ආයෝජනය කරන්න හිතෙනවද රත්තරන් වලට.??? 2කොටස..

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ආයෝජනය කරන්න හිතෙනවද රත්තරන් වලට.??? 2කොටස..



    මගේ කලින් ත්‍රෙඩ් එකෙන් කිව්ව රත්තරන් බිස්කට් ගැන. ඒකට මෙතනින් යන්න.. ඒවට ආයෝජනය කරන්න කලින් ඒ ගැන ටිකක් දැනගෙන ඉන්න එක හොඳයි නොවැ.. ඒ ත්‍රෙඩ් එකේ එක්කෙනෙක් කියල තිබ්බ ඒ ත්‍රෙඩ් එකේ ඉස්සෙල්ලම කියල තියෙන්නෙ රත්තරන් වලට ආයෝජනය කරන එක ගැන,ඒත් ත්‍රෙඩ් එක මැද්දට යනකොට මාතෘකාව වෙනස් වෙලා කියල.:baffled::baffled: එහෙම නෑ. ඉස්සෙල්ලම මම ආයෝජනය කරන හැටි තමයි කියල තිබ්බෙ. බලන්නකො. ඊට පස්සෙ තමයි මම කිව්වෙ ඒ ඒ රත්තරන් බිස්කට් එක ගැන,කොහෙද ඒව නිෂ්පාදනය කරන්නෙ..විස්තර..
    ඉතින් අද මම කියන්න යන්නෙත් රත්තරන් බිස්කට් ගැනම තමයි. හැබැයි මේ බිස්කට් ටිකක් වෙනස්. වෙනස් කිව්වෙ මැනුම් ඒකකයෙන්. මේකෙ මැනුම් ඒකක තමයි අවුන්ස, ටයේල් සහ ටෝලා.. ඉතින් කලින් ත්‍රෙඩ් එකේ අන්තිමට කිව්වෙ මේ ටෝලා මිනුම් ඒකකය ගැන තමයි.


    මොනවද මේ ටෝලා?
    ටෝලා කියන්නෙ ඉස්සර ඉන්දියාවේ භාවිතා කල මැනුම් ඒකකයක්. ඒක සංස්කෘත භාෂාවෙන් "බර" කියන අරුත් දෙනව.. වැඩි විස්තර මෙතනින්..:rofl:

    …මේ ටෝලා කියන පදය තමයි මේ රත්තරන් වල බර කිරන්න ගන්නෙත්. (ටෝලා 1,3,5 සහ ටෝලා 10) ඒ නිසා බොහෝ දෙනා කියන්නෙ රත්තරන් බිස්කට් වලට ටෝලා බාර් කියල.. :rofl::rofl::oo:
    ……
    …
    …ඉස්සෙල්ලම අපි බලමු රත්තරන් අවුන්සය ගැන.
    …
    …අවුන්ස 1
    …
    1-ounce-gold-bar.jpg

    …
    …මේ රත්තරන් බාර් එක හදන්නෙ ඇමෙරිකා වල Sunshine Mint ආයතනය APMEX කියන ආයතනයටයි. Sunshine Mint ආයතනය ඇමෙරිකා වල පිහිටා තියෙන වටිනා ලෝහ නිෂ්පාදනය කරන ලොව ප්‍රසිද්ධ ආයතන අතරින් එකක්.
    …
    …
    …ටෝලා 1
    …
    1-tola-gold-bar.jpg

    …
    …ටෝලා එකක් ග්‍රෑම් 11.66ක් හෝ ට්‍රෝයි අවුන්ස 0.375ක් විදියට බෙදෙනව. මේ ටෝලා 10 රත්තරන් බාර් එක පිරිසිදු රත්තරන් ග්‍රෑම් 116.6කින් එහෙමත් නැතිනම් රත්තරන් අවුන්ස 3.750ක් සමන්විත වෙනව. ප්‍රසිද්ධ ටෝලා බාර් එක ටෝලා 10 තමයි. වෙලඳපොලේ ටෝලා 1,3,5 සහ ටෝලා 10 බිස්කට් අපිට මිලදී ගන්න පුළුවන්. මෙය නිපදවා ඇත්තේ ඩුබායි ආයතනයක් වන Emirates Gold ආයතනය විසින්. එක්සත් අරාබි එමීරයේ, ඩුබායි නගරයේ විශාලතම රත්තරන් අපනයනය කරන මෙම සමාගම දැනට අවුරුදු 15කට කලින් පිහිටවූවක්.


