ආප්ප කමු

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    ඔම්ලට් ආප්ප, පීසා ආප්ප ඇතුලු වෙනස්ම මාදිලියට ආප්ප හදාගත හැකි ක්‍රම 5ක්


    තාච්චිය පදම් කිරීම
    Hoppers-01.jpg




    කොයි ආප්ප හදන්නත් හොඳ තාච්චියක් ඕන. අළුතෙන් ගන්න ආප්ප තාච්චියක් නම් ඒකට වතුර ටිකක් පුරවල ගොරක කෑලි හතරක් පහක් දාල තම්බ ගන්න. ඊට පස්සෙ ඒ ගොරකා ටික තාච්චියේ හොඳට අතුල්ලලා තෙල් ටිකක් ගාගත්තු රෙද්දකින් හොඳින් පිහිදන්න. නැවත තෙල් ටිකක් තාච්චියේ ගාගෙන රත් කරලා නැවත පිහිදන්න. සෝදන්න එපා. දැන් තාච්චිය සූදානම්. ඒත් ආප්ප ඇලෙයි කියල පොඩි හරි බයක් තියෙනවනම් ආප්ප මිශ්‍රණයට බිත්තරයක් එක් කරන්න. ආප්ප එක්ස්පර්ට්ලා නම් කියන්නෙ ආප්ප හදන තාච්චියේ වෙන කිසිම දෙයක් හදන්න එපා කියලයි

    ආප්ප මිශ්‍රණය
    Hoppers-02.jpg




    1. සුදු කැකුළු හාල් කප් 2 (සුදු හාල් පිටි කප් 2ක් ගන්නත් පුළුවන්)
    2. උකු පොල් කිරි
    3. දිය කිරි
    4. යීස්ට් තේ හැඳි 3\4
    5. සීනි මේස හැන්දයි
    6. ලුණු


    • හාල් සෝදා ගරා පැය හතරක් විතර පෙඟෙන්න දාල වතුර බේරල ගන්න. එයට උකු පේස්ට් එකක් හදාගන්න අවශ්‍ය පමණට දිය කිරි එක් කර හොඳින් ග්‍රයින්ඩ් කරගන්න. දැන් එයට සීනි සහ යීස්ට් එක් කර පැය 6ක් පමණ පියනකින් වසා තබන්න.
    • පැය 6කට පසු එයට ලුණු සහ උකු මිටි කිරි එක් කර තෝසේ පදමට වඩා තරමක් දියාරු මිශ්‍රණයක් සාදා පොල් කිරි පෙරනයකින් පෙරාගන්න. (බිත්තරයක් එක් කරනවා නම් මිටි කිරි එක් කිරීමට පෙර එක් කර පසුව මිටි කිරි එක් කරගන්න.)




    1.කිරි ආප්ප



    Hoppers-03.jpg




    මේක ලංකාවේ දකුණේ හුඟක් අය දන්න කෑමක්. සමහරු නොදන්නවත් ඇති. මෙහෙමයි හදන්නෙ.
    ආප්ප මිශ්‍රණය තරමක් මදය හිටින්න තාච්චියට දාගන්න. පියනකින් වහලා ටිකක් ආප්පය පිසීගෙන එන විට උකු පොල් කිරි ටිකක් ආප්පයේ මැදට දාගෙන නැවත පියනකින් වහලා ආප්පය පුළුස්ස ගන්න. හරිම රස ආප්පයක් මේ. කිතුල් පැණි ටිකක් දාගත්තා නම් දිව්‍ය ලෝක රසයි.





