ආධුනිකයෙක්, පොතක් ලියා පළකරන්නේ කෙසේද?
ආධුනිකයෙක්, පොතක් ලියා පළකරන්නේ කෙසේද?
මම දැකල තියෙනවා ඉතාම ලස්සන භාෂාවක් තියෙන දක්ෂ ලේඛක ලේඛිකාවො ෆේස්බුක් එකේ මේ තැන්වල යම් යම් දේ ලියනවා. ඒ වගේම සමහරු ඉන්නවා නිර්මාණ කරල ප්‍රකාශයට පත්කරගන්න බැරුව ලතවෙන... හැමෝටම පිළිතුරක් නැත්තං මගපෙන්වීමක් මේ මගින් ලැබේවි යැයි සිතනවා..
ලියන්න කලින් කල්පනා කරන්න තමුන් වඩා දක්ෂ මොන ප්‍රවර්ගයටද කියල.. කෙටිකතා ලියන්න පුලුවන් කෙනෙක් කවි ලියන්න ගිහින් ඇතැම්විට අමාරුවෙ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමාට වඩා පරිපූර්ණව ලිවිය හැක්කේ කුමන වර්ගයේ දේවල්ද කියල තමුන් අවබෝධකරගත යුතු වෙනවා..
පොතක් ලියා පළ කරන්න කලින් දෙයක් තේරුම් ගත යුතුයි. ඔබ ලියන කෘතිය රට තුළ නිල පිළිගැනීමක් ඇති ලියවිල්ලක් බවට පත් වෙනවා. ප්‍රසිද්ධිය ලැබෙනවා. නඩුභාණ්ඩයක් ලෙස වුණත් ගැනීමේ හැකියාවක් තියෙනවා. එබැවින් ලියන දේ වගකීමකින් ලියන්න වගබලාගත යුතුයි.
නවකථාවක් / කෙටිකතා / කවි / ශාස්ත්‍රීය පොතක් නම්...............
ඉස්සෙල්ලම තමුන් කරපු නිර්මාණය ඒක මොකක් වුණත් ටයිප් සෙටින් දන්නා අයෙකු ලවා A4 ප්‍රමාණයට මාජින් තියල ටයිප් සෙටින් කරගන්න වෙනවා අදාළ භාෂාවෙන්. මොකද ෆුල්ස්කැප්, අභ්‍යාසපොත් වල ලියල දෙන පොත් නිකං ප්‍රාථමික ගතියක් තියෙනව දැන් කාලෙ..... ඒක ටයිප්සෙට් කරල පොතක් විදියට බයින්ඩ් කරල ගන්න.
දැන් අත්පිටපත හරි.!
පළමුවෙනි කාරණාව මේක තමුන් විසින් මුද්‍රණය කරල ප්‍රකාශයට පත්කරනවද නැති නම් ප්‍රකාශකයෙකු හරහා තීරණය කළ යුතුයි. ඒකට කලින් පොත 'අවංකවම' හිතවත් කිහිපදෙනෙක්ට පෙන්නල අඩුපාඩු සංශෝධනය කරල ගන්න. සිංහල භාෂාව හෝ ඉංගිරිසි භාෂාවේ දැනුමැත්තෙක්ගෙන් වියරණ දෝෂ හදාගන්න.
කර්තෘ ප්‍රකාශන නම්....
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලය කොළඹ 07, වෙත ගොස් පොතේ පිටපත ඉදිරිපත් කොට පොතක් සදහා වූ අන්තර්ජාතික ප්‍රමිති මාලිත අංකය ISBN එක ලබාගත යුතුය. එය එවේලේම හෝ පසුව තැපැල් මගින් ලබාගත හැකිය. එය රුපියල් සියයක් පමණ වැයවන ඉතා සරල කටයුත්තකි.
පොත කුමක් වුවද එය ඒ භාෂාව දන්නා උගතකු/ පරණ ප්‍රින්සිපල් කෙනෙක් / මහාචාර්යවරයෙක් / ප්‍රවීණ ලේඛකයෙක් / මාධ්‍යකරුවෙක් වගේ කෙනෙක්ට දීලා හරිවැරදි බලවා ගන්න. ඒ ගමන් පොඩි හැදින්වීමක් ලියල දෙන්න කියන්න.. මොකද අදාළ පුද්ගලයාගේ සිවිල් බලයත් දැන් ලංකාවේ පොතකට බලපානවා! ඊට පස්සෙ පොත සදහා පසුවදනක් ලබාගන්න එවැනිම පුද්ගලයෙක් වෙත යන්න. ඔහුගෙනුත් අදහස් අරං අඩුපාඩු සාකච්ඡා කරල ඒවා හදන්න... වැරදි නිවැරදි කරගන්න.. උඩගු වෙන්න එපා..තමන් සියල්ල දන්නවා යැයි හිතන්න එපා.. නිහතමානි වෙන තරමට වැඩේ ලේසියි...