    …ටෝලා 10
    …
    10-tola-gold-bar.jpg


    …මේක තමයි සුප්‍රසිද්ධ ටෝලා 10යේ බිස්කට් එක එහෙමත් නැතිනම් රත්තරන් බාර් එක. මෙය ග්‍රෑම් 116.6ක බරකින් සහ පිරිසිදු රත්තරන් අවුන්ස 3.750ක් අඩංගු වෙනව. 1847දී Friedrich Ernst Roessler මහතා විසින් ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයෙන් සොයාගත් Degussa සමාගමේ නිෂ්පාදනයක් වන මෙය නිපදවා ඇත්තේ එම සමාගමේ සිංගප්පූරු ශාඛාවේදීයි. Degussa යන නමේ තේරුම ඔවුන් සඳහන් කර ඇත්තේ “Deutsche Gold- und Silber-Scheideanstalt” (German Gold and Silver Separation Factory) මෙලෙසයි. 2006 සිට මෙම සමාගම අයත් වෙන්නේ ජර්මනියේ Evonik Industries AG සමාගමටයි.

    …
    …ටයේල් 5
    5-tael-gold-bar.jpg


    …දකුණු ආසියාවේ භාවිතාවූ මෙම මිනුම් ඒකකය බොහෝ භාවිතා කරන්නෙ චීන ජාතිකයන් ඔවුන්ගේ මුදල් සහ බර ගනුදෙනු සඳහා.. මෙම ටයේල මිනුම් ඒකකය බර කිරීමේදී එක හා සමාන නොවුනත් රත්තරන් බාර් වල කිරුම් මැණුම් වලදී ටයේල එකකට රත්තරන් අවුන්ස 1.2ක් අඩංගු වේ. මෙම පිංතූරයේ දක්වා ඇති ටයේල 5 රත්තරන් බාර් එක අවුන්ස 6කින් එහෙමත් නැතිනම් බර ග්‍රෑම් 187කින් සමන්විත වේ.
    …
    …
    …ඉවරා....යි.... :P:P:P:P
    …
    …
    …
    …බොහෝ දෙනා අහල තිබ්බ ප්‍රශ්නයක් තමයි මේව කොහෙන්ද ගන්න තියෙන්නෙ කියල, මේව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මිලදීගන්න පුළුවන්. හැබැයි ගත්ත කියල ගෙදර තියාගන්න එක නුවණට හුරු නෑ. ලංකාවෙ හොරු නෑ නෙ. :rolleyes::rolleyes::rolleyes: නේද.? ඉතින් කරන්න තියෙන්නෙ බැංකුවකින් safety depository එකක් අරගෙන ඒකෙ මේව සුරක්ෂිතව තියන එක තමයි.
    …
    …සම්පත් බැංකුවෙ Set Plus ගිණුමක් හදල ඒකෙ ඕව තැන්පත් කරල තියන්න පුලුවන් කියල කියනව ඒගොල්ලන්ගෙ වෙබ් පිටුවෙ. ඒකෙදි ඒගොල්ලො කරනව කියන්නෙ ඒ රත්තරන් වල වටිනාකමට හරියන්න ගිණුමක් හදල ඒ ගිණුමෙන් set atm card එකක් දෙන එකයි. කාඩ් එක දෙන එකේ තේරුම විදියට ඒගොල්ලො සඳහන් කරල තියෙන්නෙ හදිසියකදී මුදල් ගන්න ඒක දෙන්නෙ කියල. මගෙ මතේ හැටියටනම් ඒක එච්චර හොඳ දෙයක් නෙමේ. එතකොට අපිට ඒ සල්ලිත් වියදම් වෙනවනෙ අතේ සල්ලි නැති වෙලාවට. ඉතින් ඔක්කොම සල්ලි ඉවරවුනා කියන්නෙ අපේ රත්තරන් අපිට නැතිවුනා කියන එක තමයි. ඒ කියන්නෙ ආයෝජනයෙන් ප්‍රතිලාභයක් නෑ කියන එකයි. මමනම් ඔය කාඩ් එකේ වැඩේ අනුමත කරන්නෙ නෑ.
    …safety depository එකේ ගාන නම් මම දන්නෙ නෑ.. කවුරුහරි අහල බලල දැම්මනං සම්පත් බැංකුවෙන්..
    …
    …තව දෙයක්, රට ඉන්න කට්ටියට කැරට් 24 රත්තරන් බිස්කට් 2ක් ගේන්න පුලුවන් කියල මම රේගු දෙපාර්තුමේන්තුවෙන් අහපුවම කිව්ව.:yes::yes: ඒත් ග්‍රෑම් ගාන කිව්වෙ නෑ හරියටම කීයද කියල.. ටැලිපෝනයෙන් කතාකරපු ඒ ලමය ඒව ගැන ඒ තරම් දන්නෙ නැති පාටයි. :rolleyes::rolleyes::rofl: කොහොමහරි.. කවුරුහරි ඒ ගැනත් අහල කිව්වනම් අපේ රට ඉන්න යාලුවොන්ට ගොඩක් වැදගත් වෙයි.
    …නැත්තන් වැඩිය රත්තරන් ගෙනල්ල ප්‍රශ්න දාගන්න තමයි වෙන්නෙ..එක්කො රත්තරන් ටික රාජසන්තක කරයි.. :no::no:ඊට පස්සෙ වෙන දේ ඉතින් දන්නෙ රේගු දෙපාර්තුමේන්තුවෙ අයම තමයි.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    …

