගුවන් යානයකි.ලීයෙන් නිපදවා ඇති මෙය 1898 දී ඊජිප්තුවේ සක්කාර් හි කරන ලද කැණීමකින් හමුවී තිබේ.
රත්රන් ගුවන්යානා
කොලොම්බියාවේ බොගොටා හි ප්‍රදේශයකින් සොයාගත් මෙම රත්රන් ගුවන්යානා ක්‍රි.පූ. 300-1550 අතර කාලයට අයත් යැයි සැලකේ.මෙම යානා 1994 දී එහි ප්‍රමාණය මෙන් 4 වරක් විශාලව නිපදවා සාර්ථකව පියාසර කරවා තිබේ.
මිනිසාගේ නිර්මාණය ගැන කතා කරද්දී එය සිදුවූයේ වෙනත් ලෝකයකින් ආ පුරාතන ගගනගාමීන්ගේ උවමනාව මතය යන සිද්ධාන්තයටද වැදගත් තැනක් හිමිවේ.
නස්කා නිම්නය
දකුණු ඇමෙරිකාවේ පේරු රාජ්‍යයේ නස්කා කාන්තාරයේ ගල් තලා මත දැවැන්ත රූප නිර්මාණය කර තිබේ.මෙය අතීත පිටසක්වලයෙන්ගේ ගුවන් පථයක්ද?
පකාල් රජු
පකාල් රජු මරණයෙන් පසු අභ්‍යාවකාශ ගත වුනාද?පහත දැක්වෙන කැටයමෙන් ඔහු අභ්‍යාවකාශ යානයක් සිටින ආකාරයක් නිරූපණය වේ යැයි පැවසේ.ඔහුගේ පාද සහ අත් එහි පාලකයන් වෙත යොමුව තිබේ.ඔහුගේ නාසයට හුස්ම ගැනීමට අවශ්‍ය උපකරණයක් සම්බන්ධ කර ඇති බවක් පෙනේ.
විමානය
මෙම යානය සංස්කෘත වීර කාව්‍යයන්හි සඳහන්වන පුරාතන ගුවන් යානයකි.මෙම යානය එසමයේ යුද්ධ සඳහාද යොදාගත් බව සඳහන් වේ.කලකට පෙර මෙම යානා ගැන ෆෝරමයේ දීර්ඝ ලිපියක් පළවිය.
ජේසුතුමන් කුරුසගත කරන අයුරු නිරූපිත චිත්රයක ඇතුලත් ගුවන් යානා
ජේසුතුමන් කුරුසගත කරන අයුරු නිරූපිත චිත්රයක ඇතුලත් ගුවන් යානා
Source:Crystalinks.com
-HarshaLulzSec-

.ඕන කෙනෙක් හොයාගෙන බලන්නේ නැතැයි.