ඊට පසු අර පොත ටයිප් සෙටින් කරපු කෙනා ලවාම පොතේ PAGE LAYOUT හදාගන්න. පොත් වල සම්මත ප්‍රමාණ තියෙනවා ක්‍රවුන් සයිස්, ඩිමයි සයිස් ඔය වගේ. එහෙම ටයිප්සෙටින් කරන ගමං පොත් කවරයක් ලෑස්ති කරගන්න.. කවිපොත්, කෙටිකතාවලට ග්‍රැෆිකල් කමර්ෂල් කරනව අඩුයි.. කරන්නෙ චිත්‍ර අදින එක තමා. ඒක තමුන්ගෙ අභිමතය පිරිදි සුදුස්සෙකු ලවා කරගන්න ඕන. එතනදි කවරය ගැන ගොඩක් හිතන්න වෙනවා.. මොකද මනුස්සයෙක් පොත ගන්නේ කවරය දිහා බලල.. කවරය පණ මදි නං ඔබට නම හදාගන්න බැරි වෙනවා. අනික අකුරු...ඕනම එකකට හරියනව FM-Abhaya, නමුත් සමහරු මම දැකල තියෙනව විවිධ රටා අකුරු වලින් Text එක යවනව. ඒක නීට් නෑ. අසම්මතයි. ඒ වගේම පොත් වුණත් කේක් පෙට්ටි සයිස්, පර්ස් සයිස් වලට කරනව දැකල තියෙනව.. ඒවා හොඳා සමරු පොත් විදියට.. ප්‍රමිතිගත පොතකට සම්මත දිග පළල තියෙනව..UnSize පොත් බොහෝ විට පොත් රාක්කවල තියන්නත් බෑ..
විශ්වාසවන්ත මුද්‍රණාලයක් සොයාගන්න.. පොතක් මුද්‍රණයට නම් පොතේ පිටු ගණන, කඩදාසි වර්ගය එනම් 60gsm/70gsm සුදු කඩදාසිය හෝ ඇෆ්‍රිකන් වයිට් කඩදාසියද යන්න තීරණය කරන්න.. ඇෆ්‍රිකන් වයිට් කඩදාසියෙන් කරහම පොතේ 'මස' වැඩියි. පෙනුම එනවා. අනික් කඩදාසියෙන් කරාම පොත බරයි. පෙනුම නෑ. නමුත් කඩදාසිය කල් පවතිනවා. අධ්‍යාපනික වැදගත්කමක් ඇති පොතක් නම් සුදු කොලය තමා යෝග්‍ය. කවරය වෛර්ණ නම්, එයද මුද්‍රණය කර, ලැමිනේෂන් ජාති ගොඩක් තියෙනවා කරල, ගැදර් කර, බයින්ඩ් කර, කටර් කරල අවසාන නිමාව විදියට පොත් 500ක් හෝ 1000ක් මුද්‍රණයට අදාල කෝටේෂන් තැන් 3-4කින් ගන්න... තමුන්ගෙ පසුම්බියෙ තරමට හරියන තැන තෝරල ඒක මුද්‍රණය කරගන්න. ඔබ අදාළ පොතේ ට්‍රේසින් මුද්‍රණය වගේම පොසිටිව් හෝ සී.ටී.බී ප්ලේට් (වර්ණ කවරය) මුද්‍රණයට අදාළ කටයුතු මුද්‍රණාලයට සැපයීම හෝ ඔවුන් ලවාත් කරගත හැකියි. සමස්ත මුද්‍රණ ක්‍රියාවලිය වෙනුවෙන් වැයවූ මුදල මෙන් තුන්ගුණයක්ද විෂය පොතක් නම් හතර හෝ පස්ගුණයක් ලෙස මිල තීරණය කළ යුතුය.
ඉන්පසු ලොකුම ගැටලුව පොත විකුණගන්න එක. ඔක්කටෙම කලියෙන් ඒ මුද්‍රණය කරපු පොතනේ පිටපත් 05ක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදීමට කාරුණික වන්න. එය ජාතික යුතුකමකි.
තමුන් කැමති නම් දොරට වැඩීමේ උළෙලක් පවත්වන්න. එහිදී ආරාධිතයන් පොත මිලයට ගන්නා නිසා (මගුල් ගේ වගේ ඕක කියන්නෙ ඉතින් විකුණගන්නනෙ! නැතුව අහවල් එකටයැ!) පොත් යටත්පිරිසෙයින් 100-200ක්වත් විකුණාගත හැකිය. එසේවන්නේ 300කට පමණ ආරාධනා කළහොත් ය.! ඇත්තටම එන්නේ අඩුගණනකි. (ඔබ ජනප්‍රිය/ප්‍රසිද්ධ අයෙකු නොවේනම්) මාධ්‍ය ආයතන සියල්ල වෙත ආරාධනා කළ යුතුය. බොරුවට හරි එහෙම කරාම ඔවුන් තමුන්ගෙ වැඩසටහන් වල එවැනි ඉසව්වක් තියෙන බව සදහන් කිරීමත් ප්‍රසිද්ධිය ලබාගතහැකි කාරණාවක්.
ඊට පස්සෙ පොතේ පිටපත් කිහිපයක් පුවත්පත් ආයතන වල මාධ්‍යෙව්දීන් හෝ කතුවරුන් වෙත ලබාදුන්විට ඔවුන් පොත පිළිබද ‘අලුත් පොත්‘ තීරුවේ පළකරනු ඇති. ඉන්පසු ලංකාවේ ප්‍රසිද්ධ පොත්හල් වලට පොතේ පිටපතක් ඉදිරිපත් කරන්න ඕනි. ඔවුන් කැමති නම් බොහෝවිට පිටපත් 10 සිට 50 දක්වා බාරගන්නවා. ඒ විකුණා මුදල් ලබාදීමේ කොන්දේසිය පිට. ඒ කියන්නෙ අපි පොත් හලට 40%ක මිලයට පොත් ලබාදිය යුතුයි. පොත විකුණා අවසන් වූ වහා දෙනවා කියල එයාලා කියනවා...දෙන එක ගැටලු සහගතයි තමා... ඉතින් ඒක පස්සෙ පන්නන්න ඕනි. දීපු පොත් කඩ ස්ථාවර ඒවා විය යුතුයි. ඒවගේ නම් ගම් දුරකථන අංක සියල්ල පොතක ලියාගත යුතුයි..දීපු පොත් ගාණත් එක්ක! මාස 2-3කින් පාඨකයෙක් විදියට කෝල් කරල අහල බලන්න ඒනි ‘අරහොම‘ පොතක් තීද කියල....තියෙනව කීවොත් මූණ බෙරි කරගන්න වෙනවා.. නෑ කීවොත් පහුවදාම යන්න සල්ලි ඉල්ලගන්න!! අලුතෙන් බිහිවුණු ඔන්ලයින් පොත් සාප්පු හතරක් පහක් ලංකාවේ තියෙනවා. ඒ අය ඉතා ඉහළ ප්‍රචාරණයක් සමග අලෙවියක් පොත් වලට ලබාදෙනවා. ඒ ආයතන වෙතින් විමසීමක් කරල බලන්න..
ඒ වගේම හිතවතුන්, ආයතන හරහාත් මෙවැනි සමාජ ජාල හරහාත් සැලකිය යුතු පොත් සංඛ්‍යාවක් විකුණාගන්න පුලුවන්.. හැබැයි ටිකක් කට්ට කන්න වෙනවා. එමෙන්ම සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් ලේඛකාධාර වැඩපිළිවෙල කියල වංචාවක් කරනවා පොත් ගන්නවා කියල..ඒකෙන් 'වාසනාව' තිබ්බොත් පොත අරගන්නවා රුපියල් විසිපන්දාහක විතර..ඊට අමතරව ජාතික පුස්තකාලයත් පොත් මිලයට ගන්නවා.
යම් මුදලක් යටකර, වසරක් හමාරක් ඉවසා සිටිය හැකිනම් සහ අලෙවිකරණ වැඩවලට තමුන්ම මහන්සි වෙනවා නම් වඩා ලාභදායක ක්‍රමය මෙයයි.
ප්‍රකාශකයෙකු මාර්ගයෙන් නම්....
ලංකාවේ හොද ප්‍රකාශන ආයතන කිහිපයක් තියෙනවා. සමහර ඒවා අලුත්. සමහර ඒවා පරණයි. ඒවායෙන් ප්‍රචාරණය කියන කටයුත්ත සිද්ධ වෙන්නේ අලුත් ප්‍රකාශන ආයතන වල විතරයි.