    …මෙන්න මෙයාගෙන් තමයි අහන්න ඕන රේගු දෙපාර්තුමේන්තුවෙ..
    …
    …රේගු දෙපාර්තුමේන්තුව
    රේගු නිවස,
    ටයිම්ස් ගොඩනැගිල්ල,
    බ්‍රිස්ටල් වීදිය,
    කොළඹ 01.

    සී. වික්‍රමනායක මහතා
    දුරකථන:+94-11-2470945 to +94-11-2470948
    ෆැක්ස් අංක:+94-11-2446364
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.customs.gov.lk
    …
    …
    …
    …
    …මෙහි අඩංගු කිසිඳු විස්තරයක් වෙනත් බ්ලොගයකින් උපුටාගත් දෙයක් නොවන බව කරුනාවෙන් සලකන්න.:nerd::nerd::D

    …මා හට රෙප් වලින් සලකන අයට රෙප් වලින් (7+) ප්‍රතිඋපකාර කරනු ලැබේ.කලින් අය දන්නව ඇති නෙ මම කලගුණ සලකන පුද්ගලයෙක් බව.. :P:P:P

    එහෙනම් තවත් හොඳ ත්‍රෙඩ් එකකින් හමුවෙමු. :yes::yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    Gold.png


    gold2.png


    මේව ගන්න පුලුවන් ඕනෙ තරම් හෙට්ටිවීදියෙන්.. මේ තියන එක ලක්ෂ 8++ උනා මීට මාස 6කට විතර කලින්..
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Gold.png


    gold2.png


    මේව ගන්න පුලුවන් ඕනෙ තරම් හෙට්ටිවීදියෙන්.. මේ තියන එක ලක්ෂ 8++ උනා මීට මාස 6කට විතර කලින්..

    oya tiyenne valcambi brand eka.. oka investment grade gold bar ekak machan.tawa aurudu 2kin wage okata wiyadam kala ganata hariyanna ganak ubata ganna puluwan.elas.thanks for the comment with pics :P:P:P:P:rofl::rofl: