ආප්ප

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    View attachment 61948
    ශ‍්‍රී ලාංකිකයන් අතර ජනප‍්‍රිය ආහාරයක්‌ වන ආප්ප දැන් ලන්ඩනයේ සුද්දන් අතරද ජනප‍්‍රිය වෙමින් පවතිනවා.

    එහි විශේෂත්වය වන්නේ සුද්දියක්‌ම එම ආප්ප පිච්චීමයි. වැලිගම ආපන ශාලාව නමින් නම් කොට ඇති මෙම ආප්ප ආපන ශාලාව ඇත්තේ ලන්ඩනයේ සෑම සෙනසුරාදාවක්‌ පමණක්‌ තිබෙන ඩ‍්‍රැයිඞ් වීදියේ ආහාර මාර්කට්‌ටුවේය.

    මෙම ආප්ප පුච්චන්නේ ඉංග‍්‍රීසි ජාතික එමලි ඩොබ්ස්‌ ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වන ඇය අමතර ආදායමක්‌ සොයා ගැනීම සඳහා මෙම ආපන ශාලාව ආරම්භ කර ඇත.

    ශ‍්‍රී ලංකාවේ වැලිගම ප‍්‍රදේශයේ හෝටල් හිමිකරුවකු වන ඇයගේ මාමා වන ඩොබ්ස්‌ සමග ශ‍්‍රී ලංකාවේ නිවාඩුවක්‌ ගත කිරීමට එමලි ගොස්‌ සිටියදී ඇයට මෙම අදහස පහළ වී තිබේ.

    ආප්ප පිච්චීම ඉතා අසීරු රාජකාරියක්‌ වුවත් ඇය එය ආශාවෙන් කරන බව එමලි පවසයි.

    ඇය සාමාන්‍ය ආප්ප සමග බිත්තර ආප්පද පිච්චීම හොඳින් ප‍්‍රගුණ කර තිබේ. සුද්දන්ට ආප්ප යනු කුමන වර්ගයේ ආහාරයක්‌ද යන්න කියාදීම දැන් ඇයට වෙහෙස කර දෙයක්‌ වී ඇති නිසා ඇය ආප්ප පිළිබඳ විස්‌තර තම ආපන ශාලාවේ ප‍්‍රදර්ශනය කර තිබේ.
    w2.jpg
     
    • Like
    Reactions: C h o p p e