    2.ඔම්ලට් ආප්ප




    Hoppers-04.jpg





    ගන්න බිත්තර දෙකක්. ටිකක් බීට් කරගන්න. එයට හීනියට ලියාගත්ත කැරට්, ලූනු, ලීක්ස්, ලුණු, ගම්මිරිස් ටිකක්, පිටි කිරි ටිකක් දාලා කලවම් කරගන්න. කලින් හදාගත්තු ආප්ප මිශ්‍රණය මදේ හිටින්නෙ නැති වෙන්න තාච්චියට දාගෙන මේ ඔම්ලට් මිශ්‍රණයෙන් ටිකක් දාගෙන පියනකින් වහල ආප්පෙ පුළුස්සගන්න




    3. චීස් ආප්ප




    Hoppers-05.jpg




    චීස් වලට කවුද කැමති නැත්තෙ. මෙන්න මෙහෙමයි චීස් ආප්ප හදන්නෙ. මේක කැමති නම් බිත්තරයක් එක්ක හරි බිත්තරයක් නැතුව හරි හදන්නත් පුළුවන්. ගන්න හැපී කව් චීස් වෙජ් එකක්. ඒකට ගම්මිරිස් කුඩු ටිකක්, හීනියට කපාගත්ත ලූනු, අමු මිරිස් ටිකක් එක්ක ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි දෙකක් දාලා ගෑරප්පුවකින් හොඳට මික්ස් කරගන්න. මෙතනදි ෆ්‍රෙශ් මිල්ක් වෙනුවට බිත්තරයක් දාගන්න පුළුවන්. කලින් ඔම්ලට් ආප්පෙට වගේම මැද හිටින්නෙ නැති වෙන්න ආප්ප මිශ්‍රණේ දාලා, හදාගත්තු චීස් මිශ්‍රණේ දාලා ආප්පෙ පුළුස්සාගන්න.


    4. පීසා ආප්ප


    Hoppers-06.jpg






    බ්‍රෙස්ට් කොටසින් චිකන් ටිකක් හීනියට කපාගන්න. ඒකට ලුණු, ගම්මිරිස් කුඩු ටිකක් අතගාලා පැත්තකින් තියාගන්න. තෙල් ටිකක් ලිපේ තියාගෙන ඒකට චිකන් ටික එක් කර බැදෙන්න අරින්න. චිකන් ටික බැදුනු පසු තලාගත් ඉඟුරු සුදු ලූනු ටිකක් හීනියට කපාගත්තු ලූනු, මාළු මිරිස් ටිකක් තක්කලි ටිකක් මිරිස් කුඩු චුට්ටක් තියෙනවනම් ඔරිගානෝ ටිකක් ලුණු එක් කර තෙම්පරාදු කරගන්න.
    කලින් වගෙම මැද හිටින්නේ නැති වෙන්න ආප්ප මිශ්‍රණය දමාගෙන සාදාගත් චිකන් මිශ්‍රණය දමාගෙන එයට උඩින් ගාගත් මොසරැල්ලා චීස් ටිකක් එක් කර පියනකින් වසා ආප්පය පුළුස්සාගන්න.




    5. එග් ඇන්ඩ් සීනි සම්බල් ආප්ප



    Hoppers-07.jpg




    ආප්ප වලට හොඳටම ගැලපෙන්නෙ ලුණු මිරිසට වඩා සීනි සම්බෝලෙ කියල රස දන්නෝ දනිති. මෙන්න මේ ආප්පෙ හදන්නෙ මෙහෙමයි හරිම පහසුයි. බිත්තර ආප්පයක් දාගන්න. බිත්තරේ චුට්ටක් තැම්බෙනකම් පියනකින් වහල තියලා ඊට පස්සෙ ඒක මැදට සීනි සම්බෝල ටිකක් දාලා ආප්පෙ නවල හැන්දකින් ටිකක් තද කරන්න. බාපු ගමන් කන්න පුළුවන් රසම රස ආප්පයක්.


    මේය උපුටාගැනිමකි.... සියලු ගෞරව http://www.aniwa.lk


     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    You must spread some Reputation around before giving it to farcry919 again.

    දිගටම දාපං දකින දකින හැම තැනම රේප් දෙනවා උබට
    පටා බං දිගටම දාපං