නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි? [/COLOR]
ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.[/SIZE]
ඔයා අතීත අනාගත මම අතහැරලා වර්තමාන මම මත පිහිටලා තමා කතා කරන්නෙ. නමුත් සිද්ධවෙලා තියෙන්නෙ ඒ කාල තුනේම මම කියන සංකල්පෙට ඔයාගෙ චින්තනය හිරවෙච්ච එක. බුද්ධ ධර්මයට අනුව වර්ථමාන මමක් පෙන්වගන්න බැහැ. වර්ථමානයේම පෙන්වන්න බැරි දෙයක් ගැන අතීත අනාගත ලෙස කතාකරන්න බැහැ. මේකට තමයි අනාත්ම කියන්නෙ. වැරදි අසම්ප්ශන් එකක ඉඳන් අහන ප්රශ්නයක් ඕක. උදාහරණයක් අරන් පැහැදිලි කලොත්,
ජීවිතේටවත් ගංජා නොගහපු මනුස්සයෙක්ගෙන් කෙනෙක් අහනවා,
ඔයා දැන් ගංජා ගහන එක නතර කරලා ද?
නැතිනම් තවමත් ගංජා ගහනවා ද? කියලා.
දැන් අර මනුස්සයා ඔව් කීවත් වැරදියි නැහැ කීවත් වැරදියි නේද. ආන්න ඒ වගේ තමා ඔයාගෙ ප්රශ්නෙත්. ගංජා ගැහිල්ලක් හිතින් මවාගෙන ඇහුවා වගේ අතීත, වර්තමාන, අනාගත මමක් මත පදනම් වෙලා තමා ප්රශ්නෙ ගොඩනගලා තියෙන්නෙ. ඒ නිසා බුද්ධ ධර්මයට අනුව ඔය ප්රශ්නය වැරදියි.
බුදුදහමෙ නැවත උපත පෙන්වන්නෙ පච්චයධර්ම වලින්. ඒ කියන්නෙ පටිච්චසමුප්පාදයෙන්.
@ek_rosh කියපු අන්ත දෙක අත්හැරලා මැදින් දේශනා කිරීම තමා ඒ. ඉතිරි ටික
@ek_rosh ගෙ රිප්ලයි එක අනුව තමා.