ප්‍රකාශන ආයතන නම් දෙකතුනකට යන්න වෙනවා. සමහරු පොත තියල යන්නකියනව. අවුරුද්දකින් ගියත් පොත තියපු තැනමයි! සමහර ප්‍රකාශන ආයතන වල මුදලාලිලා නොව ප්‍රකාශන සම්බන්ධව තේරුමක් තියෙන මොධ්‍යවේදීන්/ලේඛකයන් වගේ අය ඉන්නවා. එහෙම ඉන්න ආයතන වලට පොත දුන්නාම ඒ අය කියවල බලල හොද නම් බාරගන්නවා. ප්‍රකාශකයා සමග ගිවිසුමකට යන්න වෙනවා. මුද්‍රිත පිටපත් ප්‍රමාණයේ මුළු වටිනාකමින් 10%ක් ඔබට කර්තෘ භාගය ලෙස හිමිවෙන අතර මුද්‍රිත පොත් ප්‍රමාණයකුත් නොමිලයේ ලැබෙනවා. විශාල අලෙවියක් තිබුණොත් ඔබට ලැබෙන කර්තෘ භාගය රජයේ බදු මුදල් වලට යටත්ව තමයි ලැබෙන්නේ. හැබැයි කට්ට කන්න වෙන ප්‍රමාණය ඉතාම අඩුයි.. ප්‍රකාශකයා හා ලේඛකයා අතර සහයෝගීතාව උඩ, විවිධ දැනහැදුනුම්කම් හරහා ප්‍රචාරය හා විකුණුම් කටයුතු කරගත හැකියි. පොත් ප්‍රකාශන ආයතන ගැන විවිධ මතවාද සමාජයේ තියෙනවා. බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුව පොත ගැහුවට පස්සෙ සල්ලි නොගෙවන එක. එවැනි ආයතන සමග ගිවිසුම් ගතවෙනව නම් නීත්‍යානුකූල ලියවිල්ලක් හරහා වසර තුනකට පමණක් ගිවිසුම්ගත වීම නුවණට හුරුයි.
පරිවර්තන කෘතියක් නම්.....
මුල් කෘතිය කිහිපවතාවක් කියවල, ඒක රටට දිය යුතු දෙයක්ද නොදිය යුතු දෙයක්ද තීරණය කළ යුතුයි. ඔබට එය කරන්නට ආසාවක් ඇතිවිය යුතුයි... ඒ උණ ආවේ නැත්තං කරන්න එපා! ඉන්පසු පරිවර්තන කාර්යය නිමවා ඒ ගැන අවබෝධයක් ඇති අය කිහිපදෙනෙකුට එය කියවන්නට දිය යුතුයි. ඒ අයගේ ප්‍රතිචාර අනුව නැවත සංස්කරණය හෝ අදාළ වෙනස්කම් කර, එම පොතේ වෙනත් පරිවර්තන ඇතිදැයි සොයාබැලිය යුතුයි. ඇත්නම් ඒවා සොයාගෙන එහි අඩුපාඩු බැලිය යුතුයි. අඩුපාඩු ඇතැයි පැහැදිලිවම කිව හැකිනම් ඒවා සටහන් තබාගෙන, අදාළ කාර්යය කළ යුතුයි. එහිදී පරිවර්තන කෘති සදහා ජනප්‍රියත්වයක් ඇති ප්‍රකාශන ආයතනයක් තෝරා ගැනීම අමතර වාසියක්.
ඉන්පසු ඔබට ඇත්තේ අදාළ පිටපත ආයතනයට බාර දීම පමණයි. ඔබට එහි සෝදුපත් පරීක්ෂා කිරීමේ කටයුතු වලටත්, කවරය නිර්මාණයේදී අදහස් එකතු කිරීමටත් අයිතියක් තියෙනවා. එමෙන්ම පොතේ ඔබට නොපෙනෙන අඩුපාඩු තිබේ නම් ඒවා සංස්කරණය කරන්න ප්‍රකාශන ආයතනයට අයිතියකුත් තියෙනව..
ebook නම්...
අලුත් පරම්පරාව ඩිජිටල් උපාංග හරහා පොත් කියවන නිසා ඔබට ඔබේ පොත මුද්‍රණය කළ යුතුම නැහැ. එය ඉලෙක්ට්‍රොනික් පොතක් නැත්තං e-book එකක් විදියටත් පළ කරන්න පුලුවන්. අඩු මිලකට විකුණන්නත් පුලුවන්..ඊට අදාළ සේවා සපයන ආයතන කිහිපයක් ලංකාවේ තියෙනවා.. උදා- Poth App. එහිදී ටයිප්සෙටින්, කවර නිර්මාණය ආදි සියලු කටයුතු ඔබ සම්පූර්ණ කළ යුතුයි.

Last edited:

+